Wednesday, 7 September 2022

සෙනෙවිරත්න වලව්ව , බූස්ස

 










දේව නදෝරිස් ද සිල්වා සෙනෙවිරත්න රාළහාමී විසූ ප්‍රතාපවත් නිවහන බූස්ස මහා ගෙදර  

" සෙනෙවිරත්න වලව්ව " 

මනරම් දර්ශනීය මන්දිරයක් ලෙස මෙම නිවස ඉදිකරන ලද්දේ බූස්ස වැල්ලබඩ පත්තුවේ 19 වන සියවසේ විසූ සිරිලක මහා ධනවතෙකු වූ සෙනෙවිරත්න රාලහාමි විසිනි .ඔහු ලංකාවේ ප්‍රධාන අපනයන කරුවෙකු ලෙස කටයුතු කර තිබේ එතුමා සතුවූ දේපළ අතර කොලඹ නාගරික නිවාස ,මිණිරන් ගබඩා සහ ගාල්ලේ පොල්, කුරුඳු , රබර් වතු සහ මිනිරන් පතල්ද විය .මෙම පරපුර ශ්‍රිමත් අර්නස්ට් ද සිල්වා මහතාගේ පරපුරේ ඥාතින් වෙයි .සෙනෙවිරත්න රාලහාමි පාරම්පරික ඉඩම් හිමියකු ලෙස ප්‍රදේශයේ සමාජ සත්කාර කටයුතු වලදි අනුග්‍රහය දක්වා ඇති අතර බූස්ස මහා විදුහල එතුමා විසින් ගොඩ නගා තිබේ .විශිෂ්ට දේශපාලනයකු වූ එම් ජී මෙන්දිස් මහතා මෙම පරපුර නියෝජනය කරමින් මෙම නිවසේ දිවි ගෙවන ලදි බූස්ස ගාලු කොලඹ මාර්ග අසල මෙම මනස්කාන්ත මන්දිරය දැක ගත හැක .ටෙලිනාට්‍ය හා සිනමා රූගත කිරිම් මෙහි සිදු කර තිබේ. ඒ අතර ගිරිකුල, ධවල භීෂණය වැනි බොහෝ ටෙලිනාට්‍ය චිත්‍රපටද වේ. බූස්ස වැල්ලබඩ මහගෙදර මෙම වලව්ව කා අතරත් ප්‍රසිධ වී පවතින්නේ "ධවල රැජිණ" යන අන්වර්ත නාමයෙනි.

තොරතුරු සහ ඡායාරූප වලව්ව පිටුවෙනි.

ක්‍රි.ව 1850 දසනායක වලව්ව , කොස්ගොඩ

 





ක්‍රි.ව 1850 කුරුඳු තිත්පොලක් බවට පත්වූ "වලිමුණි දොන් පේලිස් මෙන්ඩිස් විජයගුණරත්න දසනායක" මුදලිවරයාගේ නිවහන කොස්ගොඩ දසනායක_වලව්ව

සලාගම කුලයට අයත් පැරණි වලව්වකි.

අද වර්තමානයේ කුරුඳු නිෂ්පාදනාගාරයක් ලෙසින් (DWP) පවත්වාගෙන යයි..


දකුණේ කුරුඳුකර්මාන්තයේ පුරෝගාමීන් ..🔥


කොස්ගොඩ දසනායක වලව්ව වැවිලි සමාගමේ හිමිකරු සහ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ දිවංගත ගණකාධිකාරී ඒ.ඩී සරෝජිත් සහ කේ. ද සොයිසා පිළිවෙලින් ශ්‍රී ලංකාවේ කුරුඳු කර්මාන්තයේ පුරෝගාමීන් දෙදෙනෙකි.


අභාවප්‍රාප්ත සරෝජිත් කේ ද සොයිසා මහතාගේ වතු කළමනාකරණය යටතේ පුහුණුව ලැබූ අය ද පසුකාලීනව කුරුඳු කර්මාන්තය නඟා සිටුවීමට මහත් වෙහෙසක් ගත් අය අතර වූහ.


විජිත් කේ ද සොයිසා සිය මුතුන් මිත්තන්ගේ උරුමය ගෙන යන දසනායක වලව්ව වතුයායේ සිව්වන පරම්පරාවේ හිමිකරුවෙක් වන අතර කුරුඳු වගාව, කුරුඳු තවාන් සකස් කිරීම, වගා කිරීම ආදී සෑම අංශයකින්ම නවෝත්පාදන රැසක් හඳුන්වා දෙමින් කුරුඳු නිෂ්පාදනවල ගුණාත්මක බව ඉහළ නැංවීමට තම ජීවිතය කැප කළේය. සහ කුරුඳු නිෂ්පාදන සකස් කිරීමේ සනීපාරක්ෂක ක්රම.


ඔහු කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වසර 37ක පළපුරුද්දක් ඇති ඔහු කුරුඳු කර්මාන්තයේ සෑම අදියරක්ම ඉස්මතු කරන කෘතියක සම්පාදනය කර ඇත.


දසනායක වලව්වේ කුරුඳු වගාව 🔥...

 

අතීතයේ සාම්ප්‍රදායික චාරිත්‍රය වූයේ කුරුඳු පොතු ලෙලි ගැසීම වන අතර මෙම ක්‍රමය තවමත් රටේ ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රියාත්මක වේ. නමුත් වර්තමානයේ මෙම ක්‍රමය නවීකරණය වී ඇති අතර කුරුඳු ලෙලි දැමීම ඇතුළු සෑම අදියරකදීම නිෂ්පාදනවල සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය පවත්වා ගැනීම සඳහා විශේෂයෙන් සාදන ලද මේස මත සිදු කෙරේ.


ශ්‍රී ලංකාවේ පාරම්පරිකව කුරුඳු 'පැනි මිරිස් කුරුඳු', 'පණිරස කුරුඳු', 'සෙවල කුරුඳු', 'කහට කුරුඳු', 'තිත්ත කුරුඳු' වැනි ප්‍රභේද පහකට අයත් බව හඳුනාගෙන ඇත.


මෙම නව ක්‍රමය පරිවර්තනය කර හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ වසර ගණනාවක් පුරා වෙහෙස මහන්සි වී පර්යේෂණ කළ විජිත් ද සොයිසා මහතාටය.


තේ, පොල් සහ රබර් වගාකරුවන් හා සසඳන විට කුරුඳු වගා කරන්නන් ඔවුන්ගේ වැඩ සහතික කර නොමැති බව ඔහු පැවසීය.


2005 දී දසනායක වලව්ව කුරුඳු සැකසුම් කර්මාන්ත ශාලාව 2006 HACCP හි ප්‍රමිතිකරණය සඳහා GMP ජාත්‍යන්තර සහතිකය, 2011 දී ISO ප්‍රමිතියක් සහ 2014 දී FSSC 22000 ලබා ගත්හ.


දසනායක වලව්ව හා සමාන කුරුඳු කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යාම ඉතා මිල අධික බවත් මේ වන විට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් සහතික ලත් කර්මාන්ත ශාලා 10 - 12 කට ආසන්න ප්‍රමාණයක් දකුණු පළාතේ තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. තවත් කරුණක් වූයේ ජාත්‍යන්තර ප්‍රමිතියට නිෂ්පාදනය කරන කුරුඳු සඳහා වන මිල සහ සාම්ප්‍රදායික ගෝනි බෑගයේ නිෂ්පාදනය කරන කුරුඳු නිෂ්පාදනවල මිල සමාන වීමයි.


තවද, කුරුඳු කම්හල්වල සේවයේ නියුතු ඇතැම් කම්කරුවන්, ගෙවනු ලබන වැටුප් ද සමාන බැවින් සහතික කළ කර්මාන්තශාලාවල සේවය කිරීමට මැලිකමක් දක්වන බව ඔහු පැවසීය. මේ හේතූන් නිසා ඇතැම් කර්මාන්ත ශාලා හිමියන්ට තම කම්හල් නඩත්තු කිරීමට අපහසු වී ඇත. මේ තත්ත්වය වැඩිදියුණු කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය වැනි අදාළ බලධාරීන් මෙතෙක් ඵලදායි පියවර ගෙන නැහැ.

 

දිවයිනේ කුරුඳු වගා කරන ප්‍රධාන දිස්ත්‍රික්ක වන්නේ ගාල්ල, මාතර සහ කලතුරයි. මීට අමතරව, ගාල්ල දිස්ත්‍රික්කයේ අඹන්ගොඩ, කරන්දෙණිය, ඌරගහ, බටපොල, මීටියාගොඩ යන ප්‍රදේශවලද හොඳම තත්ත්වයේ කුරුඳු නිෂ්පාදනය කරන ප්‍රදේශ වේ.


නවතම සංඛ්‍යාලේඛනවලට අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 10,644ක්, මාතර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 7,926ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 2,313ක්, කළුතර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 2,633ක් කුරුඳු වගා කෙරේ.

 

අතීතයේ කුරුඳු සෑම විටම ගෘහ කර්මාන්තයක් ලෙස සලකනු ලැබූ අතර කුරුඳු කර්මාන්තයේ නියැලී සිටින අයගේ ගුණාත්මකභාවය සහ ඒකාකාරිත්වය වැඩිදියුණු කිරීම කෙරෙහි අඩු අවධානයක් යොමු විය.


නමුත් දැන් ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ එය ලෝකයේ හොඳම කුරුඳු නිෂ්පාදනය දිගටම කරගෙන යාමට රජයේ සහයෝගය අවශ්‍ය නීත්‍යානුකූල කර්මාන්තයක් ලෙස අවසාන වශයෙන් පිළිගැනීමටය. 


දසනායක වලව්වේ කුරුඳු වගාබිම පිලිබඳ විස්තර මෙතනින් 


https://www.facebook.com/165727733771674/posts/1533082067036227/?app=fbl

සටහන් තැබීම :- එච්. අනුරූ ද සිල්වා

අමරපුර නිකාය බිහි වූ වලව්ව


 

අමරපුර නිකාය බිහිවූ බලපිටිය අම්බරුක්ඛාරාමය හෙවත් අඹගහපිටිය වලව්ව  ... ........... ..................................


කතරගම යන අතරමඟ කොළඹ සිට ගාල්ල බලා මුහුදුබඩ මාර්ගය ඔස්සේ යද්දී ගාලු - කොළඹ පාරේ හතළිස් අට වැනි (48) සැතපුම් කණුව අසලින් ගොඩකරයට විහිදෙන මංපෙතක් දිස්වෙයි. එය දිවෙනුයේ ඓතිහාසික වැලිතොට හෙවත් බළපිටිය පෙදෙසේ අඹගහපිටිය ගම්වරයේ අම්බරුක්ඛාරාම මූල මහා විහාරය වෙතටය.

අම්බරුක්කාරාම මූල මහා විහාරය හෙවත් පුරාණ අඹගහපිටිය වලව්ව ගැන මෙතනින් කියවන්න .


https://m.facebook.com/story.php?story_fbid=484507929812760&id=100047606710994


සිරිලක භික්ෂුන් වහන්සේ ෙදාළොස් දහසක් (12,000) අයත්ව සිටින පාර්ශ්ව විසි එකකින් (21) සමන්විත අමරපුර මහා නිකාය ඇරැඹුණේ එකී ඓතිහාසික පුණ්යභූමිය ඇසුරෙනි.

කලක් ගණින්නාන්සේට නිවාසී වූ ඒ බිම්කඩ ලක්දිව අමරපුර මහා නිකායේ සමාරම්භකයාණන් වහන්සේ වූ අතිපූජ්ය වැලිතොට ශ්රී ඤාණවිමලතිස්ස මහා නායක මහ තෙරුන් වැඩ විසූ පින්කෙත වන්නේය. එ මතු නොව වැඳපුදාගත යුතු විහාරාංගයන්ගෙන්ද දැක බලාගත යුතු දුලබ වස්තූන්ගෙන්ද අධ්යයනය කළයුතු ශාස්ත්රීය ග්රන්ථ, පුස්කොළ පොත්, පුවත්පත් සඟරා ආදියෙන්ද සමන්විත අඹගහපිටියේ අම්බරුක්ඛාරාම මූල මහා විහාරය මාදු ගංගා නිම්න ශිෂ්ටාචාරයේ මහරු සම්පත් නිදහනකි. ප්රකාශයට පැමිණවිය යුතු අප්රකට අත්ලිපි දහස් ගණනකින් පරිමිත අම්බරුක්ඛාරාම පුස්තකාලය විද්යාර්ථීන්ට මෙන්ම ශාස්ත්රීය පර්යේෂකයන්ට නිසි පරිදි නෙතු නොගැටි පර්යේෂණාගාරයකි. අධ්යයන භූමියකි.

බෞද්ධ පුනරුදය උදාවීමට කලින් දකුණු සිරිලක ගාලු දිස්ත්රික්කයේ පහළ වූ විහාරාරාම අතර අඹගහපිටියේ පන්සලට හිමිවන්නේ නොදෙවැනි තැනකි. එහි ඉතිහාසය කිතුවසින් 1750 පමණ අෑතට විහිද යයි. දැනට අඹගහපිටිය මූල මහා විහාරස්ථානය නමින් හඳුන්වනු ලබන පුණ්යභූමිය වර්ධනය වූයේ ඉතා කුඩා බිම් පෙදෙසක අඹගහක් මුල ඇරැඹුණු පුංචි ආවාසයක් පදනම් කොටගෙනය. මෙහි පළමුවෙන්ම වැඩ වාසය කළේ සිරිඅප්පු ගණින්නාන්සේ නමින් හැඳින්වෙන සිල්වතෙකි. එම සිල්වතාණන් මහනුවර පිණ්ඩපාතික අසරණ සරණ වැලිවිට ශ්රී සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේගේ සිල්වත් සමාගම සමඟ සම්බන්ධකම් පැවැත්වූ සාමණේර හිමි නමකි. මෙම සිල්වතාණන් හට සමකාලීනව සිල්වත් සමාගමේ තවත් සාමණේර හිමි නමක් වැලිතොට ප්රදේශයෙහි පැවිදි වත් සපුරමින් ආගමික ජීවිතයක් ගතකළ බව වාර්තාගතය. එම සිල්වතාණෝ කිරිඅප්පු ගණින්නැහේ නමින් හැඳින්වෙති. එම සිල්වතාණන් පාතේගම පන්සලේ වාසය කළ බව කියති.

ලක්දිව අමරපුර මහා නිකායේ සමාරම්භක මහානායක මහ තෙරුන් වහන්සේ වූ මහකරාවේ විමලඤාණතිස්ස මහ නාහිමියන් පරිහරණය කළ උපසම්පදා සිවුරත් බුරුම රජතුමා පූජා කළ රිදී කෙණ්ඩියත්, සපු මලත්, භාවනානුයෝගී බුරුම භික්ෂුන් භාවිත කරන අමුතු මාදිලියේ කොට්ටයත් අඹගහපිටි මූල මහා විහාරයේදී දැකගත හැකිය. ඉතා දුර්ලභ වස්තුවක් සේ සැලකෙන කඟවේණාගේ අං (අඟ) එහිදී දැකගැනීමට පිළිවන.

අඹගහපිටිය මූල මහා විහාරයේ ත්රිපිටකයේ භාෂා අටකින් කළ පරිවර්තන ග්රන්ථ තැන්පත්ව ඇත. පෙරපර දෙදිග ගිහි පැවිදි පඩිවරුන් හා නායකයන්ගේ ඓතිහාසික අත්ලිපි දහසක පමණ දුලබ එකතුවක්ද වෙයි. පැරැණි පුවත්පත් එකතුව දෙවැනි වන්නේ රාජ්ය ලේඛනාගාරයට පමණි. ලක්දිව සංස්කෘත භාෂා සාහිත්ය පෝෂණයෙහි ලා ෙදාඩන්දුවේ යති පරපුර ප්රාමාණික වූයේ යම් සේද එසේම ලක්දිව පාලි භාෂා සාහිත්ය විෂයයෙහි අඹගහපිටිය මූල මහා විහාරයේ ගිහි පැවිදි වියත් ප¾ඩි පරපුර ප්රාමාණික වූහ.

ඓතිහාසික වැලිතොට හෙවත් වත්මන් බළපිටියේ අඹගහපිටිය මූල මහා විහාරය (අම්බරුක්ඛාරාමය) ලක්දිව සංස්කෘතික ජීවිතයේ අප්රකට මහා ස්මාරකයකි.

 

විශේෂ ස්තුතිය- ප්‍රභාත් ඉන්දික සහෝදරයා වෙත.......

බස්නායක වලව්ව , බලපිටිය



 

ලංකාවේ ප්‍රථම සිංහල ශබ්ද කෝෂය ආරම්භ කිරීමට මුල්වූ .....

