" නම්මුණි බාර්නිස් ද සිල්වා විජය කුලතිලක එදිරිසිංහ " මුහන්දිරම් තුමා විසූ අහුංගල්ල පාතේගම එදිරිසිංහ වලව්ව
සලාගම කුලයට අයත් පැරණි වලව්වකි.
✍️ පාලි භාෂා චක්‍රවර්තී ශාස්ත්‍රපති බලපිටිය වැලිතර යු.ඒ.ඥනතිලක මහා නාහිමියන් ..
කවර රටක වුවද කවර ජාතියකවුද අභිත විරෝදාර ස්වභාව සම්පන්න ශ්‍රේෂ්ඨ පුරුෂ යෝ උපදිති එයිතිහාසික බලපිටිය ප්‍රසිද්ධ වාලුකාතීර්ත (වැලිතර) ග්‍රාමයේ ක්‍රිස්තු වර්ෂ 1858 දි ජන්මලාභය ලද වැලිතර යු.ඒ.ඥනතිලක මහා නායක මහා නාහිමියන් ද එබදු ගුණයෙන් හෙබි සංඝ පීතෘවරයානන් වහන්සේ නමකි. බලපිටිය වැලිතර විසු ජනනායකයෙකුවූද ධනකුවෙරයකවූද එදිරිසිංහ වලව්වේ " නම්මුනි බාර්නිස් ද සිල්වා විජයකුලතිලක එදිරිසිංහ මුහන්දිරම් " රාලහාමි සහ සේනාපති අවිහාමි ද සිල්වා හාමිනේ යථොක්ත මහා නායක නාහිමියන් ගේ දෙමාපියන් වුහ. වර්ශ 1871 දි ලක්දිව පඬිරුවනක්වු අමරපුර ගනපාමොක්ඛාචාර්ය අරියවංශාලංකාර ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය` වැලිතොට අම්බරුක්කාරාම මුල මහා විහාරයාදිපති අමරපුර මුලවංසනිකායේ මහා නායක වැලිතර විමලසාර තිස්ස මහා නායක මහා නාහිමියන් විසින් සසුන් ගතවුයේ වැලිතර ඥනතිලක යනුවෙනි. ඥනතිලක සාමනේරයන් පාලි සංස්කෘත පිලිබද ඉගෙනුම ලාබාගත්හ. මුන්වහන්සේ වයස අවුරුදු 23 දි ස්වකීය විහාරස්ථානයේ විජ්ජොභාස විජ්ජාමන්දිරනම් පිරිවෙනක් ආරම්භ කර ප්‍රාචීන සංස්කෘත පාලි භාශාවලින් පිරිවෙනේ මුලික අද්‍යපනය කලහ .එවකට දකුණු සිරි ලක අග්‍රගණයේ පිරිවෙනක් විය.
බුරුම රට රක්බ්ඩ්ග ජනපදයේ හෙන්සාඩා රාජධානියට ආසන්න ආරණ්‍යවාසී මහින්දපරම්පරානුගත මහා විහාර වංශික භික්ෂූන් සත්දසකට සංඝරාජවු රාජාධිරාජගුරු
උක්කංවංශමාල මහා නාහිමියන් ප්‍රමුඛ තෙලසක් පමන බුරුම මහා සංඝයා ඉදිරියේ දි එයිතිහාසික බලපිටිය වැලිතර මාදුගඟ නදියේ වැලිතර ඥණතිලක මහා නාහිමියන් ප්‍රමුඛ පස්නමක් අදශීල සංඛ්‍යාත ශ්‍රද්ධාපසම්පත්තිය ලාබාගන "අමරපුර චුලගන්ටික "නමින් භික්ෂු පරපුරක් වර්ශ 1886 දි ස්තාපිත කර එහි ප්‍රථම මහා නායක පදවියට උන්වහන්සේ පත්විය.
