ලංකාවේ ප්‍රථම සිංහල ශබ්ද කෝෂය ආරම්භ කිරීමට මුල්වූ .....
" තිරිමාදුර ඒබ්‍රහම් මෙන්ඩිස් ගුණසේකර විජය ශ්‍රී වර්ධන බස්නායක " මහමුදලිතුමා
ප්‍රථම සිංහල ශබ්ද කෝෂයේ මුල් පිටපතලොවෙහි යම් භාෂාවක් සඳහා නව වචන නිර්මාණය කර එක්‌කිරීම අවශ්‍යතාව මත සිදුවීම සාමාන්‍ය සිරිතයි. නමුත් භාෂාවක් සඳහා අභිනවයෙන් වෙනත් අක්‌ෂර නිර්මාණයන් එක්‌කිරීම සිදුවන්නේ නැත. නමුත් සිංහල භාෂාවේ "F" ශබ්දය නැගීමට අක්‌ෂරය නොමැතිවූ නිසා ඒ සඳහා යොදා ගත්තේ සිංහල බසේ "ප" අකුර මත ඉංගී්‍රසි බසේ "F" අකුර රඳවා සකසා ගත් ද්විභාෂා අක්‌ෂර එකතුවක් ලෙස "ෆ" අකුර යොදා ගැනීමයි මෙය විදුහුරු ක්‍රියාවක් නොවන නිසා ඒ සඳහා සුදුසු අක්‌ෂරයක් හඳුන්වා දීම සිදුවූයේ මීට වසර 114 ක් ගෙවුණු වර්ෂ 1896 දෙසැම්බර් මාසයේදීය. ඒ සඳහා ක්‍රියා කළේ බළපිටිය බස්‌නායක වලව්වේ වාසය කළ
" තිරිමාදුර ඒබ්‍රහම් මැන්දිස් ගුණසේකර විජය ශ්‍රී වර්ධන " මහා මුදලි තුමන්ය.
ජර්මන් ජාතිකයකු වූ විල්හෙල්ම් ගෛගර් පඬිවරයා විසින් මැන්දිස් ගුණසේකර මහතා පිළිබඳ 1897 දී ඔහු විසින් ලියන ලද මාලදිවයින පිළිබඳ ග්‍රන්ථයේ ගෛගර් මෙසේ පවසයි. "ලංකාවේ පමණක් නොව යුරෝපයේවත් භාෂාවන් පිළිබඳ ඒ මැන්දිස් ගුණසේකර මුදලිතුමා තරම් පටුතර බුද්ධිමත් පුද්ගලයෙක් සොයා ගැනීම දුෂ්කරය" යනුවෙනි. මෙවැනි විශාරද භාෂා උගතකු බුද්ධිමතකු වියතකු කීර්මත් මුදලිවරයකු වූ මැන්දිස් ගුණසේකර මහතා වර්ෂ 1860 ජුනි මස 14 වැනි දින එනම් මීට වසර 150 කට ඉහතදී දකුණු සිරිලක ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ බළපිටිය ප්‍රදේශයේදී උපත ලැබුවේය. මෙතුමා කුඩා කල හඳුන්වන ලද්දේ ඒ බ්‍රහම් මැන්දිස් ගුණසේකර යනුවෙනි. දෙමාපියන් වූයේ බළපිටිය බස්‌නායක වලව්වේ විසූ " තිරිමාදුර බස්‌තියන් මැන්දිස් ගුණසේකර විජය ශ්‍රී වර්ධන බස්නායක " මහා මුදලිතුමන් සහ ගරුමුණි අසේයා ද සොයිසා මාතාවයි.
මෙලෙස සිංහල ශබ්ද කෝෂය ආරම්භ කිරීමට මුල්වූ ගුණසේකර මුදලිතුමා අප රටේ ප්‍රථම ඉංගී්‍රසි - සිංහල හා සිංහල - ඉංගී්‍රසි ශබ්ද කෝෂ දෙකෙහි ආදි කර්තෘවරයා බව දන්නේ කීයෙන් කී දෙනකුද? ????
ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉංගී්‍රසි - සිංහල ශබ්දකෝෂය ලියා මීට වසර එකසිය පහකට පෙර 1905 දී මුද්‍රණයෙන් එළිදක්‌වන ලද මෙතුමා 1915 දී වචන විසිදහසක පමණ එකතුවක් ඇති සිංහල - ඉංගී්‍රසි ශබ්දකෝෂයක් ලියා පළ කළේය.
මහාවංශයේ සඳහන් වන සියලු රජවරුන් පිළිබඳ කවි දහසක් පමණ ලියා වරින්වර සිය ඥනාදර්ශ සඟරාවේ පළ කළ අතර අරාබි නිසොල්ලාසය ප්‍රථමයෙන්ම සිංහලයට පරිවර්තනය කිරීමේ මෙහෙවර මෙතුමා විසින් සිදුකරන ලදී.
හැඳින්වීමෙන් මහ ගත්කරු නාමයක් නොතිබුණද ජාතියේ ශ්‍රේෂ්ඨ පඬිවරයකු වූ තිරිමාදුර ඒබ්‍රහම් මැන්දිස් ගුණසේකර විජය ශ්‍රී වර්ධන වාසල මුදලිතුමන් මීට වසර අසූවකට පමණ පෙර 1931 පෙබරවාරි 09 වැනි දින බළපිටියේ වාසළ වලව්වේදී වසර හැත්තෑ එකක දිවිමග අවසන් කොට ජීවිතයෙන් සමුගත්හ. සිංහල හෝඩිය පවතින තුරු එය භාවිත කරන තුරු නොමැරෙන අමරණීය නාමයක් හිමිකරගෙන උගත් ලෝකයාගේ ගෞරවයට කීර්තියට පත් මේ විද්වතාණන් පිළිබඳව එතුමිගේ ශ්‍රී නාමයට අපෙන් හිමිවිය යුතු තැන තවමත් නොලැබී ඇති බව කනගාටුවෙන් සඳහන් කරමි. එතුමා වෙනුවෙන් සමරු මුද්දරයක්, නිකුත් කිරීමටවත්, මාවතක් නම් කිරීමටවත් වගකිව යුතු අංශ අද වනතුරු පියවරක් නොගෙන ඇත. මෙවැනි පඬිවරයකු වෙනත් රටක සිටියානම් ඔහු සිටි නිවෙස පවා ගෞරවයට පාත්‍රවන ජාතිය විසින් සුරකින ස්‌මාරක වනු ඇත. සිරිමා බෝධිය ලක්‌දිවට වැඩම කරවූ නැවේ අබලන් වූ කොටස් අනුරාධපුරයට ගෙනවුත් සංරක්‌ෂණය කර මහජන ප්‍රදර්ශනයට තබා ලොව ප්‍රථම කෞතුකාගාරයකට අඩිතාලම දැමූ අපේ සිංහල ජාතිය රාජ්‍ය පාලනයේ වගකිව යුතු අංශ මෙලෙස මෙවන් ජාතියේ විරුවන් අමතක කිරීම අභාග්‍යයකි.
සටහන - {www.fb.com/Prabath Indika}
Admin - සුන්දර බළපිටිය
සංස්කරණය - එච්. අනුරූ ද සිල්වා
No comments:
Post a Comment