" තිරිමාදුර ඒබ්‍රහම් මෙන්ඩිස් ගුණසේකර විජය ශ්‍රී වර්ධන බස්නායක " මහමුදලිතුමා  

ප්‍රථම සිංහල ශබ්ද කෝෂයේ මුල් පිටපතලොවෙහි යම් භාෂාවක්‌ සඳහා නව වචන නිර්මාණය කර එක්‌කිරීම අවශ්‍යතාව මත සිදුවීම සාමාන්‍ය සිරිතයි. නමුත් භාෂාවක්‌ සඳහා අභිනවයෙන් වෙනත් අක්‌ෂර නිර්මාණයන් එක්‌කිරීම සිදුවන්නේ නැත. නමුත් සිංහල භාෂාවේ "F" ශබ්දය නැගීමට අක්‌ෂරය නොමැතිවූ නිසා ඒ සඳහා යොදා ගත්තේ සිංහල බසේ "ප" අකුර මත ඉංගී්‍රසි බසේ "F" අකුර රඳවා සකසා ගත් ද්විභාෂා අක්‌ෂර එකතුවක්‌ ලෙස "ෆ" අකුර යොදා ගැනීමයි මෙය විදුහුරු ක්‍රියාවක්‌ නොවන නිසා ඒ සඳහා සුදුසු අක්‌ෂරයක්‌ හඳුන්වා දීම සිදුවූයේ මීට වසර 114 ක්‌ ගෙවුණු වර්ෂ 1896 දෙසැම්බර් මාසයේදීය. ඒ සඳහා ක්‍රියා කළේ බළපිටිය බස්‌නායක වලව්වේ වාසය කළ 

" තිරිමාදුර ඒබ්‍රහම් මැන්දිස්‌ ගුණසේකර විජය ශ්‍රී වර්ධන " මහා මුදලි තුමන්ය. 

ජර්මන් ජාතිකයකු වූ විල්හෙල්ම් ගෛගර් පඬිවරයා විසින් මැන්දිස්‌ ගුණසේකර මහතා පිළිබඳ 1897 දී ඔහු විසින් ලියන ලද මාලදිවයින පිළිබඳ ග්‍රන්ථයේ ගෛගර් මෙසේ පවසයි. "ලංකාවේ පමණක්‌ නොව යුරෝපයේවත් භාෂාවන් පිළිබඳ ඒ මැන්දිස්‌ ගුණසේකර මුදලිතුමා තරම් පටුතර බුද්ධිමත් පුද්ගලයෙක්‌ සොයා ගැනීම දුෂ්කරය" යනුවෙනි. මෙවැනි විශාරද භාෂා උගතකු බුද්ධිමතකු වියතකු කීර්මත් මුදලිවරයකු වූ මැන්දිස්‌ ගුණසේකර මහතා වර්ෂ 1860 ජුනි මස 14 වැනි දින එනම් මීට වසර 150 කට ඉහතදී දකුණු සිරිලක ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ බළපිටිය ප්‍රදේශයේදී උපත ලැබුවේය. මෙතුමා කුඩා කල හඳුන්වන ලද්දේ ඒ බ්‍රහම් මැන්දිස්‌ ගුණසේකර යනුවෙනි. දෙමාපියන් වූයේ බළපිටිය බස්‌නායක වලව්වේ විසූ " තිරිමාදුර බස්‌තියන් මැන්දිස්‌ ගුණසේකර විජය ශ්‍රී වර්ධන බස්නායක " මහා මුදලිතුමන් සහ ගරුමුණි අසේයා ද සොයිසා මාතාවයි. 


මෙලෙස සිංහල ශබ්ද කෝෂය ආරම්භ කිරීමට මුල්වූ ගුණසේකර මුදලිතුමා අප රටේ ප්‍රථම ඉංගී්‍රසි - සිංහල හා සිංහල - ඉංගී්‍රසි ශබ්ද කෝෂ දෙකෙහි ආදි කර්තෘවරයා බව දන්නේ කීයෙන් කී දෙනකුද? ????


ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉංගී්‍රසි - සිංහල ශබ්දකෝෂය ලියා මීට වසර එකසිය පහකට පෙර 1905 දී මුද්‍රණයෙන් එළිදක්‌වන ලද මෙතුමා 1915 දී වචන විසිදහසක පමණ එකතුවක්‌ ඇති සිංහල - ඉංගී්‍රසි ශබ්දකෝෂයක්‌ ලියා පළ කළේය. 

මහාවංශයේ සඳහන් වන සියලු රජවරුන් පිළිබඳ කවි දහසක්‌ පමණ ලියා වරින්වර සිය ඥනාදර්ශ සඟරාවේ පළ කළ අතර අරාබි නිසොල්ලාසය ප්‍රථමයෙන්ම සිංහලයට පරිවර්තනය කිරීමේ මෙහෙවර මෙතුමා විසින් සිදුකරන ලදී. 

හැඳින්වීමෙන් මහ ගත්කරු නාමයක්‌ නොතිබුණද ජාතියේ ශ්‍රේෂ්ඨ පඬිවරයකු වූ තිරිමාදුර ඒබ්‍රහම් මැන්දිස්‌ ගුණසේකර විජය ශ්‍රී වර්ධන වාසල මුදලිතුමන් මීට වසර අසූවකට පමණ පෙර 1931 පෙබරවාරි 09 වැනි දින බළපිටියේ වාසළ වලව්වේදී වසර හැත්තෑ එකක දිවිමග අවසන් කොට ජීවිතයෙන් සමුගත්හ. සිංහල හෝඩිය පවතින තුරු එය භාවිත කරන තුරු නොමැරෙන අමරණීය නාමයක්‌ හිමිකරගෙන උගත් ලෝකයාගේ ගෞරවයට කීර්තියට පත් මේ විද්වතාණන් පිළිබඳව එතුමිගේ ශ්‍රී නාමයට අපෙන් හිමිවිය යුතු තැන තවමත් නොලැබී ඇති බව කනගාටුවෙන් සඳහන් කරමි. එතුමා වෙනුවෙන් සමරු මුද්දරයක්‌, නිකුත් කිරීමටවත්, මාවතක්‌ නම් කිරීමටවත් වගකිව යුතු අංශ අද වනතුරු පියවරක්‌ නොගෙන ඇත. මෙවැනි පඬිවරයකු වෙනත් රටක සිටියානම් ඔහු සිටි නිවෙස පවා ගෞරවයට පාත්‍රවන ජාතිය විසින් සුරකින ස්‌මාරක වනු ඇත. සිරිමා බෝධිය ලක්‌දිවට වැඩම කරවූ නැවේ අබලන් වූ කොටස්‌ අනුරාධපුරයට ගෙනවුත් සංරක්‌ෂණය කර මහජන ප්‍රදර්ශනයට තබා ලොව ප්‍රථම කෞතුකාගාරයකට අඩිතාලම දැමූ අපේ සිංහල ජාතිය රාජ්‍ය පාලනයේ වගකිව යුතු අංශ මෙලෙස මෙවන් ජාතියේ විරුවන් අමතක කිරීම අභාග්‍යයකි.


සටහන - {www.fb.com/Prabath Indika}

Admin - සුන්දර බළපිටිය


සංස්කරණය - එච්. අනුරූ ද සිල්වා

Monday, 5 September 2022

එදිරිසිංහ වලව්ව , පාතේගම

 





" නම්මුණි බාර්නිස් ද සිල්වා විජය කුලතිලක එදිරිසිංහ " මුහන්දිරම් තුමා විසූ අහුංගල්ල පාතේගම එදිරිසිංහ වලව්ව 

සලාගම කුලයට අයත් පැරණි වලව්වකි.

✍️ පාලි භාෂා චක්‍රවර්තී ශාස්ත්‍රපති බලපිටිය වැලිතර යු.ඒ.ඥනතිලක මහා නාහිමියන් ..

කවර රටක වුවද කවර ජාතියකවුද අභිත විරෝදාර ස්වභාව සම්පන්න  ශ්‍රේෂ්ඨ  පුරුෂ යෝ උපදිති එයිතිහාසික බලපිටිය ප්‍රසිද්ධ  වාලුකාතීර්ත (වැලිතර) ග්‍රාමයේ  ක්‍රිස්තු වර්ෂ 1858 දි ජන්මලාභය ලද වැලිතර යු.ඒ.ඥනතිලක මහා නායක මහා නාහිමියන් ද එබදු ගුණයෙන් හෙබි සංඝ පීතෘවරයානන් වහන්සේ නමකි. බලපිටිය වැලිතර විසු ජනනායකයෙකුවූද ධනකුවෙරයකවූද එදිරිසිංහ වලව්වේ " නම්මුනි බාර්නිස් ද සිල්වා විජයකුලතිලක එදිරිසිංහ  මුහන්දිරම් " රාලහාමි  සහ සේනාපති අවිහාමි ද සිල්වා  හාමිනේ යථොක්ත මහා නායක නාහිමියන් ගේ  දෙමාපියන් වුහ. වර්ශ 1871 දි ලක්දිව පඬිරුවනක්වු  අමරපුර ගනපාමොක්ඛාචාර්ය අරියවංශාලංකාර ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය` වැලිතොට අම්බරුක්කාරාම මුල මහා විහාරයාදිපති අමරපුර මුලවංසනිකායේ මහා නායක වැලිතර විමලසාර තිස්ස මහා නායක  මහා නාහිමියන් විසින්  සසුන් ගතවුයේ  වැලිතර ඥනතිලක යනුවෙනි. ඥනතිලක  සාමනේරයන් පාලි සංස්කෘත පිලිබද ඉගෙනුම ලාබාගත්හ.  මුන්වහන්සේ වයස අවුරුදු 23 දි ස්වකීය විහාරස්ථානයේ  විජ්ජොභාස විජ්ජාමන්දිරනම් පිරිවෙනක් ආරම්භ කර ප්‍රාචීන සංස්කෘත පාලි භාශාවලින් පිරිවෙනේ මුලික අද්‍යපනය කලහ .එවකට දකුණු සිරි ලක අග්‍රගණයේ පිරිවෙනක් විය.

බුරුම රට රක්බ්ඩ්ග ජනපදයේ  හෙන්සාඩා රාජධානියට ආසන්න ආරණ්‍යවාසී මහින්දපරම්පරානුගත මහා විහාර වංශික  භික්ෂූන් සත්දසකට සංඝරාජවු රාජාධිරාජගුරු 

උක්කංවංශමාල  මහා නාහිමියන් ප්‍රමුඛ තෙලසක් පමන බුරුම මහා සංඝයා ඉදිරියේ දි එයිතිහාසික බලපිටිය වැලිතර මාදුගඟ නදියේ  වැලිතර ඥණතිලක මහා නාහිමියන් ප්‍රමුඛ පස්නමක් අදශීල සංඛ්‍යාත ශ්‍රද්ධාපසම්පත්තිය ලාබාගන "අමරපුර චුලගන්ටික "නමින් භික්ෂු පරපුරක් වර්ශ 1886 දි ස්තාපිත කර එහි ප්‍රථම මහා නායක පදවියට උන්වහන්සේ පත්විය.


අධ්‍යාපනික, ලේඛක, කවිෂ්වර යන පාණ්ඩිත්‍ය ත‍්‍රිලක්‍ෂණයෙන් සමලංකෘත මහා ප‍්‍රාඥයෝ කලාතුරකින් ම පහළ වන්නාහ. විසිවන සියවසේ පහළ වූ එක ම අසහාය මහා ප‍්‍රාඥයා ලෙස අමරපුර චූලඝණ්ඨි නිකායාධිකර්තෘභූත පාළි මහා චක‍්‍රවර්තී යන රාජදත්තිය නාමෝපලක්‍ෂිත ඒ.යූ.ඒ ඥානතිලක ස්‍යාමරාජ පූජිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බව අවිවාදනේ සියලූ උගත්හු පිළිගත් හ. පාළි, සිංහල, සකු, ගාථා, කවි, සොලෝ එකවර දෙසියයක් පමණ ලිවීමේ හැකියාවකින් යුක්ත වූ මාහිමියෝ අපූර්ව වාග් ශක්තියකින් ද යුක්ත වූ සේක. උන්වහන්සේ විදේශීය රජුන්ගෙන් ලැබූ උක්කට්ඨමහා තිස්ස, හිස්හොලිනස් ආදි ගෞරව නාම ලැබීමට එතෙක් මෙතක් සුදුස්සකු පහළ නො වූහ. බුදුරජුන් ගේ භාෂාව යයි සලකා පාළියට පුදුම ආදරයක් මෙන් ම ගෞරවයක් ද දැක්වූ උන්වහන්සේ පාළි ව්‍යාකරණය ගැන පුදුම අයුරින් වෙහෙසුන සේක. එබැවින් මව්බස සේ ම පාළියෙහි පරප‍්‍රාප්ත වූ ඥාණතිලක ස්වාමීන්ද්‍රයෝ මව්බස හා පාළිය සමාන ව කථා කිරීමෙහි ද සමර්ථ වූහ.


උන්වහන්සේ ගේ පාළි ව්‍යාකරණ පටුත්වය ගැන දැන ගැනීමට එහිමියන් විසින් රචිත න්‍යාස, කාරිකා, නිරුත්තිරතනාකර, ගන්ධාභරණ, ඒකක්ඛරකෝස, වාචකෝපදේශාදී දේශ-දේශාන්තර පාළි ව්‍යාකරණ ග‍්‍රන්ථ 80 කට පමණ ලියූ විස්තර ව්‍යාක්‍යා ප‍්‍රමාණවත් ම ය. මාහිමියන් ගේ සාසනවංසදීප මහා කාව්‍ය (පාළිශාසන වෘත්තාන්ත – ගාථා 1672) විස්තර ව්‍යාක්‍යාවේ 13 වන ගාථාවට ලියූ විස්තරය පූර්වප‍්‍රකාර උගතුන්ගේ දුර්මත විදාරණය වීමට හේතුභූත වේ.


අරියවංශ ගෞරව උපාධිය ද "උක්කට්ඩ මහා තිස්ස "යන ගෞරව උපාධිය ද"අරියවංශාලංකාර"යන ගෞරව උපාධිය ද ලංකාණ්ඩුකාර සර් ජෝසප් වෙස්ට් රිජ්වේ  විසින් "අමරපුරගනප්පධාන සංඝ නායක   ගෞරව උපාධිය ද "හිස් හොලිනස්"යන රාජකිය ගෞරව උපාධිය සියම් රජතුමා විසින් ද ප්‍රධාන ය කර ගෞරව කලහ. උන්වහන්සේ ශ්‍රී ලංකද්විපයේම උගත් බුද්ධිමත් පඩිරුවනකි.  රාජසම්මානලත් ස්වකීය ධර්ම ශාස්ත්‍රය සම්බුද්ධ ශාසනයේ උන්නතියට විශාල කාර්‍යක් සිදුකල   වැලිතර පුශ්පාරාම පුරාන විහාරයාදිපති  අමරපුර චුලගන්ටික මහා නිකායේ ආදිකතෘ පන්ඩිත ගෞරව ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය ගනාචාරිය අතිගෞරවාර්ග  මහෝපාධ්‍ය ශිරෝමනි ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය`  වැලිතර යු.ඒ.ඥනතිලක මහා නාහිමියන් 1941 .5.21වැනි දිනක සියලු සංස්කාර ධර්ම අනිත්‍ය බව සනිටුහන් කරමින් අපවත්වී වදාළහ.


වැඩිදුර විස්තර සඳහා කියවන්න 👇


https://mahamegha.lk/2012/07/17/asapuwa/


එදා  සලාගම බ්‍රාහ්මණ වංශික වලව් වලින් මුදලි වරුන් තම දරුවන් සම්බුද්ධ ශාසනයේ සසුනට පුජාකලහ. ලංකාගොඩ රාජපක්ෂ මහා වලව්වෙන්ද , වැලිතොට එදිරිසිංහ මුහන්දිරම් වලව්වෙන්ද, මාදම්පාගම උරවත්තේ  රන්නුලු ලිවේරා වලව්වෙන්ද ඇතුලුව තවත් බ්‍රාහ්මණ වංශික වලව් වලින් සසුන් ගතවූ සම්බුද්ධ ශාසනයේ සසුන්ගතවූ ලංකාගොඩ සිරි ධීරානන්ද මහානයක මහා නාහිමියන්, වැලිතර  යු.ඒ.ඥනතිලක මහා නායක නාහිමියන්  මාදම්පාගම ධම්මතිලක මහා නායක මහා නාහිමියන්, රාජගුරු වැලිතර සිරි සුදර්ශන උප සංඝරාජ මහා නායක මහා නාහිමියන්  එයින්  ප්‍රධාන සංඝ පිතෘවරයානන් වහන්සේ ලා වෙයි. එපමණක් නොව,


බලපිටියේ මහා කප්පින වලව්ව, මාදම්පාගම ගල්දූවත්ත වලව්ව, දඩල්ල රාජපක්ෂ මහා වලව්ව, කොලඹ කුප්පියාවත්තේ ජයසේකර වලව්ව, මාදම්පාගම ලංකාගොඩ රාජපක්ෂ වලව්ව, බලපිටියේ අඹගහපිටිය වලව්ව ඇතුලු බොහෝ වලව් සලාගම බ්‍රහ්මණ වංශික ප්‍රභූවරු විසින් සම්බුද්ධ ශාසනයේ චිරස්තිතිය උදෙසා ශාසනයට පූජා කරන ලද වලව් අතර වේ. එසේ වලව්ව  පුජා කල අතර   වලව්වල කුල කුමරුවන්ද මුදලි වරුන්ද  සසුන් ගතවූහ.  මිගමුව කදිරාන උලුඅම්බලම් වත්ත වලව්වේ (ජයසිංහ වලව්වේ) වර්නකුල අල්බට් අරනස්ට් ජයසිංහ මුදලිතුමා ද සම්බුද්ධ ශාසනයේ සසුන්ගතවු සලාගම කුලයේ ප්‍රමුඛ මුදලි වරයෙකි. 