අධ්‍යාපනික, ලේඛක, කවිෂ්වර යන පාණ්ඩිත්‍ය ත‍්‍රිලක්‍ෂණයෙන් සමලංකෘත මහා ප‍්‍රාඥයෝ කලාතුරකින් ම පහළ වන්නාහ. විසිවන සියවසේ පහළ වූ එක ම අසහාය මහා ප‍්‍රාඥයා ලෙස අමරපුර චූලඝණ්ඨි නිකායාධිකර්තෘභූත පාළි මහා චක‍්‍රවර්තී යන රාජදත්තිය නාමෝපලක්‍ෂිත ඒ.යූ.ඒ ඥානතිලක ස්‍යාමරාජ පූජිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බව අවිවාදනේ සියලූ උගත්හු පිළිගත් හ. පාළි, සිංහල, සකු, ගාථා, කවි, සොලෝ එකවර දෙසියයක් පමණ ලිවීමේ හැකියාවකින් යුක්ත වූ මාහිමියෝ අපූර්ව වාග් ශක්තියකින් ද යුක්ත වූ සේක. උන්වහන්සේ විදේශීය රජුන්ගෙන් ලැබූ උක්කට්ඨමහා තිස්ස, හිස්හොලිනස් ආදි ගෞරව නාම ලැබීමට එතෙක් මෙතක් සුදුස්සකු පහළ නො වූහ. බුදුරජුන් ගේ භාෂාව යයි සලකා පාළියට පුදුම ආදරයක් මෙන් ම ගෞරවයක් ද දැක්වූ උන්වහන්සේ පාළි ව්‍යාකරණය ගැන පුදුම අයුරින් වෙහෙසුන සේක. එබැවින් මව්බස සේ ම පාළියෙහි පරප‍්‍රාප්ත වූ ඥාණතිලක ස්වාමීන්ද්‍රයෝ මව්බස හා පාළිය සමාන ව කථා කිරීමෙහි ද සමර්ථ වූහ.
උන්වහන්සේ ගේ පාළි ව්‍යාකරණ පටුත්වය ගැන දැන ගැනීමට එහිමියන් විසින් රචිත න්‍යාස, කාරිකා, නිරුත්තිරතනාකර, ගන්ධාභරණ, ඒකක්ඛරකෝස, වාචකෝපදේශාදී දේශ-දේශාන්තර පාළි ව්‍යාකරණ ග‍්‍රන්ථ 80 කට පමණ ලියූ විස්තර ව්‍යාක්‍යා ප‍්‍රමාණවත් ම ය. මාහිමියන් ගේ සාසනවංසදීප මහා කාව්‍ය (පාළිශාසන වෘත්තාන්ත – ගාථා 1672) විස්තර ව්‍යාක්‍යාවේ 13 වන ගාථාවට ලියූ විස්තරය පූර්වප‍්‍රකාර උගතුන්ගේ දුර්මත විදාරණය වීමට හේතුභූත වේ.
අරියවංශ ගෞරව උපාධිය ද "උක්කට්ඩ මහා තිස්ස "යන ගෞරව උපාධිය ද"අරියවංශාලංකාර"යන ගෞරව උපාධිය ද ලංකාණ්ඩුකාර සර් ජෝසප් වෙස්ට් රිජ්වේ විසින් "අමරපුරගනප්පධාන සංඝ නායක ගෞරව උපාධිය ද "හිස් හොලිනස්"යන රාජකිය ගෞරව උපාධිය සියම් රජතුමා විසින් ද ප්‍රධාන ය කර ගෞරව කලහ. උන්වහන්සේ ශ්‍රී ලංකද්විපයේම උගත් බුද්ධිමත් පඩිරුවනකි. රාජසම්මානලත් ස්වකීය ධර්ම ශාස්ත්‍රය සම්බුද්ධ ශාසනයේ උන්නතියට විශාල කාර්‍යක් සිදුකල වැලිතර පුශ්පාරාම පුරාන විහාරයාදිපති අමරපුර චුලගන්ටික මහා නිකායේ ආදිකතෘ පන්ඩිත ගෞරව ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය ගනාචාරිය අතිගෞරවාර්ග මහෝපාධ්‍ය ශිරෝමනි ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය` වැලිතර යු.ඒ.ඥනතිලක මහා නාහිමියන් 1941 .5.21වැනි දිනක සියලු සංස්කාර ධර්ම අනිත්‍ය බව සනිටුහන් කරමින් අපවත්වී වදාළහ.