උඩරට පාරිශූද්ධ උභය කුල වලව් තුල රදල කුල කුමරුවන් සසුන්ගතවූ බවක් ඉතිහාසය අනුව පෙන්වා දීමට පුලුවන් කමක් තිබේ ද යන්න ප්‍රශ්නාවලියකි. කෙසේ නමුත් සලාගම බ්‍රාහ්මණ වංශික‍යන් සහ ඔවුන්ගේ වලව්, ඉතිහාසය තුල එම 'පරම ආදර්ශය' රටටම පෙන්වා දී ඇත.


සටහන :- එච්. අනුරූ ද සිල්වා

කරුණාකර උපුටා ගන්නේ නම් කතෘ අයිතිය සුරැකීමට කාරුණික වන්න. ස්තූතියි.

මහා මුදලි වලව්ව

 







" කලුහත් ආර්නොල්ඩස් ද ආබ්‍රේව් රාජපක්ෂ විජයශේඛර මහා මුදලිතුමා " විසින් සඟසතුකොට පූජාකල කොලඹ කුප්පියාවත්තේ  මහාමුදලි වලව්ව හෙවත් "ජයසේකර වලව්ව" සලාගම කුලයට අයත් පැරණි වලව්වකි.


කුප්පියාවත්තේ ජයසේකරාරාමය  ....


මරදාන නගරයට ආසන්නයේ (දෙමටගොඩ) පිහිටි මෙම පුදබිමේ ආරම්භය වර්ෂ 1823 දක්වා යයි. විහාරස්ථානය බවට පත්වීමට ප්‍රතම මෙය මහා මුදලි (ජයසේකර) වලව්වයි. එම වලව්වේ ඉතිහාසය වර්ෂ 1820 ටත් පෙර ඈතට යන්නකි.


ආවාස මන්දිරයක්, දර්ශනීය විහාරගෙයක් හා දේවාලයක්ද සහිත මෙම විහාරස්ථානය, 19 වැනි සියවස් අගභාගයේදී කොළඹ බෞද්ධාගමික පුනරුදයට විශාල මෙහෙවරක් ඉටු කළ සිද්ධස්ථානයකි. අද නවීකරණය වී ඇති මෙය කොළඹ “කුප්පියාවත්ත පන්සල“ නමින්ද ප්‍රසිද්ධය.


කොළඹ කුප්පියාවත්තේ ජයසේකර වලව්ව ✍️


කොළඹ මාළිගාකන්දේ පිහිටි මහ මුදලි වලව්වේ (වර්තමාන කුප්පියාවත්ත ජයශේකරාරාමය විහාරය) දිවි ගෙවූ " කලුහත් අද්‍රියන් ද ආබ්‍රේව් විජයගුණරත්න රාජපක්ෂ මහා මුදලිතුමාට කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය කුරුඳුවත්ත, බොරැල්ල සහ මරදාන යන ප්‍රදේශ  අයත් ව තිබූ අතර ඒවා ඔහුගේ කුරුඳු වගා කළ ඉඩම් ය. ඊට අමතරව ගල්කිස්සේ, ටෙම්ප්ලර්ස් පාරේ සිට වටරප්පල දක්වා කොටස එම මුදලිතුමන්ගේ කුරුඳු වගාවක් පිහිටා තිබූ විශාලත ම ඉඩම බව පැවසේ.


ජූරි සභාවක් සහිතව නඩු විසඳීමේ තනතුරට පත් වූ ප්‍රථම සිංහල විනිශ්චයකාර පදවිය හිමි වන්නේ ද මෙම මහමුදලිවරයාට වන අතර දොළොස් දෙනකුගෙන් යුත් ආරක්ෂක හමුදා ඛණ්ඩයක් මෙන් ම ආණ්ඩුකාරවරයා හැරුණ විට අශ්වයන් හතර දෙනකු බැඳි රියක් භාවිත කිරීමට එකල අවසර තිබුණේ ද ඔහුට පමණක් බව කියැවේ.


ලංකාවේ අවසන් රජු වූ ශ්‍රි වික්‍රම රාජසිංහ රජු සහ බිසවුන් දෙදෙනා ඉංග්‍රීසින්ගේ රැකවරණය යටතේ කොළඹ රඳවා සිටි කාලයේදී එම රාජකීයන් මුණගැසීමට අවස්ථාව මෙම මුදලිවරයාට පමණක් ලැබුණු අතර ඒ අනුව රජ පවුලට අවශ්‍ය  ආහාර වර්ග හා රෙදිපිළි සැපයීමටත් අවසරය හිමි ව තිබුණේ ඔහුට පමණි.


⚡ මෙම වලව්ව අයත් වී තිබුනේ ඔහුගේ සොහොයුරෙකු වන "කලුහත් ආර්නෝල්ඩස්

ද ආබ්‍රේව් රාජපක්ෂ විජයශේඛර මහා මුදලිවරයා" ට වන අතර ඔහුගේ බිරින්දෑ වූ දෝන මරියා ද සිල්වා සිරිවර්ධන ලමාතැනියගේ හදිසි වියෝවෙන් පසු ඇගේ අවසාන කැමැත්‍ත පරිදි වර්ෂ 1823 ඔක්තෝම්බර් මස 25 වන දින මහා මුදලිවරයා විසින් මෙම වලව්ව සඟසතු කොට පූජාකර තිබේ.


කොලඹ කුප්පියාවත්ත ජයශේඛරාරාම පුරාණ විහාරස්තානය ව පවතින මෙම වලව්වේ අද තත්වය .............. ✍️


අමරපුර මහා සංඝ සභාවේ සභාපති මහානායක මාහිමියන්ව වැඩසිටි අති ගෞරවාර්ථ මහෝපාද්‍ය කොස්ගොඩ ධම්මවංස මහා නායක මාහිමිපාණන් වහන්සේ,  තලල්ලේ අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ සහා අමරපුර මහා සංඝසභාවේ උපසභාපති මහානායක මහාහිමිපාණන් වූ අති ගෞරවාර්ථ මහෝපාද්‍ය තලල්ලේ ධම්මානන්ද මහානායක මහාහිමිපාණන් වැනි යතිවරයාණන් වහන්සේද කුප්පියාවත්ත ජයශේඛරාරාමයේ ශ්‍රාස්තීය උන්නතියට විශාල සේවයක් සිදුකල යතිවරයාණන් වහන්සේලාද වෙති. 


පසුකාලීන මෙම ජයශේඛරාරාමය ඉතාමත්ම දියුණු තත්වයට සහ මුලුමහත් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ තත්වයට පත්වූයේ අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ මහානායක සහ මහා සංඝ සභාවේ සභාපති ශ්‍රී මත් මහානායක හිමි වශයෙන් වැඩසිටි අති පූජ්‍ය ගෞරවාර්ථ මහෝපාද්‍ය ත්‍රිපිටකාවාගීශ්වරාචාර්ය කොස්ගොඩ ධම්මවංශාභිදාන මහා නායක මාහිමිපාණන් වහන්සේ වැඩසිටි සමයේය. උන්වහන්සේගේ අපවත්වීමෙන් පසුව විහාරාධිපතිත්වයට පත්වූ අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ මහානායක අමරපුර මහා සංඝ සභාවේ උප් සභාපති මහානායක මහානාහිමිපාණන් වූ අති පූජ්‍ය ගෞරවාර්ථ මහෝපාද්‍ය ත්‍රිපිටකාවාගීශ්වරාචාර්ය කලාශූරී අති ගෞරවාර්ථ තලල්ලේ ධම්මානන්ද මහානායක මහානාහිමිපාණන්ය. මෙම ජයශේඛරාරාමය නූතන යුගයේදී සම්බුද්ධ ශාසනයට මහඟු සේවයක් කල විහාරස්තානයක් බවට පත්වූයේ උන්වහන්සේලා දෙනමගේ කාලපරිච්ඡේදය තුලදීය. 


බලපිටියේ මහා කප්පින වලව්වේ අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ මූලස්ථානය වශයෙන් දීර්ඝ කාලයක් මෙම ජයශේඛරාරාමය විහාරස්ථානය පවත්වාගෙන ගියේය. වත්මන් මහානායක අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ මහානායක අහුංගල්ලේ සිරි සීලවිසුද්ධී මහානාහිමිපාණන්ගේ කාලය තුලදී බලපිටිය මහා කප්පින වලව්ව සීමාමාලක විහාරස්ථානය, සිරි සද්ධම්මවංශ නිකායේ මූල්ස්තානය වශයෙන් අද භාවිතා කරයි. තලල්ලේ ධම්මානන්දාභිදාන මහානායක හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ මහානායක පදවියට,


රන්දොඹේ සංඝරාජ මහා විහාරය, නුරුගල ගංගාරාමය, අකුරල සුවිසුද්දාරාමය (සුදීරාරාමය) පුරාණ මහා විහාරය, අකුරල දූවේ අභිනවාරාමය පුරාණ මහා විහාරය, මග්ගොන ශ්‍රී ජිනේන්ද්‍රාරාමය යන විහාරස්ථාන රැසක මහා විහාරාධිපති වූ අග්ග මහා පණ්ඩිත ගෞරවාර්ථ කොස්ගොඩ ජිනාලංකාරාභිදාන මහා නාහිමිපාණන් පත්වන අතර උන්වහන්සේගේ කාල පරිච්ඡේදයේදී ජයශේඛරාරාමය මූලස්තානය ඉවත්කොට මූලස්ථානය වශයෙන් රන්දොඹෙ සංඝරත්න මහා විහාරය උන්වහන්සේගේ කාලයේදී පැවතුණි.


අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ ආදිකතෘ ලංකාගොඩ සිරි ධීරානන්ද මහානායක මහාහිමිපාණන් අපවත් වූයේද ක්‍රි.ව 1871 වසරේදී මෙම ජයසේකර වලව්වේදීය.


වැඩිදුර විස්තර සඳහා කියවන්න පහත ලිපි 👇


https://m.facebook.com/story.php?story_fbid=489705469293006&id=100047606710994


https://m.facebook.com/story.php?story_fbid=484507929812760&id=100047606710994


https://m.facebook.com/story.php?story_fbid=478552780408275&id=100047606710994


https://m.facebook.com/story.php?story_fbid=496764685253751&id=100047606710994


https://m.facebook.com/story.php?story_fbid=491070582489828&id=100047606710994


සටහන සහ කතෘ අයිතිය :

-  එච්.  අනුරූ තරුමල් ද සිල්වා. උපුටා ගන්නේ නම් කතෘ අයිතිය සුරකින මෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි.

නොතාරිස් වලව්ව , ගල්වෙහෙර

 


' ගල්වෙහෙරේ නොතාරිස් වලව්ව '..

* සලාගම කුලයට අයත් පැරණි වලව්වකි.

ගල්වෙහෙර ඓතිහාසික වටිනාකමකින් යුක්ත නගරයක් වන අතර බුදුසසුනේ තවමත්  ස්තානය නිශ්චිතව සොයා ගෙන නොමැති "සේල චෛත්‍ය" පිහිටි භූමිය බවට අනුමාන කරන ස්ථානයයි. සේල චෛත්‍ය ජනප්‍රවාද යේ අනුව ගල්වෙහෙර පිහිටා තිබෙන බවද නොරහසකි. මෙම ගල්වෙහෙරේ සලාගම  බ්‍රාහ්මණ වංශිකයන් සතු වලව් 7ක් පිහිටා තිබූ බව සදහන් වෙයි . මේවායේ ඉතිහාසය ඕලන්ද සමය දක්වාම ගමන් කරයි. ඒවානම්

පිලිවලින් ...


1.මහා විදානේ වලව්ව 


2.ගොඩැල්ලේ වලව්ව 


3.කුරුඳුවත්ත වලව්ව

 

4.නොතාරිස් වලව්ව 


5.පාරේ වලව්ව 


6.මාකුබුර කප්පින දෙවෙනි වලව්ව 


7.මරදාන වලව්ව 


මෙම  වලව් පෙල පිහිටිමේ සුවිශේෂතාවය නම් එදා  ඇඹලව රහත් ගල්වෙහෙර  නමින් හැඳින්වූ "මලුව පන්සල වටා" මේ සියල්ල පිහිටා තිබීමයි.. මෙම වලව් සියල්ලම  මලුව පන්සලේ මහා කප්පින දායකයෝය.

අද අප විසින් කතා කරන ලියන ගෙදර  වශයෙන්  ප්‍රචලිත  "නොතාරිස් වලව්ව" ත් නොතාරිස් වලව්වට මායිම්ව එම නොතාරිස් වලව්වට ආසන්නයේ "පාරේ වලව්ව" ත් පිහිටා තිබේ . මෙම වලව්ව දෙකම උරුමකරුවන් විසින්  අද වන විට විකුණා දමා තිබේ .

නොතාරිස් වලව්ව වත්මන් හිමි කරුවන්වු වික්‍රමනායක වරු මෙම  නොතාරිස් වලව්ව  ඉපැරැණි ආකරයටම  ප්‍රතිසංස්කරණ ය කර තිබේ.

සටහන :- එච්. අනුරූ ද සිල්වා 

මෙම වලව්වේ ඉතිහාසය පිලිබද විස්තර දන්නා කෙනෙක් වේ නම් කරුණාකර අපව දැනුවත් කරන්න. ස්තූතියි..

දඩල්ලේ රාජපක්ෂ මහා වලව්ව


 







 🗡️ ' කලුහත් ආද්‍රියන් ද ආබ්‍රේව් විජයගුණරත්න රාජපක්ෂ මහා මුදලිවරයා " විසින් සඟසතු කොට පූජා කල ⚡

" දඩල්ලේ රාජපක්ෂ මහා වලව්ව " 

සලාගම කුලයට අයත් වලව් අතරින් එකකි.


වසර 173කට පෙර සඝසතු කොට පුජා කල  වලව්ව .............. ✍️ 


දකුණු පලාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දඩල්ල නම් එයිතිහාසික ග්‍රාමයේ " කලුහත් අදිරියන් ද ආබ්‍රෙව් විජයගුණරත්න රාජපක්ෂ  මහා  මුදලිතුමා " පදිංචිව සිටි වලව්ව වර්ෂ 1848 ක් වූ මාර්තු  මස 13 වෙනි දින රාජපක්ෂ මහ මුදලිතුමාගේ භාර්යාව වූ ඉසබෙලා මෙන්දිස් වික්‍රමනායක ලමාතැනිය විසින් මහා මුදලිතුමා ගේ සහොදරයා වූ මාදම්පේ ලංකාගොඩ රාජපක්ෂ වලව්වේ රාජපක්ෂ මහා මුදලිතුමා ගේ එකම පුත්‍රයා වූ අමරපුර සිරිසද්ධම්මවංශ  මහා නිකායේ ආදිකතෘ මහා නායක මහෝපාධ්‍ය පන්ඩිත ගෞරව තිප්‍රිටක වාගිශ්වරාචාර්‍ය ලංකාගොඩ සිරි ධීරානන්ද මහානායක යතිවරයාණන් ප්‍රමුඛ සතර දිගින් වඩිනා මහා සංඝරත්නය වෙත පුජාකර තිබේ.


වර්තමානයේ එය දඩල්ල මහා මුදලින්දාරාමය පුරාන විහාරස්ථානයයි. දඩල්ල රාජපක්ෂ මහා මුදලිතුමාගෙත් සහෝදරවරුන් වූ අනෙකුත් රාජපක්ෂ මහා මුදලිවරුන්ගේ වලව් ද මේ අයුරින්ම සඝසතු  කොට පුජා කර තිබීම ලංකා ඉතිහාසය තුල වඩාත්ම කැපී පෙනෙන අවස්ථාවකි. ඒ අනුව ලංකාගොඩ රාජපක්ෂ වලව්ව  අද මාදම්පේ ශ්‍රී සුවිසුද්ධාරාමය විහාරස්තානය ලෙසින්ද, කොලඹ කුප්පියාවත්තේ ජයසේකර වලව්ව කොලඹ කුප්පියාවත්තේ  ජයශේඛරාරාමය විහාරස්ථානය ලෙසින්ද හැඳින්වේ.  වත්මන්  දඩල්ල මහමුදලින්දාරාම මහා  විහාරාධිපති වන්නේ අමරපුර සිරිසද්ධම්ම වංශ මහා නිකායේ කාරක සංඝ සභික  බස්නාහිර පලාතේ ප්‍රධාන සංඝ නායක  මාපලාන ධම්මාලෝක නාහිමියන්ය.


එයිතිහාසික වැලිතොට ජන්මලාභය ලද  එයිතිහාසික දඩල්ල රාජපක්ෂ වාසල මුදලිතුමා ගේ පරම්පරාව ....... ✍️


වැලිතොටින් සංක්‍රමණය වු රාජපක්ෂ වරු දඩල්ල, මාදම්පාගම, ලංකාගොඩ, කොලඹ, මරදාන, මෝදර සහ දෙමටගොඩ වලව්වල පදිංචි වෙමින් රාජකාරි අරම්භ කලහ.

සම්බුද්ධ ශාසනයේ චිරාත් උන්නතියට විශාල ශාසනික කාර්‍යක් සිදුකරමින් මෙම රාජපක්ෂ මහා මුදලිවරු අනගි සේවාවක් කල බව මුලාශ්‍ර අනුව ඉතිහාසය පිලිබද විස්තර කරයි. වැලිතොටින් එකී රාජපක්ෂ මහා මුදලිවරුන් පිලිවලින්  දඩල්ල රාජපක්ෂ මහා වලව්වේ ද වාසය කලහ. කලුහත් අදිරියන් ද ආබ්‍රෙව්  විජය ගුණරත්න රාජපක්ෂ මහා මුදලිතුමා   සම්බුද්ධ ශාසනයේ චිරාත් උන්නතියට විශාල ශාසනික කාර්‍යක් සිදුකල මහා මුදලි වරයෙකි. මහා මුදලිතුමා ගේ අභාවයෙන්  රාජපක්ෂ මහා මුදලිතුමාගේ  භාර්යාව වු ඉසබෙලා මෙන්දිස් වික්‍රමසිංහ දඩල්ල  මහා වලව්වේ  ලමාතැනිය විසින් ක්‍රිස්තු වර්ශ 1848 මාර්තු මස 19 වෙනි දින  තම ස්වාමියා වු රාජපක්ෂ මහා මුදලිතුමාගේ  සහොදරයාවු හල්ජෝති දිද්‍රෙක් ද සොයිසා විජය ශ්‍රී වර්ධන රාජපක්ෂ  මහා මුදලිතුමා මාදම්පාගම ලංකාගොඩ රාජපක්ෂ වලව්වේ  විසුවේය. ලංකාගොඩ රාජපක්ෂ වලව්වේ වාසල මුදලිතුමාගේ පුත්‍රයා වුයේ හල්ජෝති සිමන් ද සොයිසා  විජය ශ්‍රී වර්ධන  ජයතිලක රාජපක්ෂ මුදලිතුමා ගේ  සහ හේලේනා විජයගුණරත්න   ලමාතැනියගේ පුතනුවන් වූ  වර්ශ 1808 දි විජය ශ්‍රී වර්ධන ජයතිලක රාජපක්ෂ නම් කුල කුමරුවාවූ මාදම්පාගම කුලිනගොඩ පුරාන  සකුන්දලාරාම රහතුන් වහන්සෙ වැඩසිටි පිංබිම වූ වත්මන්  කුලීගොඩ පුරාන වනවාස රාජමහා විහාරයහි  දෙල්දූවේ ධම්මරක්කිත මහා නාහිමියන් විසින්  සසුන්ගතකල  සිරි ධීරානන්ද යයි නම් තබන ලද අයයි

මෙම සාමනේරයන් දඩල්ල වාලුකාරාම පුරාන විහාරයාදිපති අමරපුර මහා නිකායේ මහා නායක රාජාධිරාජගුරු ගනාචාරිය ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය`  බෝපාගොඩ සිරි සුමන සංඝරාජ  මහා  යතිවරයනෝ වෙතින් ධර්ම විනය උගත් භික්ෂූන් වහන්සේ බෝපාගොඩ මහා නාහිමියන් සමග  බලපිටිය එයිතිහාසික මාදුගඟ නදියේ අදිශීල සංඛ්‍යාත ශ්‍රද්ධසම්පත්තිය සම්බන්ධ උපසම්පදාවකදි ඇතිවූ සංකරවාදයකින් පසු ලංකාගොඩ  සිරි ධීරානන්ද මහානයක මහා නාහිමියන් අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකාය පිහිටුවමින් එහි ආදිකතෘන් වහන්සේ වු අතර දකුණු සිරිලක ප්‍රසිද්ධ ධර්ම විනය පිලිබද විශිෂ්ඨ උගත් බුද්ධිමත් පඬිරුවනක් වූ නිසා ගිහි දායක දායිකාව න් විහාර ආරාම ඉදිකර  මුන්වහන්සේ ට පුජා කරන අතර  තම ඥතිපුතනුවන් වු  සද්ධම්මංසපාල ගනාචාරිය ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය` අමරපුර සිරිසද්ධම්ම වංශ මහා නිකායේ ආදිකතෘ මහා නායක මහා නාහිමියන් වු ලංගොඩ සිරි ධීරානන්දාභිධාන මහා යතිවරයනන් සහ සතර දිගින් වඩිනා මහා සංඝ රත්නයට පුජා කලහ . ලංකාගොඩ වලව්ව පිහිටි ලංකාගොඩ ග්‍රාමයද අද ජනප්‍රවාදට අනුව ලංකාගොඩ ඉඩම්තොට යනුවෙන් ව්‍යවහර වේ. ඉඩම්තොට ශ්‍රී සුවිසුද්ධාරාම පුරාන විහාරස්ථානය  වර්තමානයේ ඉඩම්තොට  ලංකාගොඩ රාජපක්ෂ මහා  වලව්ව පිහිටි ස්තානයයි. කොලබ  කුප්පියාවත්තේ ජයශේකර වලව්වේ තවත් එක් ඥති සහොදරයෙක්වූ කළුහත් ආර්නෝල්ඩ් ද ආබ්‍රේව් රාජපක්ෂ විජයසේකර මහා මුදලිතුමාගේ ජයසේකර වලව්ව  ඔහුගේ භාර්යව වූ දෝන මරියා ද සිල්වා සිරිවර්ධන  ලමාතැනියගේ සිය අන්තිම කැමැත්ත පරිදි වර්ෂ 1832 ඔක්තෝම්බර් 25 වන දින ලංකාගොඩ සිරි ධීරානන්ද මහානායක මහානාහිමියන්ගේ ආචාර්ය වරයාවූ දෙල්දූවෙ ධම්මරක්කිත මහා නාහිමියන් ප්‍රමුඛ සතර දිගින් වඩිනා මහා සංඝරත්නයට පුජාකර තිබේ. ලංකාගොඩ සිරි ධීරානන්ද මහානයක මහා නාහිමියන් අපවත්වුයේද තම ඥතිවරයා විසින් පුජාකල කුප්පියාවත්තේ ජයශෙකරාරම පුරාන  විහාරස්ථානයේ දීය. රාජපක්ෂ මහා මුදලිවරුන්ගේ වලව් තුනක්ම අද ලංකාගොඩ සිරි ධීරානන්ද මහානයක නාහිමියන්ගේ අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකායේ විහාරස්ථානයන්‍ ය. සම්බුද්ධ ශාසනයේ චිරාත් උන්නතියට සම්බුද්ධ ශාසනයේ ශාසනික කාර්‍යක් සිදුකල රාජපක්ෂ මහා මුදලිවරුන් කල සේවය ඉතාමත් අගනේය . සදාඅමරනීයයි .........


වැඩිදුර විස්තර සඳහා කියවන්න 👇


https://m.facebook.com/story.php?story_fbid=489705469293006&id=100047606710994


සටහන :- එච්. අනුරූ ද සිල්වා 


කලුවාමෝදර වලව්ව



" නන්එදිරි විල්ෆ්‍රඩ් ආතර් ද සොයිසා සිරිවර්ධන හාමු " මහතා ජීවත් වූ ...

' කලුවාමෝදර වලව්ව '

ඉංග්‍රිසි පාලන කාලයේදී  කාලයේදී 

ගල්වෙහෙර මහා වලව්වෙන් බලපිටිය වැලිතර මහා කප්පින වලව්වේ කලුහත් සැම්සන් ද ආබෲව් රාජපක්ෂ විජයගුණරත්න මහා මුදලිතුමා ට හිමි වු මෙම වලව්ව මහා කප්පින වලව්ව මගින් පරිහරණය කල අතර මෙය අමරපුර මහා නිකායේ මුලස්ථාන ය වන අම්බරුක්කාරාම අමරපුර  මූල මහා විහාරයවන එයිතිහාසික පුරාන වැලිතොට සහබන්දු මුදලිතුමා ගේ සහබන්ධු වලව්ව ට යාබදව පිහිටා තිබේ. මහා කප්පින වලව්වේ ලමා තැනීගේ සහෝදරයා මෙම වලව්වේ පදිංචි ව සිටියේ ය. නන් එදිරි කෙරොලයින් ද සොයිසා සිරිවර්ධන ලමාතැනීගේ සහෝදරයාවූ නන් එදිරි විල්ෆ්‍රඩ් ආතර් ද සොයිසා සිරිවර්ධන  හාමු මහත්මයා පදිංචි වලව්ව මෙයවිය.

කලුවාමොදර වලව්වේ  නන් එදිරි ආතර් ද සොයිසා සිරිවර්ධන හාමු මහත්මයා ගේ විවාහ යේදි  ශාක්ශි කරුවෙක් වුයේද මහා කප්පින වලව්වේ කලුහත් සැම්සන් ද ආබ්‍රේව් විජයගුණරත්න රාජපක්ෂ මහාමුදලි තුමාගේ පුත්‍රයා වූ කලුහත් ටියුඩර් ද ආබ්‍රේව් විජයගුණරත්න රාජපක්ෂ මහා මුදලිතුමා විසිනි. සහබන්ධු මුදලිවරයා ගේ පවුල් සහ ඔවුන්ගේ පවුල් එකිනෙක ඥාතීන් ද වේ.


එතුමා (නන්එදිරි විල්ෆ්‍රඩ් ආතර් ද සොයිසා සිරිවර්ධන) විවාහ වූයේ අහුන්ගල්ලේ  ඇන්ඩෘ ද සිල්වා අබේවිර ගුනසේකර මුහන්දිරම් රාලහාමි ගේ සහෝදරිය වු අදිරියානා ද සිල්වා අබේවිර ගුනසේකර සමග ය.  එම දෙපල ගේ දරුවන්  6 දෙනකි. නන් එදිරි සිසිලින් ද සොයිසා සිරිවර්ධන හාමු, නන් එදිරි ආතර් ද සොයිසා සිරිවර්ධන හාමු, නන් එදිරි  මෙගලින් ද සොයිසා සිරිවර්ධන හාමු, නන් එදිරි හෙරලි න් ද සොයිසා සිරිවර්ධන හාමු, සහ  නන් එදිරි පෝල් ද සොයිසා සිරිවර්ධන හාමු මහත්මයා (විශ්‍රාමික විදුහල්පති ) සහ නන් එදිරි එව්ලින් ද සොයිසා සිරිවර්ධන' හාමු මහත්මිය (විශ්‍රාමික විදුහල්පතිනිය ) වශයෙනි.


නන්එදිරි එව්ලින් ද සොයිසා සිරිවර්ධන හාමු මෙම වලව්ව  අවසාන පදිංචි පරම්පරාව විය.අබගහපිට්ය අම්බරුක්කාරාම මුල මහා විහාරයේ මහා කප්පින දායක පවුලකි විහාරස්ථානයේ දියුනුවට විශාල ශාසනික කාර්‍යක් සිදුකල වලව්ව කි.අද එම වලව්වේ  නටබුන් වත් දෙකිය  නොහෙක .තවද බලපිටිය ගල්මන්ගොඩ වලව්ව (හාරබෙ වලව්ව අසල) තිබුබවද එහි ද නටඹුන් වත් අද දැකිය නොහෙක. ඒ සියල්ල කාලයේ වැලිතලාවට යටව ගොසිනි. බලපිටිය වලව් සොයා යාමේදී අප වඩාත් කනගාටුවට පත් කරන කාරණා එයයි. දැනට පවා දැකගන්න ට ඉතිරිව ඇති පැරණි වලව් බලපිටිය, රත්ගම, අහුංගල්ල, කොස්ගොඩ නගර සීමාවන්ගේන් හමුවේද ඒවායේ පෞරාණික වැදගත්කම සලකා හෝ ඒ කිසිවක් සංරක්ෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ නෙතු නොගැටීම වඩාත් කණස්සලු දායකය. එවැනි වාතාවරණයක් මත මෙවැනි පෞරාණික දේපල විනාස වී යාම තවදුරටත් අසන්නට, දකින්නට ලැබීම අරුමයක් නොවේ


තොරතුරු :- අකුරල කීර්ති ජයරත්න මහතා

සටහන :- එච්. අනුරූ ද සිල්වා 





ක්‍රි.ව 1745 රටගිය වලව්ව , කොටහේන

 


"නම්මුණි සවියෙල් තාබ්‍රෙව් උභය කුලතුංග විජයසිරිවර්ධන මහමුදලිතුමා" විසින් ...

ක්‍රි.ව 1745 දී ඉදිකල කොටහේනේ 

"රටගිය වලව්ව"  සලාගම කුලයට අයත් ඉපැරණි වලව් අතරින් එකකි. එය අද දීපදුත්තාරාමය විහාරස්ථානයයි.

💥 ලංකාවේ මුල්ම වෙසක් පොහොයට බෞද්ධ කොඩිය ප්‍රථම වරට එසවූයේ මෙම විහාරස්ථානයේය !

💥"වර්ෂ 1745 දී “රටගිය මුදියන්සේ” නමින් ප්‍රකටව සිටි සවියෙල් තාබ්‍රෙව් උභය කුලතුංග සිරිවර්ධන මහමුදලිවරයා විහාරයක් ඇරැඹීමට ඕලන්ද ආණ්ඩුකාරවරයාගෙන් අවසර ලබාගත්තේය. ඔහු අලුතින් විහාරයක් ඉදිකළේ නැත. අක්කර ගණනාවකින් යුක්තව කොටහේන උස්බිමක පිහිටි තම ඉඩම හා වලව්ව පන්සලක් බවට පත් කළේය. වලව් වැසියන්ගේ සහ ඒ පවුලේ හිතවතුන්ගේ ආගමික අවශ්‍යතා ඉටුකිරීම නිසා මුලින්ම මේ විහාරය (වලව්වේ පන්සල) නමින් හැඳින්විණි. එය 1800 දී පමණ විහාරය මුල්කරගෙන සති පිරිත් පිංකමක් පවත්වන ලද අතර ඊට පසු එය පොදු ජනතාවගේ පිංබිමක් බවට පත්විය"

.........................................................................

ඔබ දැන් පැමිණ සිටින්නේ තායිලන්තයේ විහාරස්ථානයකට යැයි සිතුනොත් මම පුදුම නොවෙමි. තායි සම්ප්‍රදායානුකූලව නිර්මාණයවුණු මෙම ස්තූපය දකින විට ඔබට එවන් සිතිවිල්ලක් පහළ වීම සාධාරණය.


ලාංකික ස්තූප කලා සම්ප්‍රදාය වෙනත් ඉසව්වක රැගෙන ගිය මෙම තායි ආකෘතියේ චෛත්‍යය නිසා ද එසේම තවත් අසිරිමත් සිද්ධීන් සමුදායකට මෙන්ම අඳුරු පසුබිම් වාතාවරණයක දී නො සැලෙමින් මුහුණ පෑ නිසා ද මෙය විශේෂිත වූ ස්ථානයක් වශයෙන් ද දැන කියා ගැනීමට හැකියාව ලැබෙයි.


අවිවේකී කොළඹ අගනගරයේ එක් ඉසව්වක උස්වූ ගොඩැල්ලක් මත සෑදුණා වූ දීපදුත්තමාරාම පුරාණ රජමහා විහාරය පිහිටා ඇත්තේ උතුරු කොළඹ, කොටහේනේ සංකීර්ණ පරිසරයක් මධ්‍යයේ ය. කොටහේනේ ‘රට ගිය වලව්ව‘ නමින් වූ මහ මන්දිරය ගොඩනැඟෙන්නේ ඕලන්ද යුගයේ දී මීට වසර 230කටත් එපිටදී ය.


මෙය ප්‍රභූ බෞද්ධ පරපුරකට සෙවණ සිසිලස සැලසූ පසන් මන්දිරයක් වශයෙන් ප්‍රකට විය. සවියෙල් තාබ්‍රෙව් උභය කුලතුංග විජයසිරිවර්ධන මහමුදලිතුමා මෙන්ම එතුමාගේ පියතුමා බෞද්ධාගමට ගෞරවණීයවද යනෙන නෑ හිත මිතුරන්ට ළබැඳියාවෙන් ද කටයුතු කළහ. සාවියෙල් තාබ්‍රෙව් මුදලිතුමා හැඳින්වූයේ ‘රට ගිය මුදියන්සේ’ නමිනි.


මේ යුගයේ දී මුදලිතුමාගේ පියා තම වලව්ව තුළ කුඩා බුදු මැදුරක් තැනුවේ ය. වලව් පරපුර මෙන්ම ‘රට ගිය වලව්ව‘ ද ප්‍රභූ උෂ්ණයෙන් මහන්තත්ත්වයට පත්නොවුණු නිසාම එය කාගෙ කාගෙත් හිතට සුවදායක පරිසරයක් නිර්මාණය කළේ ය. එවන් ස්ථානයක බුදු මැදුරක් ඔහු තැනුවේ මතු බලාපොරොත්තු කීපයක් මුදුන්පත් කර ගැනීමේ අපේක්‍ෂාවෙනි. එයට බලපෑ හේතු කීපයක් ඕලන්ද යුගය විසින් නිර්මාණය කර තිබුණි. ඕලන්ද බලපෑම සෘජුව කොළඹට දැනෙන්නට වූ අතර මේ වන විට කොළඹ භූමිය තුළ බෞද්ධ ජනතාවගේ ආගමික අවශ්‍යතාවයන් වෙනුවෙන් විහාරස්ථානයක් ඉදි වී තිබුණේ ද නැත. ලන්දේසි පාලන බලය විසින් එයට අවස්ථාවක්ද සලසා නො දෙන ලදී.