වැඩිදුර විස්තර සඳහා කියවන්න 👇
https://mahamegha.lk/2012/07/17/asapuwa/
එදා සලාගම බ්‍රාහ්මණ වංශික වලව් වලින් මුදලි වරුන් තම දරුවන් සම්බුද්ධ ශාසනයේ සසුනට පුජාකලහ. ලංකාගොඩ රාජපක්ෂ මහා වලව්වෙන්ද , වැලිතොට එදිරිසිංහ මුහන්දිරම් වලව්වෙන්ද, මාදම්පාගම උරවත්තේ රන්නුලු ලිවේරා වලව්වෙන්ද ඇතුලුව තවත් බ්‍රාහ්මණ වංශික වලව් වලින් සසුන් ගතවූ සම්බුද්ධ ශාසනයේ සසුන්ගතවූ ලංකාගොඩ සිරි ධීරානන්ද මහානයක මහා නාහිමියන්, වැලිතර යු.ඒ.ඥනතිලක මහා නායක නාහිමියන් මාදම්පාගම ධම්මතිලක මහා නායක මහා නාහිමියන්, රාජගුරු වැලිතර සිරි සුදර්ශන උප සංඝරාජ මහා නායක මහා නාහිමියන් එයින් ප්‍රධාන සංඝ පිතෘවරයානන් වහන්සේ ලා වෙයි. එපමණක් නොව,
බලපිටියේ මහා කප්පින වලව්ව, මාදම්පාගම ගල්දූවත්ත වලව්ව, දඩල්ල රාජපක්ෂ මහා වලව්ව, කොලඹ කුප්පියාවත්තේ ජයසේකර වලව්ව, මාදම්පාගම ලංකාගොඩ රාජපක්ෂ වලව්ව, බලපිටියේ අඹගහපිටිය වලව්ව ඇතුලු බොහෝ වලව් සලාගම බ්‍රහ්මණ වංශික ප්‍රභූවරු විසින් සම්බුද්ධ ශාසනයේ චිරස්තිතිය උදෙසා ශාසනයට පූජා කරන ලද වලව් අතර වේ. එසේ වලව්ව පුජා කල අතර වලව්වල කුල කුමරුවන්ද මුදලි වරුන්ද සසුන් ගතවූහ. මිගමුව කදිරාන උලුඅම්බලම් වත්ත වලව්වේ (ජයසිංහ වලව්වේ) වර්නකුල අල්බට් අරනස්ට් ජයසිංහ මුදලිතුමා ද සම්බුද්ධ ශාසනයේ සසුන්ගතවු සලාගම කුලයේ ප්‍රමුඛ මුදලි වරයෙකි.
උඩරට පාරිශූද්ධ උභය කුල වලව් තුල රදල කුල කුමරුවන් සසුන්ගතවූ බවක් ඉතිහාසය අනුව පෙන්වා දීමට පුලුවන් කමක් තිබේ ද යන්න ප්‍රශ්නාවලියකි. කෙසේ නමුත් සලාගම බ්‍රාහ්මණ වංශිකයන් සහ ඔවුන්ගේ වලව්, ඉතිහාසය තුල එම 'පරම ආදර්ශය' රටටම පෙන්වා දී ඇත.
සටහන :- එච්. අනුරූ ද සිල්වා
කරුණාකර උපුටා ගන්නේ නම් කතෘ අයිතිය සුරැකීමට කාරුණික වන්න. ස්තූතියි.
No comments:
Post a Comment