එවන් වකවානුවක පැවැතුණු පසුබිමේ ස්වභාවය සමඟ උපක්‍රමශීලී ගනුදෙනුවක නියැලුණු මහ මුදලිතුමා කුඩා සිදුරකින් හෝ පහන් සිලක ආලෝකය දකින්නට පෙළඹුණේ තම මහා මන්දිරය තුළ කුඩා බුදු මැදුරක් තනා ගැනීමට උත්සුක වීමෙනි. තැනූ බුදු මැදුරේ පුද පූජා වන්දනාමාන වෙනුවෙන් පවුලේ සාමාජිකයෝ ද වලව්වට නිබඳව පැමිණෙන සමීපතමයෝද මුලදී සම්බන්ධ වූහ. ඒ අතර ආගමික කටයුතු තවත් පුළුල් වෙමින් මුදලිතුමා සමඟ මිත්‍ර වූ සීනිගම ධම්මක්ඛන්ධ නම් වූ භික්‍ෂූන් වහන්සේ බුදු මැදුරට වැඩම වූ අතර එතන වස් විසීමක්ද සංවිධානය විය.


කාලය සෙමින් ගෙවී යද්දී ක්‍රමයෙන් විහාරස්ථානයට අවශ්‍ය අංගයන් ද මේ වලව් භූමිය තුළ ස්ථාපිත කිරීම ඇරඹුණු අතර 1789 වසරේ දී දඹදිව ජය ශ්‍රී මහා බෝධී අංකුරයක් වැඩමවා රෝපණය කළේ විහාරයක පසුබිම සැකසීමේ අඩුව පිරිමැසීමට ය.


1815 න් ඇරඹුණේ බ්‍රිතාන්‍ය යුගයය. එම පසුබිම තුළ මිෂනාරී බලය විසින් බෞද්ධාගමේ පරිහානිය වෙනුවෙන් වක්‍ර මෙන්ම සෘජු උපක්‍රම රාශියක් ක්‍රියාවට නැංවෙමින් පැවතුණි. එයට එරෙහිව නැඟී සිටි භික්‍ෂූන් වහන්සේලා අතර එක් අභීත හිමිනමක් වූයේ වාදීභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද නා හිමිපාණන් වහන්සේ ය.


චතුර කතිකත්වයෙන් සිහ නද පාමින් මිෂනාරී මිසදුටු හඬ පුස් වෙඩිල්ලක් බවට පත්කළ ගුණානන්ද හිමියන්ගේ තේජාන්විත නාමය ඉතිහාසයේ උණුසුම් පිටු අතර වැජඹෙන්නේ වීරත්වයට පත් වෙමිනි.


1865 න් වරාගොඩින් ඇරඹී 1873 දී පානදුරයේ දී අවසන් වන පංච මහා වාදයේ බෞද්ධ පක්‍ෂයේ චතුර මුඛරි අභීත හඬ පෞර්ෂය වාදීභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ගේ ය. එම හඬ අඬහැරයක් වී උන්වහන්සේ ලෝක ප්‍රසිද්ධියට පත්වූහ.


‘රටගිය වලව්ව‘ තුළ එදා කුඩා බුදු මැදුරකින් ආරම්භ කළ බෞද්ධ පරිසරය ව්‍යාප්ත වන විට කොටහේන ‘රටගිය වලව්ව‘ මෙරට බෞද්ධ පුනරුදය වෙනුවෙන් සැදී පැහැදී සිටියේ ය. මේ වන විට වෙසක් පොහොය දින නිවාඩුව බෞද්ධයන්ට අහිමි වී පැවතුණි. මෙවන් උණුසුම් පරිසරයක 1844 වසරේ දී දීපදුත්තමාරාමයේ භාරකාරත්වය මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ට පැවරීම දිපදුත්තමාරාමයේ අභිමානය සඳහා ඔටුනු පැළඳවීමක් වැනි විය.


1883 මාර්තු 25 ගුණානන්ද හිමියන්ගේ ප්‍රමුඛත්වයෙන් බොරැල්ලේ මහ පන්සලේ සිට දිපදුත්තමාරාමය වෙත පෙරහරක් ගමන් අරඹන්නේ බෞද්ධ විරෝධී ව්‍යාකූල පසුබිම මධ්‍යයේ ය. ම¼ගදී පෙරහරට මැර ප්‍රහාරයක් එල්ල වන අතර එහි බරපතළකම කොතරම්දැයි කියතොත් අරගලයේදී පෙරහරේ ගමන් කළ නිරායුධ අහිංසක මිනිසෙක් මරණයට පත් වෙයි.


අපට උරුම මාතෘ භූමිය පරපුටුවන්ගේ ග්‍රහණයට නතුවීම නිසා බෞද්ධාගමිකයන්ට මෙන්ම අපගේ ජාතික ආගමික සංස්කෘතිකාංගයන්ට එල්ල වුණේ ගල් මුගුරුය. කඩු, තුවක්කුය.


මෙසේ බෞද්ධයාටද, බෞද්ධාගමටද ආරක්‍ෂාවක් නොමැති තැන මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි වස්කඩුවේ ශ්‍රී සුභූති මහා නා හිමි හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි එක් වී බෞද්ධ ආරක්‍ෂක කමිටුවක් පත්කර ගැනීමට යුහුසුළු වෙති. එයට සර්හෙන්රි ඕල්කට්තුමා ඇතුළු ජනහිත කාමී පිරිසක්ද එකතු වූහ. මේ සියල්ලේම ප්‍රතිඵලයක් ලෙස බෞද්ධයන්ගේ උරුමයන්ට වන අසාධාරණයන්ට එරෙහිව සන්දේශයක් සැකසුණි.


ඒ බෞද්ධ ආරක්‍ෂක කමිටුවේ සන්දේශයට යහපත් ප්‍රතිචාර ලැබෙමින් මහ රැජිනගේ නියෝගය මත ලොන්ඩන් ආණ්ඩුකාරවරයා විසින් 1885 අපේ‍්‍රල් 28 වැනි දින විශේෂ ගැසට් නිවේදනයක් මඟින් වෙසක් පොහොය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට නම් කරන ලදී.


එසේම බෞද්ධ උරුමයේ සදානුස්මරණීය සංකේතයක් වූ බෞද්ධ කොඩිය නිර්මාණය කළ කමිටුවේ සාමාජිකයකු වශයෙන් ද මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි නාමයට ලැබෙන්නේ සනාතන වටිනාකමකි. බෞද්ධ කොඩිය එදා නිර්මාණය වීමෙන් පසුව 1885 අප්‍රේල් 28 වැනි දිනදී ප්‍රථම වරට ගුවන සිසාරා ලෙළදුන් ප්‍රධාන ස්ථාන පහක් නම් කළ හැකි වෙයි. හුණුපිටිය ගංගාරාමය, කැලණි රජමහා විහාරය, මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන පරම විඥානාර්ථ සංගම් මූලස්ථානය සහ දිපදුත්තමාරාමය එම විශේෂිත ස්ථානයන් ය.


මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් සහ වස්කඩුවේ ශ්‍රී සුභූති මා හිමියන් සමඟ පෙරදී ඇති කරගත් සම්බන්ධතාවය නිසා තායිලන්තයේ පි‍්‍රස්ඩාන්ග් චුම්සායි රජකුමරු 1896 වසරේ දී ලංකාවට පැමිණ වස්කඩුවේ මහා නාහිමියන් යටතේ ජිනවරවංශ නමින් උතුම් පැවිදි බිමට ඇතුළත් වූ සේක. මෙම පින්වත් සන්සිද්ධිය ඉතිහාසයට එකතු වන්නේ තායිලන්ත රජකුමරෙකු ලක්බිමේදී පැවිද්ද ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය වන නිසා ය.


එවකට ගුරු භික්‍ෂූන් වහන්සේ යටතේ පැවැති දිපදුත්තමාරාමය ‘ජිනවරවංශ’ නොහොත් ‘ කුමාර හාමුදුරුවන්ගේ භාරකාරත්වයට පත් කරති.’


දිීපදුත්තමාරාමයට රත්නයක් බඳු තායි නිර්මාණ කලාවෙන් අලංකාර වූ ‘රත්න චෛත්‍ය’ විහාර භූමියේ ඉදිකිරීම ආරම්භ කරන්නේ 1908 වසරේදී කුමාර හාමුදුරුවන්ගේ අනුග්‍රහය යටතේ ය. මේ නිසාම කොටහේනේ දිපදුත්තමාරාමය ලාංකේය විහාර වංශකතාවේ නවමු ආකෘතියකින් හෙබි අපූරු සුන්දර සුවිශේෂී ලකුණු එකතු කළ පින්බිමක් බවට පත්වෙයි.


එතැන් පටන් තායි රජපෙළපත සමඟ සමීපව සම්බන්ධ වන දිපදුත්තමාරාමය. තායි ශ්‍රී ලංකා සබඳතාවය. එකට යා කරන සවිමත් පාලමක් බවට පත්වෙයි. ඒ නිසාම ඔවුන් මෙය හඳුන්වන්නේ තායි රාජ පෙළ පතෙහි ශ්‍රී ලංකා ආරාමය වශයෙනි.


මෙහි ඇති විහාරමන්දිරය යුග කීපයක සුවිශේෂී ලක්‍ෂණ ප්‍රදර්ශනය කරයි. එහි පෙනුම ශෝභනය, තේජාන්විතය. ආකෘතියේ බටහිර ලක්‍ෂණද අඩංගු වී තිබේ. විහාරයේ එක් කැටයමක මුදුනේ බ්‍රිතාන්‍ය කිරීටයද ඊට යටින් දා ගැබක අනුරුවද දකින්නට ලැබේ.


පූජනීය චෛත්‍ය බ්‍රිතාන්‍ය කිරීටයට යට වන්නේ එදා පැවැති පර දේශක්කාර බලය අපගේ ආගමික ස්වාධීනත්වයට වඩා උඩින් පැවැති නිසාය. ඒ යුගයේ විහාරස්ථානවල පවා බටහිර ලක්‍ෂණ පෙන්නුම් කිරීමෙන් හැඟී යන්නේ උපක්‍රමශීලීව උන්ගේ සිත් සතුටු කරමින් හෝ තම කාර්ය සපුරා ගැනීමට බෞද්ධයාට උපායශීලී වීමට සිදු වූ නිසා යැයි සිතෙයි.


එක් උස් වූ දැව කැටයමක යට කොටසේ වර්ෂය සඳහන්ව ඇත්තේ ක්‍රි.ව. 1785 වශයෙනි. උඩ කොටසේ නිර්මිත වර්ෂය ක්‍රි.ව. 1872 වශයෙන්ද සඳහන්ව ඇත. ඕලන්ද ඉංගී‍්‍රසි යුග නියෝජනය මෙයින් හඳුනාගත හැකිවෙයි.


1977 වසර වන විට මෙම ආකර්ෂණීය විහාර මන්දිරය සම්පූර්ණයෙන්ම වාගේ විනාශ වී ගොස් තිබිණ. නැවත විහාර මන්දිරය පිළිසකර කෙරෙන්නේ මෙහි විහාරාධිපතිත්වයට පත්වන වස්කඩුවේ මහින්දවංශ මහා නා හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යට පින්සිදු වන්නට ය. ලාංකේය ඉතිහාසයේ තවත් එක් යුගයක පිටු පෙරළීමේ දී බෞද්ධයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් කළ විමුක්ති අරගල හමුවේ නොසැලී සෙවණ සිසිලස මෙන්ම උණුසුමද සැපැයූ දිපදුත්තමාරාමය නම් ප්‍රදීපාගාරයෙන් විහිදු ආලෝක එළියෙන් තේජාන්විත වීමේ නොසැලෙන සුළු අධිෂ්ඨානය ජයග්‍රාහී කතාව අපට කියවිය හැකි වෙයි.


සටහන :- ජනක වෙත්තසිංහ


ආදර්ශ ලිපි 1 - 


https://www.budusarana.lk/budusarana/2014/05/21/tmp.asp?ID=temp01


ආදර්ශ ලිපි 2 -


https://www.deshaya.lk/article/51/%E0%B7%84%E0%B6%BB%E0%B6%B6%E0%B6%BB/6633/%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B7%92%E0%B6%BA-%E0%B6%91%E0%B7%83%E0%B7%80%E0%B7%96-%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8-%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BA


සලාගම කුලයට අයත්ව තිබූ අතීත වලව් කිහිපයක් ගැන විස්තර මෙතනින් 👇


https://www.facebook.com/100047606710994/posts/486191992977687/?app=fbl


https://www.facebook.com/100047606710994/posts/486825576247662/?app=fbl


https://www.facebook.com/100047606710994/posts/485071009756452/?app=fbl


https://www.facebook.com/100047606710994/posts/484507929812760/?app=fbl


https://www.facebook.com/100047606710994/posts/484487143148172/?app=fbl


https://www.facebook.com/100047606710994/posts/478957170367836/?app=fbl


https://www.facebook.com/100047606710994/posts/491880459075507/?app=fbl


https://www.facebook.com/100047606710994/posts/489705469293006/?app=fbl


https://www.facebook.com/100047606710994/posts/491269749136578/?app=fbl


https://www.facebook.com/100047606710994/posts/494573285472891/?app=fbl


https://www.facebook.com/100047606710994/posts/498479658415587/?app=fbl


https://www.facebook.com/100047606710994/posts/496764685253751/?app=fbl


https://m.facebook.com/story.php?story_fbid=583261976604021&id=100047606710994


https://www.facebook.com/101259341598331/posts/131000291957569/?app=fbl


https://www.facebook.com/100047606710994/posts/469648291298724/?app=fbl


https://www.facebook.com/100047606710994/posts/488045406125679/?app=fbl


https://www.facebook.com/278321265642331/posts/2091224321018674/?app=fbl


වලව් ඉතිහාසය ගැන -


https://www.facebook.com/101259341598331/posts/182740523450212/?app=fbl


https://www.facebook.com/102671824492364/posts/254284002664478/?app=fbl

ස්ටෙෆොනොටිස් මන්දිරය


මහා දානපති මුද්දර රජුගේ වාසභවන - ස්ටෙෆනෝටිස් මන්දිරය හෙවත් සිරිමතීපාය 

Salagama Caste සලාගම කුලය

කොලඹ 07 මල් පාර හෙවත් ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටි ශ්වේත වර්ණයෙන් දිලෙන ප්‍රතාපවත් ප්‍රාසාදයකි.වර්තමාන අග්‍රාමාත්‍ය  කාර්‍යාලය ලෙස පාවිච්චි වන මේ මහා මන්දිරය ඉදිකරන ලද්දේ දහනවවන සියවසේ දිවයිනේ සාර්ථකම ව්‍යවසායකයෙකු වූ ඇල්බට් එම්මානුවෙල් ද සිල්වා හෙවත් ඒ.ඊ ද සිල්වා(ජ්‍යෙෂ්ඨ) විසිනි.ඔහු විසින් ස්ටෙෆනෝටිස් ලෙස නම්කොට තිබූ මේ සුවිසල් මන්දිරය ඔහුගේ පුතුවූ ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා විසින් සිරිමතීපාය ලෙස නැවත  නම්කරනු ලැබීය.සිරිමතීපාය මන්දිරය කොලඹ හත මල් පාරෙහි අක්කර හතරක් වූ පුළුල් භූමියක ඉදිකොට තිබිණි.බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ මහා මන්දිරවල ආභාෂය ලබමින් වහල නොපෙනෙන සේ ඉදිකල මේ මන්දිරයේ අශ්ව ගාල් සහ ටෙනිස් පිටිද බිලියඩ් ක්‍රීඩා අංගණයක්ද පිහිටා තිබිණ.වර්ෂ 1957දී වූ ශ්‍රීමත් අර්නස්ට්ගේ අභාවයෙන් පසු සිල්වා පවුල යටතේ පැවතුණු මේ ගොඩනැගිල්ල 1973 දී රජයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් අත්පත් කරගෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ පරිහරණය සඳහා ලබාදෙන ලදී.පසුව අබලන් තත්වයේ පැවති සිරිමතීපාය 1978 දී අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස විසින් අලුත්වැඩියා කොට අගමැති කාර්‍යාලය සඳහා යොදාගන්නා ලදී.


දහනවවන සියවසේ මුල් භාගයේ ලංකාව යටත් කරගත් බ්‍රිතාන්‍ය පාලනය කෙමෙන් වැඩිවියට පත්වත්ම යටත්විජිත පාලනයේ මූලික ලක්ෂණයක්  වූ සර්ව අධිකාරී හිරය මඳක් ලිහිල්කොට යම් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පහල කලේය.මේත් සමගම බ්‍රිතාන්‍ය පාලනයට සහාය දැක්වූ මුදලි මුහන්දිරම් පන්තිය මෙන්ම රේන්ද,වතුවැවිලි, හා කර්මාන්ත ආශ්‍රයෙන්  ප්‍රාග්ධන සම්පාදනය කල ස්වදේශික ධනපති පන්තියක්ද ඉස්මතුව ආවේය.මින් සමහරෙකුටද මුදලි මුහන්දිරම් තනතුරු ගෞරව මාත්‍රිකව පිරිනැමූ අතර බ්‍රිතාන්‍ය ලංකාවේ රාජ්‍ය සේවයෙන් පිට එහෙව් පිලිගැනීමක් ලැබූ පලමුවැන්නා වන්නේ චාල්ස් හෙන්රි ද සොයිසාගේ පියාවූ ජෙරොනිස් ද සොයිසාය.උඩරට පලාත ප්‍රමුඛව තම ව්‍යාපාර පතුරුවාගෙන සිටි පහතරැටියෙකු වූ ඔහුට මුදලි තනතුරට අමතරව උඩරට ප්‍රකට පෙලපත් නාමයක් වූ දිසානායක නමින් නම්බුනාමයක් ද ලැබිණි.මේවා බ්‍රිතාන්‍ය පාලනයට අපක්ෂපාතව සිටි උඩරැටියන්ගේ කුලමානය මට්ටු කිරීම සඳහා කල සාටෝප කර්මයන් ලෙසද ගිණිය හැක.ඇල්බට් එම්මානුවෙල් ද සිල්වාද මේ පහතරැටි වෙලඳ කාටලයේ සාමාජිකයෙකි.ඔහුගේ උපන්ගම ගාල්ල රත්ගමය.බටහිර ආභාෂය ගුරුකොට තැකූ මේ නවක  සිටුවරුන් විසින් අගනුවර වටිනා බිම්කඩවල්හී මහා මන්දිර ඉදිකල අතර දේශීය ධනේශ්වර පන්තියේ ඒකරාශීවීමක්  ලෙස කොලඹ හත සහ තදාසන්න පෙදෙස් ප්‍රකට වීමේ මුල් අවධියද මෙයයි.


වර්ෂ 1877 දී උදේරිස් ද සිල්වා ගුණසේකර ආරම්භ කල ව්‍යාපාරයට 1887දී හවුල්ව තම ව්‍යාපාර කටයුතු කරගෙන ගිය ඒ ඊ ද සිල්වා(ජ්‍යෙෂ්ඨ) ඔහුගේ ඇවෑමෙන් පසුව තනිව ව්‍යාපාර ඉදිරියට ගෙනගියේය.කොලඹ කාසල් වීදියේ සහ බොරැල්ලේ මිනිරන් ස්ටෝරු පිහිටවා තිබූ  ඔහුගේ ඒ.ඊ ද සිල්වා සහ සමාගම එක්සත් රාජධානිය ප්‍රමුඛව යුරෝපා මහාද්වීපයට ලන්ඩන් සහ හැම්බර්ග් සහ අනෙකුත් වරායන්හී වෙලඳ ඒජන්තයින් හරහා මිනිරන් , දිසිඳි පොල්, කොහු, කොකෝවා, කුරුඳු සහ තේ අපනයනයේ යෙදී සිටියේය.ඒ ඊ ද සිල්වා කුරුණෑගල දිස්ත්‍රික්කයේ අක්කර 650ක දෙල්ගොල්ල වත්ත, අක්කර 325ක කිරිවවුල වත්ත සහ හලාවත දිස්ත්‍රික්කයේ අක්කර 340ක කොස්හේන වත්තද ඇතුළු පොල් ඉඩම්ද  අක්කර 400ක කුරුඳු ඉඩම්ද අක්කර 200ක කොකෝවා වගාවක්ද කළුතර දිස්ත්‍රික්කයේ තවත් අක්කර 1000කට ආසන්න රබර් ඉඩම්ද  ඇතුලත්ව අක්කර දහස් ගණනක ඉඩම්වලට හිමිකම් කීය.කොහු බුරුසුු සහ මෙට්ට නිෂ්පාදනය කරන පූර්ණ පහසුකම් සහිත කර්මාන්ත ශාලාවක්ද ඔහු සතුවිය.කොලඹ තුරඟ තරඟ සමාජයේ සාමාජිකයකු වූ සිල්වා කොලඹ ඔරියන්ට් සමාජයේ කමිටු සාමාජිකයෙක්ද විය.එවක ඉතා බලවත් මිනිරන් වෙලෙන්දන්ගේ සංගමයේ සහ වැවිලිකරුවන්ගේ කෘෂිකාර්මික සමාජයේද සාමාජිකයකුද වූ ඔහු අපනයන ව්‍යාපාරික එමානිස් ද සිල්වා ගුණසේකරගේ දියණියක් සමග විවාහවිය.


වර්ෂ 1887 නොවැම්බර් මස 26 වෙනිදින ඒ.ඊ සිල්වා දම්පතීන්ට දාව ඇල්බට් අර්නස්ට් ද සිල්වා උපන් අතර කොලඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු  බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ්හී ක්ලෙයාර් විද්‍යාලයෙන් නීති උපාධිය ලබාගත් අතර ඉන්දියාවේ පලමු අග්‍රාමාත්‍යවරයා වූ ශ්‍රීමත් ජවහල් ලාල් නේරු ඔහුගේ සමකාලීන මිතුරෙකි.වර්ෂ 1938දී ලංකාවට පැමිණි නේරු තම මිතුරාවූ අර්නස්ට්ද  හමුවුනේය.වර්ෂ 1912 දී බැරිස්ටර් වරයෙකු ලෙස පත්වූ ඔහු 1913 මැයි 16 දින සර්නේලිස් ද සිල්වා ගුණසේකර සහ ඉයුජීන් ද සිල්වා කුමාරසිංහගේ දියණියක් වූ  එවාඩ්න් ලක්ෂ්මිනි ගුණසේකර සමග විවාහවිය.ඔවුන්ට දරුවන් සයදෙනෙකු වූ අතර එක් දියණියක් වූ සීතා ලංකාවේ සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයේ නිර්මාතෘ වාසල මුදලි ඒබ්‍රහම් මෙන්ඩිස් විජයශ්‍රීවර්ධන ගේ මුණුපුරෙකු වූ  ප්‍රකට බිලියනපතියෙකු සහ ලංකාවේ විශාලතම ගොඩනැගිලි ඉදිකල කොන්ත්‍රාත්කරුවෙකු(යූ එන් ගුණසේකර සහ සමාගම) වූ කීර්තිමත් සිවිල් ඉංජිනේරු යූ.එන් ගුණසේකර සමග විවාහවිය.තවත් දියණියක වූ ස්වර්ණපාලී විවාහවූයේ වෛද්‍යවරයකු වූ ඕ.එම් මෙන්ඩොසා සමගය. 


ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා ලෝප්‍රකට මුද්දර ලෝලියෙකි.විශාල මුදල් ගෙවා වටිනා මුද්දර අත්පත් කරගත් ඔහුගේ මුද්දර එකතුව දෙවෙනි වූයේ බ්‍රිතාන්‍යයේ පස්වන ජෝර්ජ් රජුගේ එකතුවට පමණි.ඔහු ලොව ප්‍රථම මුද්දරය වන කීර්තිමත් 'පෙන් බ්ලැක්' ද හිමිකර ගත්තේය.වර්ෂ 1944 දී කොලඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපතීත්වයට පත්වූ ශ්‍රීමත් අර්නස්ට් 1948 ඔක්තෝම්බර් මසදී තරුණ බෞද්ධ සංගමයට මුද්‍රණ යන්ත්‍රයක් ලබාගැනීම සඳහාද අරමුදල් සපයා ඇත.1934දී මිලදීගත් ලෝකයේ වඩාත්ම මිල අධික මුද්දරයක් ලෙස සැලකෙන මොරිෂස් වන් පෙන් (1847)  බ්‍රිතාන්‍යයේ එච්.නිසෙන් සහ ඩබ්ලිව්.ඊ ලී යන අයට විකිණීමෙන් ලබාගත් ස්ටර්ලිං පවුම් 5000ක මුදල (මෙම මුද්දරය වර්ෂ 1993 දී ස්විට්සර්ලන්තයේ සූරිච් හී ඩේවිඩ් ෆෙල්ඩ්මන්ගේ වෙන්දේසියේදී  ඇමරිකානු ඩොලර් 1073340කට අලෙවි විය.) සහ රු.55000ක් කොලඹ තරුණ බෞද්ධ සංගමයේ කොටුවේ පිහිටි ගොඩනැගිල්ල ඉදිකිරීමේදී ලබාදුන් ශ්‍රීමත් අර්නස්ට් විසින් 1956 ජූලි මස 26 වැනිදින මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා පලමු පස් පිඩැල්ල කපන ලදී.මෙම සිදුවීමත් සමග ඔහු මුද්දර රජු යන අන්වර්ථ නාමයෙන් සිරිලක පතල වීය.1951දී කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ පලමු සභාපති වශයෙන් පත්වූයේද අර්නස්ට් ද සිල්වා මැතිතුමන්ය.ඔහු ආසියාවේ රෝල්ස් රොයිස් රථයක් හිමිකරගත්තවුන් අතුරින් පළමුවැන්නෙක්ද විය.


වර්ෂ 1915 වනවිට ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වූ ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා කොලඹ හත සහ තදාසන්න පෙදෙස්වල වටිනාම ඉඩම් අක්කර 46කට ආසන්න ප්‍රමාණයක් හිමිකරගත් අතර ඔහුගේ කොලඹ මුළු ඉඩම්වල වටිනාකම වර්ෂ 2010 ආර්ථිකයට අනුව ඩොලර් මිලියන 600ක පමණ වටිනාකමක් වීයැයි ඇස්තමේන්තු කොට ඇත .අක්කර 1200ක සාලාව රබර් වත්ත මෙන්ම බිංගිරියේ රුක්අත්තන පොල් වත්තද ඔහු සතුවිය. මිනිරන් වෙලඳුන්ගේ සංගමයේ සභාපති ධුරයටද පත්වූ ඔහුකොලඹ තුරඟ තරඟ සමාජයේ සභාපති ලෙසද පත්ව ඇත.ඔහු වර්ෂ 1916 සිට 1926 දක්වා කොළඹ මහා නගර සභාවේ මරදාන කොට්ඨාසයේ  නාගරික මන්ත්‍රීධූරයද හොබවා ඇති ශ්‍රීමත් අර්නස්ට් 1931 ආරම්භ කරන ලද එවක ලංකා රාජ්‍ය උකස් බැංකුව ලෙස හැඳින්වූ වර්තමාන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සහ 1939 අගෝස්තු 01 වැනිදින කොලඹ කොටුව බ්‍රිස්ටල් වීදියේදී එවක ලංකාණ්ඩුකාර තැනවූ ඇන්ඩෲ කොල්ටිකෝඩ් විසින් විවෘත කල ලංකා බැංකුවේ ආරම්භක සභාපතිවරයාද විය.


විසිවන සියවසෙහි ශ්‍රී ලංකාවේ බිහිවූ ශ්‍රේෂ්ඨතම දානපතියා වන්නේද ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මැතිතුමන් ය.ඔහුගේ බිරිඳවූ එවාඩ්න් ද සිල්වා මැතිණියද ශ්‍රීමත් අර්නස්ට්ගේ පින්කම් වලට දයකවූ අතර ඇය සමස්ත ලංකා කාන්තා බෞද්ධ සම්මේලනයේ ආරම්භක සභාපතිද විය.ඇය ලංකාවේ සෙනෙට් සභාවට තේරී පත්වූ පළමු කාන්තාවන්ගෙන් කෙනෙකි. ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා ප්‍රසිද්ධිය උදෙසා පින්කම් නොකල අතර වර්තමානයේ මෙන් ජනමාධ්‍ය ප්‍රබල නොවූ අවධියක අප්‍රසිද්ධියේ ඔහු කල පින්කම් වාර්තා වූවාට වඩා වැඩිවෙනු නිසැකය .ඔහුගේ සමහර දානපති සේවාවන් සැකෙවින් දක්වතොත් 


* අධ්‍යාපනය* 


වර්ෂ 1920 දී ඔහුගේ උපන්ගම වූ ගාල්ල රත්ගම දේවපතිරාජ විද්‍යාලය ඉදිකිරීම


පානදුරේ වලාන ලක්ෂ්මී විද්‍යාලය ඉදිකිරීම


දෙමටගොඩ වේළුවන විද්‍යාලය ඉදිකිරීම 


මාවතගම දෙල්ගොල්ල මහා විද්‍යාලය ඉදිකිරීම 


ඉබ්බාගමුව මහා විද්‍යාලය ඉදිකිරීම

 

ගල්හේන්කන්ද කඩලිය විද්‍යාලය ඉදිකිරීම 


පොල්ගස්දූව පෙර පාසැල


සල්ගල වනයේ පෙර පාසැල


මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලය ඇරඹීමට දායක වීම(එවාඩින් ද සිල්වා මැතිණිය)


මීට අමතරව ඔහු සතුව තිබූ සෑම වතුයායකම පාහේ කණිෂ්ඨ පාසැල් ඉදිකොට ඇත.


*බෞද්ධ ශාසන අභිවෘද්ධිය*


වර්ෂ 1920 ජනවාරි 15 දින දෙමටගොඩ වේළුවනාරාමය ඉදිකිරීම 


පොල්ගස්දූව ආරණ්‍යය සේනාසනයේ ඉදිකිරීම්


සල්ගල  ආරණ්‍යය සේනාසනයේ ඉදිකිරීම්  


රාජගිරිය තපෝවනය ආරණ්‍යය සේනාසනය  ඉදිකිරීම සඳහා ඉඩම් පරිත්‍යාග කිරීම  


 


*සෞඛ්‍ය සම්බන්ධ සේවාවන්*


වැලිසර ළය රෝහල ඉදිකිරීම 


කඳාන ක්ෂය රෝග සායනය ඉදිකොට එහි නඩත්තු කටයුතු සඳහා අක්කර 9ක පොල් සහ කුරුඳු ඉඩමක් ලබාදීම


බෝරකන්ද මාතෲ රෝහල ඉදිකිරීම 


කුරුණෑගල වන්නි අතපත්තු රෝහල ඉදිකිරීම 


ලංකාවේ පළමු එක්ස්-කිරණ යන්ත්‍රය ඇතුලත්  ජාතික රෝහලේ විකිරණවේද දෙපාර්තමේන්තුව සම්පූර්ණ පහසුකම් සහිතව ඉදිකොට පරිත්‍යාග කිරීම. 


ක්ෂය රෝගය වැලැක්වීමේ ජාතික කමිටුවේ සභාපති ලෙස සේවය කිරීම


*ළමා සහ වැඩිහිටි නිවාස*


කටුනායක ලක්ෂ්මී ළමා නිවාසය

පානදුර වලාන ළමා නිවාසය 

හීනටියන ළමා නිවාසය

මීගමුව  ළමා නිවාසය

කඳාන ළමා නිවාසය

බියගම ළමා නිවාසය

මොරටුව ලුනාවේ ඇන්ජලා ළමා නිවාසය

රාජගිරියේ වික්ටෝරියා නිවාසය

ගාමිනි මාතා වැඩිහිටි නිවාසය පිහිටුවීමට ආධාර කිරීම (එවාඩින් ද සිල්වා මැතිණිය)

රාගම පරාක්‍රම ළමා නිවාසය

පානදුර මල්ලිකා වැඩිහිටි කාන්තා නිවාසය සඳහා ඉඩම් පරිත්‍යාග කිරීම(එවාඩින් ද සිල්වා මැතිණිය) 


ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා විසින් ශ්‍රී ලංකාවට කල සේවය අගයකරනු වස් වර්ෂ 1946 ජනවාරි මස 01 වනදින එවක බ්‍රිතාන්‍ය කිරීට ආණ්ඩුවේ හයවැනි ජෝර්ජ් රජු විසින් නයිට් නාමයෙන් පුදකොට ඔහු විසූ සිරිමතීපාය මන්දිරය පිහිටා තිබූ කොලඹ 07 මල්පාර ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත ලෙස නම්කොට ඔහු නමින් සමරු මුද්දරයක් ද නිකුත් කරනු ලැබීය.1948 දී ලංකාවට නිදහස ලැබුන පසු ලංකාවේ පළමු ආණ්ඩුකාර තනතුරද ඔහු වෙත අර්පණය කල මුත් පෞද්ගලික හේතූන් මත එය ප්‍රතික්ෂේප කලේය.තම මාතෲ භූමියට අමරණීය සේවාවක් කල ශ්‍රීමත් ඇල්බට් අර්නස්ට් ද සිල්වා ආදර්ශී දිවිපෙවෙතක් නිමකොට වර්ෂ 1957ක් වූ මැයි මස 09 දින සැත්තෑවෙනි වියේදී ජන්මාන්තරයට පැමිණියේය.මෙවන් දානපති ගතිගුණ ඇති දෑවැඩදායී, පරහිතකාමී සත්පුරුෂයින් බිහිවීම අතිශයින් විරලය.ඔහුට අමාමහ නිවනින්ම සැනසීම ලැබේවා...!!.





සැයු.  මේ ලියවිල්ලෙහි සඳහන් යම් ස්ථානයන්හී නාමයන් කාලානුරූපීව වෙනස්වී තිබීමට ඉඩ ඇති බැවින් තර්කානුකූලව ඒවාගේ නිරවද්‍යතාවය මැනගත යුතුය.


උපුට ගැනීම වලව්ව පිටුව.

ක්‍රි.ව 1806 හාරඹ වලව්ව, බළපිටිය

 


හාරඹවලව්වේ සල්ලිකාර පඬිවරයා "

ලංකාව බැබල වූ  මහ සිටුවරු..

බළපිටිය හාරඹ වලව්වේ විසූ ලුවී ද සොයිසා ජයතිලක මහමුදලිවරයා ' අග්‍රගණ්‍ය පඬිවරෙයෙකි.   



ශ්‍රී ලංකාවේ වැදි ජනතාව ගැන පර්යේෂණ රැසක් සිදුකළ මේ මහා පඬිවරයා සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසි හා ලතින් යන භාෂාවන් මැනවින් දැන සිටි මහා වියතෙකි.   


බළපිටිය වූ කලී තවමත් හරිහැටි නොලියවුණ මහා වීර කාව්‍යයක් යැයි විටෙක මට සිතේ.   

එද‌ා රට බැබළ වූ මහා මුදලිවරු හා වලව්වල ඉතිහාසය සොයා ගිය ගමන මහා සඟරුවනට කප්රුකක් බදු වූ බළපිටිය මහා කප්පින වලව්වෙන් ආරම්භ කළේ ඒ නිසාවෙනි. ඒ ගැන ලැබුණු දෙස් විදෙස් හි ශ්‍රී ලාංකික පාඨක ප්‍රතිචාරවලට ප්‍රථමයෙන් තුති පුදමි.   


හාරඹ වලව්ව ද බළපිටියේ පිහිටි පැරණිතම වලව්වකි. සලාගම වංශයට අයත් මෙහි ඉතිහාසය 1806 වසර දක්වා දිව යයි.   


නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිකරණ ඇමැතිවරයා මෙන්ම බළපිටිය ගුරු විද්‍යාලයේ හා බළපිටිය වත්මන් රේවත ජාතික පාසලේ නිර්මාතෘවරයා වූ දිවංගත ශ්‍රීමත් ලලිත රාජපක්ෂයන්ගේ ද මහගෙදර වූයේ මේ හාරඹ වලව්වය. මහා වියත් ලුවී ද සොයිසා විජයසේකර ජයතිලක මහමුදලිගේ සහෝදරියගේ දුවගේ පුතා ලලිත අභය රාජපක්ෂ ශ්‍රීමතාණන්ය.   


ගාල්ල - කොළඹ මහා මාර්ගයේ බළපිටිය රේවත ජාතික පාසල දක්වා දිවෙන මාර්ගයේ ටික දුරක් ගොස් දුම්රිය හරස් මාර්ගය පසුකොට ගිය විට ගල්මන්ගොඩ පිහිටි හාරඹ වලව්වට ළඟා විය හැක.   


වලව්භූමියට පිවිස වසර සියයකටත් වඩා පැරණි දෙපස පිහිටි දැවැන්ත නාගස් පේළියක සෙවන මැදින් ගොස් අපි දැන් හාරඹ වලව්වට ගොඩවෙමු.   


හාරඹේ ද සොයිසා ජයතිලක මුදලිතුමාගේ පුතකු ලෙස වර්ෂ 1816 දී මෙලොව එළිය දුටු ලුවී ද සොයිසා අකුරු කරන්නට වැලිතොට (බලපිටිය) මරද‌ාන පන්සලේ ලොකු හාමුදුරුවන් වෙත එළැඹ තිබුණේ සුභ මොහොතටය. සුභ නැකතට අත්පොත් තබා පිටව යන දරුවා පසුද‌ා ආපසු පන්සලට පැමිණියේ ලොකු හාමුදුරුවන් බැහැ දැක අකුරු ඉගෙනීමටය.   

 පෙර දිනයේ ​ෙලාකු හාමුදුරුවන් ‘අයනු’ ‘ආයනු’ යනුවෙන් දරුවාට අකුරු කියැවුවෝය.   


 ‘හාමුදුරුවනේ, ඊයේ කී අකුරු නේද’ යි ඇසීය.’ ඊයේ කී අකුරු මට මතක තිබෙනවා’ යි දරුවා කීවේ ලොකු හාමුදුරුවන් පුදුමයට පත් කරමිනි.   

 ‘කොහොමද මතක හිටින්නේ?’ ලොකු හාමුදුරුවන් දරුවාගෙන් විමසීය.   


 ‘කෙනෙකු පෙන්නා අද ඔහුගේ නම කිව්වොත් අනික් දවසේ පෙන්නූ විට මට නම මතකයි’ දරුවා කීවේ ලොකු හාමුදුරවන් පුදුමයෙන් පුදුමයට පත්කරවමිනි.   

දරුවාගේ මුවින් පිට වූ වචන අසා ලොකු හාමුදුරුවෝ ඉමහත් සතුටට පත්වූහ.   


මරද‌ාන පන්සලේ ලොකු හාමුදුරුවන් හා දරුවා අතර එකල සිදුවූ බව කියන දෙබස අදද ගම වහරෙහි පවතී.   


සංසාර පුරුද්ද අනුව උපතින්ම ගෙන ආ දක්ෂතාවයේ ප්‍රතිඵලය වන්නේ උපන් ගමට පමණක් නොව උපන් රටට උගතෙකු වියතකු බිහි වීමය.   


විදෙස් ආක්‍රමණ නිසා එද‌ා දකුණේ සරසවිය වූ තොටගමුවේ විජයබා මහා පිරිවෙනද අභාවයට පත් විය. ධර්ම ශාස්ත්‍ර යම්තම් ​ෙහා් ආරක්ෂා වූයේ ගමේ පන්සල හා මහා සංඝරත්නය නිසාවෙනි. භාෂා හා සාහිත්‍යයට අමතරව වෛද්‍ය හා ජ්‍යොතිෂයට පන පෙවුණේ ගමේ පන්සලෙනි. ගමේ හාමුදුරුවන්ගෙනි. කියැවීමට ලැබුණේ පුස්කොල ලිපි පිටපත්ය. ගමේ පන්සලේ හාමුදුරුවන් හා ගුරුන්නාන්සේම අකුරු කරවීම සීමා විය.   


අප කතානායක ලුවී ද සොයිසා සිසුවා පන්සල ඇසුරෙන් ඉගෙනුම ලබා පෙරදිග භාෂා පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් ලබා ගැනීමෙන් පසු ඉංගිරිසි බස සිය පුතුට ඉගැන්වීමට මාපියන්ගේ අභිලාෂය විය.   


අටලොස් වියේ පසුවූ ලුවී සොයිසා සිසුවා කොළඹ ශාස්ත්‍ර ශාලාවට යැවූහ. තම පාලන කටයුතු කරගෙන යාමට එද‌ා ස්වදේශිකයන් යොද‌ා ගැනීම සුදු පාලකයන්ගේ අරමුණ විය. ඉංගිරිසි භාෂාව ඉගැන්වීම සඳහා කෝට්ටේ ආරම්භ කළ ඉංගිරිසි පාඨශාලාවට ලුවී සිසුවා ඇතුළත් වන්නේ දෙගුරුන්ගේ ආශිර්වාද මැදය.   


ලුවී සිසුවා කෝට්ටේ ඉංගිරිසි පාඨශාලාවට ඇතුළත් වූ දිනයේ සිදුවූ සිද්ධියකින් සෙසු සිසුවෝ ලුවී සොයිසා තරුණ සිසුවා උපහාසයට හා සමච්චලයට ලක් කළෝය.   

 රැවුල ඇති කෙනෙක් හෝඩිය කියන්න ආවා.’ ඔව්හු පැවැසූහ. සෙසු සිසුවන්ගෙන් එසේ සමච්චලයට ලක්වූ තරුණ ලුවී සිසුවා සිව්වසක ඉගෙනුමෙන් අනතුරුව පැවැති පරීක්ෂණයෙන් පළමු තැන දිනා සමච්චලයට පිළිතුරු දුන්නේය.   


එකල රජයේ තනතුරකට සුදුස්සකු තෝරා ගැනීම සඳහා අවස්ථාවක් උද‌ාවිය. රජයේ උසස් නිලධාරියකු කෝට්ටේ ඉංග්‍රීසි පාඨශාලාවට පැමිණ විදුහල්පතිවරයාගෙන් ඒ ගැන තොරතුරු විචාළේය.   


‘ඔව් එහෙම කෙනෙක් හිටියා ඔළුව ලොකු තරුණයෙක්. ඔහු තෝරා ගන්න’ යැයි විදුහල්පතිවරයා රජයේ උසස් නිලධාරියාට දැනුම් දුන්නේය.   

 දින කීපයකට පසු අද‌ාළ තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දිනය උද‌ාවුණි.   


ඒ සම්මුඛ පරීක්ෂණය සඳහා කිහිප දෙනෙකු පැමිණ තිබුණි. එහෙත් බලාපොරොත්තුව සිටින පුද්ගලයා පැමිණ නොසිටියේය. සම්මුඛ පරීක්ෂණය අවසන් වෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී කඩිසර ලෙස පාගමනින් එන තරුණයකු දුටු රජයේ උසස් නිලධාරියා ඔහු සිය කාර්යාල කාමරයට කැඳවීය.   


ඇසූ ප්‍රශ්නවලට තරුණයා දුන් පිළිතුරු රජයේ නිලධාරියාගේ සිත් ගත්තේය.   


කාර්යාලයට ගිය කඩිසර තරුණයා ඉන් පිටව ආවේ එකල ජනතාව අතර ප්‍රකට ‘රජ්ජුරුවන්ගේ කන්තෝරුවේ ‘මුහන්දිරම්’ පදවිය සහිත තනතුරකින් පිදුම් ලබමිනි. රජයේ භාෂා පරිවර්තක තනතුර ලුවී සොයිසා තරුණයාගේ රජයේ මුල්ම පත්වීම විය. ඒ 1845 වසරේ ජූනි 01 ද‌ා වැනි දිනකය.   


එසේ ඇරඹුණ රාජ්‍ය සේවය තුළ ඔහු දැක්වූ දක්ෂතාව හා හසල දැනුම හේතුවෙන් රුපියල් එක්දහස් අටසීයක වාර්ෂික වැටුපක් සහිතව සිංහල තෝල්ක මුදලි හා ප්‍රධාන භාෂා පරිවර්තක තනතුරට උසස් වීම් ලබා ගැනීමට ලුවී තරුණයා සමත් වූයේ 1863 වසරේ දෙසැම්බර් 01 ද‌ාය.   


මල් දමකට මල් එක්වෙන්නාක් මෙන්ම තනතුරෙන් තනතුර ඉහළට පියවර තබා 1867 වසරේදී බෙන්තර වළල්ලාවිට කෝරළයේ මුදලි පදවිය ද ඉන් පසුව වාසල මුදලි හා සමස්ත ලංකා සාමවිනිසුරු සම්මාන පදවියෙන් ද පිදුම් ලැබුවේය.   


රාජ්‍ය සේවයේ තමාට හිමි තනතුරින් හා බලය අනුව රටේ සෑම අස්සක් මුල්ලක් නෑර ගොස් ශාස්ත්‍රීය හා සමාජ මෙහෙවරක් කරමින් සොයාගත් තොරතුරු රට කරවන නිලධාරීන්ට ඉදිරිපත් කළේ මහා මෙහෙවරක් කරා යන ගමනේ තවත් වැදගත් ඉදිරි පියවරක් තබමිනි.   


රජයේ උසස් නිලධාරීන්ට පෙරදිග භාෂා ගැන දැනුම වැඩිකර ගැනීමට තරුණ ලුවීගෙන් ලැබුණේ මහඟු පිටුවහලකි. එකල සිවිල් සේවයේ නියුතු බොහොමයක් නිලධාරීහු තරුණ ලුවී මුදලිගෙන් පෙරදිග භාෂා හැදෑරූ ශිෂ්‍යයෝ වූහ.   


එකල ස්වදේශිකයකුට ලබාගත හැකි උසස්ම පදවිය වූ මහමුදලි තනතුර ලුවී ද ​ෙසයිසා මුදලිඳු වෙත පිරිනමනු ලබන්නේ 1879 වසරේදී මහත් හරසරින් යුතුවය. මහමුදලි පදවිය ලබා වැලිතොට (බලපිටිය) සිය ගම් ප්‍රදේශයට පැමිණෙන විට මගදෙපස තොරණ රැසක්ම ඉදිකර තිබූ බව කියැවේ.   


එද‌ා අක්කර හතරකින් පමණ තිබූ හාරඹ වලව්ව ඉඩමේ කොටසක අද වන විට රේවත ජාතික පාසලේ ප්‍රාථමික අංශය පිහිටුවා තිබේ.   


අශ්ව ගාලක්, ඇත් ගාලක් මෙම මහ මුදලිවරයාට තිබූ බව පැරැන්නෝ කියති. මෙම මහ මුදලිතුමාට පිහිටා තිබූ හිස සාමාන්‍ය මිනිසකුගේ හිසට වඩා විශාල වීම නිසා ඔහුට අපමණ දැනුම් සම්භාරයක් තිබූ බව කියැවේ.   


එදවස හාරඹ වලව්වේ සිට බැලූ විට මුහුද දුටු බවට කතාවක් තිබේ. වලව්වේ සිට මුහුද එක එල්ලේ බැලීම සඳහා මාර්ගය සකස් කර තිබුණි. බළපිටිය රේවත ජාතික පාසල මැදින් මීට වසර ගණනාවකට ඉහත මෙම මාර්ගය වැටී තිබුණි.   


භාෂා දැනුමට අමතරව ජ්‍යොතිෂය හා වෙදකම ගැන ද දැනුමක් මේ මහා මුදලිවරයාට තිබූ බව පැවසේ.   


කොස්ගොඩ දෙවැනි වලව්වේ මුහන්දිරම්ගේ දියණිය වූ සොපායා ද සිල්වා ගුණසේකර අභය ශ්‍රී වර්ධන මෙනවිය සමග යුගදිවියට පත් ලුවී ද සොයිසා මහමුදලිවරයා විවාහයෙන් පසුව​ කොස්ගොඩ කුඩාගොඩගම මහවලව්වේ සතුටින් කල්ගෙවූ බව සඳහන් වේ.   


සුදුවතින් නිති සැරසී සිටින මහමුදලි ලුවීගේ ළමා තැනී මුණගැසෙන කතාබහ කරන හැම විට ‘දුවේ’ ‘පුතේ’ යන ආදරබරව කතා කිරීම නිසා ප්‍රදේශයේ ලොකු කුඩා කා අතරත් ඇය ආදරයට ගෞරවයට පාත්‍රවූවාය.   


 ජෝර්ජ් ලුවී ද සොයිසා විජයසේකර ජයතිලක බීලී ඇලෙක්සැන්ඩර් යන පුතණුවන් දෙදෙනා හා කැතරින් හා ග්‍රේස් යන දියණියන් දෙදෙනා ලුවී ද සොයිසා මහමුදලිට හා සොපායා ළමා තැනියට ද‌ාව උපන් දරුවන් සිව්දෙනාය.   


ජෝර්ජ් නම් වූ වැඩිමහල් පුතා කොස්ගොඩ උප්පැන්න හා විවාහ රෙජිස්ට්‍රාර් පදවිය දැරූ අතර දෙවැනි පුතු බීලී මුහන්දිරම් ලෙස කළුතර කච්චේරියේ රාජකාරි කර පසුව පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවයේ යෙදී තිබේ.   


 ලුවි ද සොයිසා මහමුදලි කලක් බළපිටිය, ගොඩගෙදර පිහිටි ‘ගජේරුව’ වලව්වේ වාසය කළ බව ද කියැවේ.   


පෙරදිග රටවල සුදු පාලකයන් එරටවල පැරණි ලිපි ලේඛන සොයා කටයුතු කිරීම ආරම්භ කළේය. එම කටයුත්ත ඉන්දියාව හා ලංකාව වැනි රටවලින් ආරම්භ කෙරුණි. ලංකාවේ මේ රාජකාරිය කිරීමේ වගකීම පැවරුණේ ලුවී ද සොයිසා මහමුදලිටය. මේ අනුව රට​ පුරා ගොස් තොරතුරු සොයා සියලු විහාර පොත්ගුල් පිරික්සීමට එතුමාට හැකි විය.   

 ​ෙපාත්ගුල් පුස්තක (පුස්කොල) නාමාවලිය සකස් වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. 1885 වසරේ එය මුද්‍රණයෙන් පළකෙරුණි.   


ලක්බිමේ මුල්ම පදිංචිකරුවන්ගේ විස්තර පිළිබඳ ලුවී ද සොයිසා මහමුදලි ඉදිරිපත් කළ මත හා තොරතුරුවලට මුල්තැන හිමි වූයේ නිතැතිනි.   


 එද‌ා සමකාලීන උගතුන්, වියතුන්, වැදි ජනයාගේ සම්භවය ගැන විවිධ මත පළකළ ද ලුවී ද සොයිසා මුදලිඳුගේ මතය වූයේ වැදි ජනයා කුවේණියගේ දරු දෙදෙනාගෙන් පැවත එන බවය.   


 ‘මාමිනි’ යන වැදි වචනය ‘මාගේ මැණික’ යන ජේ. බේලි මහතාගේ අර්ථය පිළිනොගත් මහාවියත් ලුවී පඬිවරයා ‘මහා පුරුෂයාණනි’ අර්ථය ඉදිරිපත් කළහ. 


 සත්කෝරළයේ පරීක්ෂණ කටයුතුවල නිරතව සිටියදී ‘පදසාධන ටීකාව’ සොයා ගත්තේ 1873 දී රිදී විහාරයේ තිබියදීය. හික්කඩුවේ සුමංගල නාහිමියන් හා බටුවන්තුඩාවේ ශ්‍රී දේවරත්ත පඬිතුමන් ඇතුළු පාළි භාෂා විශාරදයන් මෙය කිසිද‌ා නොදුටු ග්‍රන්ථයක් යැයි කියා සතුට පළ කළහ.


මුල්ගිරිගල හා උඩුනුවර ගඩලාදෙණි විහාරයෙන්ද පදසාධන ටීකාවේ පිටපත් සොයා ගත්ත ද රිදී විහාරයෙන් සොයාගත් පිටපත පැරණිම පිටපත බවටත් එහි අකුරු පහළොස් වන සියවසේ ගල්අකුරු හා සම වන බවත් කියති.   


 මුල්ගිරිගල විහාරයෙන් හමුවූ මොග්ගල්ලා යන වුත්ති සන්නය මෙන්ම යටපත්ව තිබූ ජාතක කථා වස්තු කීපයකම සැඟව තිබූ නම් සොයා කළ විශිෂ්ටතම ගවේෂණයේ අවසන් ප්‍රතිඵලය වූයේ පන්සියපනස් ජාතක පොත අද පවතින මට්ටමට සකස් කිරීමය. එය සකස් කිරීමට පුරෝගාමීත්වය ගත්තේ මහාවියත් ලුවී ද සොයිසා මහමුදලිය.   


 පැරණිතම සන්දේශ කාව්‍යයක් වූ මියුරු සඳෙ​ෙසහි අත්පිටපතක් මහමුදලි ලුවී ​ෙසායිසා වියතාණන්ගේ පුස්තකාලයේ තිබුණි. මයුර සන්දේශ විවරණ සංඥාපනයෙහි මුනිද‌ාස කුමාරතුංගයන් මේ බවට හෙළි කර තිබේ.   


 ඉන් අනතුරුව ලුවී මහා මුදලිඳු හට ‘මහාවංශය’ නම් වූ පාළි ග්‍රන්ථය ඉංගිරිසි බසට පෙරළීමේ බාරදූර වගකීම පැවරුව ද ඇස් පෙනීමේ හා ශාරීරික දුබලතා නිසා එය මගහැරුණි.   

දැනට අප රටේ පවතින පළාත් මායිම් සීමා නිර්ණය කිරීමේදී අවශ්‍ය කඩඉම් ඉංග්‍රීසි ආණ්ඩුවට ලබා දී තිබෙන්නේ ද ලුවී ද සොයිසා මහමුදලිතුමන් විසිනි.   


එවකට ඉංග්‍රීසි ආණ්ඩුව මේ රට පාලනය කිරීමේදී තනි රටක් වශයෙන් නොව පළාත් වශයෙන් වෙන් කිරීමට අද‌ාළ පැරණි සීමා මායිම් ගැන ඉංග්‍රීසි පාලකයන්ට කියා දුන්නේ බළපිටියේ උපන් මේ මහා මුදලි ධුරය දැරූ අග්‍රගණ්‍ය පඬිරුවන විසිනි.   


 ඒ පැරණි කඩඉම් පොත් නිසා වර්තමාන වාරිමාර්ග ශිෂ්ටාචාරය ගොඩනැගුණි. එම වාරිමාර්ග ශිෂ්චාරය ගැන කියැවූ බ්‍රෝහියර් නමැති ඉංග්‍රීසි ජාතිකයා වැව් සංස්කෘතිය ගැන ලියන ලද ග්‍රන්ථයෙන් ඉංග්‍රීසි ආණ්ඩුව පුදුමයට පත් විය.   


මේ මහා වියත් මහමුදලිතුමා ජීවිතයේ අවසන් භාගයේ පවා ශාස්ත්‍රීය කටයුතුවල නිරත වූයේ රට දැය සමය වෙනුවෙන් කළ යුතු තම යුතුකම වගකීම සිත්හි තදින් දරා ගනිමිනි.   

රාජකීය ආසියාතික සමිතියට අනුබද්ධ ලංකා ආසියාතික සමිතිය 1845 වසරේදී පෙබරවාරි 07 දින සංවිධානය වී ‘රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාව’ නමින් එය 1846 වසරේ පෙබරවාරි මස 07 වැනිද‌ා පිහිටුවීය.   


ලංකාවේ ඉතිහාසය, ආගම්, භාෂා, සාහිත්‍ය, කලා සහ අතීත හා වර්තමාන තත්ත්වය පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණ පවත්වා සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීම මෙම සංවිධානයේ ප්‍රධාන පරමාර්ථය විය.   


 රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සාමාජිකත්වය ලැබූ ලුවී ද සොයිසා මහා පඬිවර මහා මුදලිවරයා ටික කලකදී එහි කාරක සභාවට පත්ව 1866 වසරේදී පුස්තකාලායාධිපති පදවිය ද දැරූහ. කලක් කෞතුකාගාරයේ පුස්තකාලයාධිපති පදිවියෙහිද මෙතුමා කටයුතු කළ බවට ද සඳහන් වේ.   


 1881 වසරේදී එම සමිතියේ ගරු සාමාජිකත්වය ලැබූ මෙහි සිටි අල්පයක් ස්වදේශිකයන් අතර සිටි එකම ස්ව​ෙද්ශිකයා වූයේ ද මෙතුමාය.   


දිවා රෑ නොබලා ශාස්ත්‍රීය කටයුතුවල යෙදීම නිසා ලුවී ද සොයිසා මහමුදලි අග්‍රගණ්‍ය පඬිවරයාගේ ආයු කාලය ද කෙටි විය.   


 මෙවන් උත්තරීතර අනුපමේය උද‌ාර ශාස්ත්‍රීය මහා සේවාවක් තමන් උපන් රට ජාතිය වෙනුවෙන් කළ මහා වියත් ලුවී ද සොයිසා විජයශේඛර ජයතිලක මහ මුදලි 1884 වසරේ මාර්තු මස 02 දින කොස්ගොඩ මහ වලව්වේදී සිය ශාස්ත්‍රීය ජාතික මෙහෙවරින් සමුගත්තේය.   


 අවමංගල්‍යය මහත් හරසරින් කොස්ගොඩ තානායම්පොළ සුසාන භූමියේදී පස්වරුවේ සිදුකෙරිණි.   

 ලුවී ද සොයිසා මහමුදලි වියතාණන්ගේ ජීවිතය පුරා ඇති කතා බොහෝය. ඉන් එක් කතාවක් පමණක්


ගෙනහැර දක්වන්නේ ස්වදේශිකයන් පමණක් නොව වි​ෙද්ශිකයන් ද ඔහුට දැක්වූ ගෞරවය ගැන නිදසුනක් ලෙසිනි.   


ලුවී ද සොයිසා මහමුදලිගේ අභාවය සිදුව ටික කලෙකි. ඒ 1907 වසරයි. කොස්ගොඩ ප්‍ර​ෙද්ශයේ උප්පැන්න විවාහ මරණ රෙජිස්ට්‍රාර් තනතුර සඳහා ඉල්ලුම්පත් කැඳවා කොස්ගොඩ පාසලෙහි සම්මුඛ පරීක්ෂණය පැවැත්වූ දිනයයි. (සුනාමිය නිසා කොස්ගොඩ පොලීසිය පිහිටි ඉඩමට යාබදව පිහිටි මෙම පාසල සම්පූර්ණයෙන්ම පොළොවට සමතලා විය.)   

කොස්ගොඩ පාඨශාලාවට සම්මුඛ පරීක්ෂණය සඳහා පිරිසක් පැමිණ සිටි අතර ලුවී මහා මුදලිතුමාගේ ළමා තැනිය ද උපශාන්ත ගමනින් පැමිණ එහි නතර වූවාය.   


 ‘මොකද පුතේ මෙතැන සෙනඟ එකතු වෙලා?’ එහි සිටි අයෙකුගෙන් ළමා තැනිය ඇසුවාය.   


‘අද රෙජිස්ට්‍රාර්කම් දෙනවා’ එම පුද්ගලයා කීය.   


 සම්මුඛ පරීක්ෂණය සඳහා පළාතේ දිසාපතිවරයා පැමිණ තිබුණි.   


ළමා තැනිය ගිය ගමන නවතා පළාතේ දිසාපතිතුමා සිටි ශාලාවට ගොඩවැදුණාය. ළමා තැනිය දුටු දිසාපතිවරයා වහා සිය අසුනෙන් නැගිට ළමා තැනිය අසලට ගොස් අතින් අල්ලාගෙන පැමිණ සිය අසුනේ හිඳුවා පැමිණි කාරණය විමසීය.   


‘​ෙමාකද අම්මේ මේ ආවේ..’ඇසුවේ මහත් වූ ගෞරව පෙරදැරිවය.   


 ‘පුතේ මට අහන්ඩ ලැබුණා අද රෙජිස්ට්‍රාර්කම් දෙනවා කියා. අන්න ජෝ නිකම්ම ගෙදර ඉන්නවා. එයාට රෙජිස්ටාර්කමක් දෙන්ඩ කියන්නයි මං ආවේ යැයි ළමා තැනිය දිසාපතිට කීවාය.   


 ‘හොඳයි මම ඒක කරනවා’ යි දිසාපතිවරයා කී පසු ළමාතැනිය ඉන් පිටව ගියාය.   


පසුව සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණ සිටි සෙසු පිරිස අමතමින් පළාතේ දිසාපතිවරයා කීවේ ‘ඒ ළමාතැනීගේ ඉල්ලීම කොහොමත් කඩකරන්න බැහැ. කවුරු විරුද්ධ වුණත් ඉටුකරන්න ඕනෑ. කිසිවකුට එය නවත්වන්න බැහැ.’  කියා ළමාතැනියගේ වැඩිමහල් පුතු වන ජෝ ට කොස්ගොඩ රෙජිස්ටාර්කම ලබා දුන්නේ තම ගුරුවරයාට ගෞරවය දක්වමිනි. මේ ඉංග්‍රීසි ජාතික දිසාපතිවරයා ලුවී ද සොයිසා මහ මුදලිගෙන් සිංහල භාෂාව උගත් සිසුවෙකි. සිසුවා සිය ගුරුවරයාට ගරු කළේ එලෙසිනි.   


 ලංකාවේ කඩඉම් හැදීමට බළපිටිය හාරඹ වලව්වේ උපන් මහා වියත් ලුවී ද සොයිසා මහ මුදලිඳු සම්බන්ධ වුණා සේම හාරඹ වලව්වේම උපන් එම පරපුරේ පුරුකක් වූ ඔහුගේ මුනුපුරු නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිකරණ අමාත්‍ය ධුරයට පත් ලලිත අභය රාජපක්ෂ ශ්‍රීමතාණන් ජාතික කොඩිය නිර්මාණය කිරීමේ කමිටුවේ සාමාජිකත්වය දැරීය.   

 එසේම බළපිටියේ උපන් මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද නාහිමියන් බෞද්ධ කොඩිය නිර්මාණය කිරීමේදී ඊට එක්වූ පුරෝගාමී හිමිනමකි.   


එංගලන්තයට ගොස් නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය දිනාගත් ලලිත රාජපක්ෂ මහතා රාජ නීතිඥවරයකු ලෙස කටයුතු කළේය. බළපිටිය ගුරු විදුහල හා බළපිටිය රේවත ජාතික පාසල පිහිටුවමින් තමා උපන් ප්‍රදේශයේ දරුවන්ට පමණක් නොව අවට ගම්දනව්වල දරුවන්ගේ ණැනස පෑදීමට සිය කාලය, ධනය, ශ්‍රමය වැය කළ මෙතුමා නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිකරණ ඇමැතිවරයා ලෙසට ද පත් විය.   


ඩී.ඇස්. සේනානායක යුගයේදී බළපිටිය හාරඹ වලව්ව රටේ දේශපාලන නායකයන් හා ප්‍රභූන් ආගිය තැනකි.   


 ශ්‍රීමත් ලලිත රාජපක්ෂ මැතිඳුන්ගේ දෙටු සොහොයුරිය විවාහ වූයේ එවකට කීර්තිමත් වෛද්‍යවරයකු වූ ඊ.එම්. විජේරාම නැතහොත් එඩ්වින් මැන්දිස් විජේරාම මහතා සමගය.   

ඔහු සිංහල විශ්ව කෝෂය වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ වචනවලට වැදගත් විස්තරාත්මක ලේඛන සැපයූ ලේඛකයෙකු ද විය.   


 කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු වූ ඔහු තමා උපන් බළපිටිය, කොස්ගොඩ උපන් බිමේ බෙහෙත් ශාලාවක් තනවා රජයට පරිත්‍යාග කළේය. අහුන්ගල්ල රාජපක්ෂ මහා විදුහලේ ඉගෙනුම ලැබූ දොස්තර විජේරාම මහතා හා අනුලා වි​ෙජ්රාම මැතිනිය තමන් ජීවත් වූ කොළඹ කුරුඳුවත්තේ ‘හංස ශ්‍රී’ නිවස 1964 වසරේදී කොළඹ වෛද්‍ය විද්‍යාලයට පිරිනැමූ අතර එයින් වසර දහයකට පසු තම බිරිඳට ද‌ායාද ලෙස ලැබුණු බළපිටියේ හාරඹ වලව්ව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට පරිත්‍යාග කළේ මේ රටේ අසරණ දූ දරුවන්ගේ යහපත හා ඔවුන්ගේ සෙවන වෙනුවෙනි.   


 ඒ අනුව ආරම්භ කළ අනුලා විජේරාම ළමා නිවාසය ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයා වූ ශ්‍රීමත් විලියම් ගොපල්ලව මැතිතුමා සුරතින් විවෘත කොට මේ වන විට වසර 43 ක පමණ කාලයක් සපිරේ.   


බළපිටිය තරුණ බෞද්ධ සංගමය මෙන්ම බළපිටිය මිගෙට්ටුවත්තේ, ගාල්ල-කොළඹ මහා මාර්ගය අයිනේ මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද නාහිමියන්ගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් පිහිටුවීමට මුල් වූයේ ද බළපිටියේ හාරඹ වලව්වේ උපන් ලලිත රාජපක්ෂ ශ්‍රීමතාණන්ය.   


 පසුගිය දිනක සවස් වරුවේ මා හාරඹ වලව්වට ගියේ මා මිතුරු ධම්මික පෙරේරා වික්‍රමරත්න මහතා සමගිනි. බළපිටියේ දැනට ඉතිරිව තිබෙන වලව් කීපය අතුරින් හාරඹ වලව්ව පැරණිතම වලව්වකි.   


හාරඹ වලව්වේ පිහිටි අනුලා විජේරාම ළමා නිවාසයේ පාලිකාව ලෙස වසර විස්සක පමණ කාලයක් සේවය කරන ප්‍රධාන පාලිකා නිලානි මෙනවිය මෙහිදී සිහිපත් කළ යුතුය.   

වසර දෙසීයකට වඩා පැරණි වලව්වේ වහල සිංහල උළු සෙවිලි කර තිබෙන අතර මෙහි බිත්ති ගොබලු කහට හා මී පැණි, බෙල්ලාටු ගස්වල කහට යුෂ මිශ්‍ර බද‌ාමයකින් තනා ඇති බව පැරැන්නෝ කියති.   


 ආලින්ද දෙකකින් යුත්​ මෙහි ඉහළ මාලයේ මුදලිවරුද දෙවැනි මාලයේ ආරච්චි, විද‌ානේ, කංකානම්වරු හා සුළු මුලාදෑනිවරුන්ට අසුන් පනවා තිබූ බව ඉතිහාසයේ කියැවේ. මෙම ආලින්දය වරක අධිකරණ ශාලාවක් ද වී තිබේ. ප්‍රධාන උළුවස්ස වසර දෙසීයක් පැරණිය. තොරණ ආකාරයෙන් සකස් වූ මෙය මිල කළ නොහැකි වටිනා නිර්මාණයකි.   

 මෙහි සටහන් කළ යුතු තවත් කරුණකි. කොළඹ විජේරාම මාවත නම් කර ඇත්තේ මෙම වලව්වෙන් විවාහ වූ දිවංගත දොස්තර විජේරාම මහතාට උපහාර ලෙසිනි. බළපිටියේ මහා කප්පින වලව්වට අත්වූ ඉරණම බළපිටියේ හාරඹ වලව්වට වෙන්නට ඉ​ඩ නොදී මේ උරුමය රැකගැනීමට ක්‍රියා කළ යුතු කාලය එළඹ ඇති බව සටහන් කරමින් හාරඹ වලව්වෙන් සමුගනිමි.   

සටහන හා ඡායාරූප   

- අම්බලන්ගොඩ හේමන්ත ද සිල්වා

සෙනෙවිරත්න වලව්ව , බූස්ස

  දේව නදෝරිස් ද සිල්වා සෙනෙවිරත්න රාළහාමී විසූ ප්‍රතාපවත් නිවහන බූස්ස මහා ගෙදර   " සෙනෙවිරත්න වලව්ව "  මනරම් දර්ශනීය මන්දිරයක් ලෙස...