Wednesday, 7 September 2022

අමරපුර නිකාය බිහි වූ වලව්ව


 

අමරපුර නිකාය බිහිවූ බලපිටිය අම්බරුක්ඛාරාමය හෙවත් අඹගහපිටිය වලව්ව  ... ........... ..................................


කතරගම යන අතරමඟ කොළඹ සිට ගාල්ල බලා මුහුදුබඩ මාර්ගය ඔස්සේ යද්දී ගාලු - කොළඹ පාරේ හතළිස් අට වැනි (48) සැතපුම් කණුව අසලින් ගොඩකරයට විහිදෙන මංපෙතක් දිස්වෙයි. එය දිවෙනුයේ ඓතිහාසික වැලිතොට හෙවත් බළපිටිය පෙදෙසේ අඹගහපිටිය ගම්වරයේ අම්බරුක්ඛාරාම මූල මහා විහාරය වෙතටය.

අම්බරුක්කාරාම මූල මහා විහාරය හෙවත් පුරාණ අඹගහපිටිය වලව්ව ගැන මෙතනින් කියවන්න .


https://m.facebook.com/story.php?story_fbid=484507929812760&id=100047606710994


සිරිලක භික්ෂුන් වහන්සේ ෙදාළොස් දහසක් (12,000) අයත්ව සිටින පාර්ශ්ව විසි එකකින් (21) සමන්විත අමරපුර මහා නිකාය ඇරැඹුණේ එකී ඓතිහාසික පුණ්යභූමිය ඇසුරෙනි.

කලක් ගණින්නාන්සේට නිවාසී වූ ඒ බිම්කඩ ලක්දිව අමරපුර මහා නිකායේ සමාරම්භකයාණන් වහන්සේ වූ අතිපූජ්ය වැලිතොට ශ්රී ඤාණවිමලතිස්ස මහා නායක මහ තෙරුන් වැඩ විසූ පින්කෙත වන්නේය. එ මතු නොව වැඳපුදාගත යුතු විහාරාංගයන්ගෙන්ද දැක බලාගත යුතු දුලබ වස්තූන්ගෙන්ද අධ්යයනය කළයුතු ශාස්ත්රීය ග්රන්ථ, පුස්කොළ පොත්, පුවත්පත් සඟරා ආදියෙන්ද සමන්විත අඹගහපිටියේ අම්බරුක්ඛාරාම මූල මහා විහාරය මාදු ගංගා නිම්න ශිෂ්ටාචාරයේ මහරු සම්පත් නිදහනකි. ප්රකාශයට පැමිණවිය යුතු අප්රකට අත්ලිපි දහස් ගණනකින් පරිමිත අම්බරුක්ඛාරාම පුස්තකාලය විද්යාර්ථීන්ට මෙන්ම ශාස්ත්රීය පර්යේෂකයන්ට නිසි පරිදි නෙතු නොගැටි පර්යේෂණාගාරයකි. අධ්යයන භූමියකි.

බෞද්ධ පුනරුදය උදාවීමට කලින් දකුණු සිරිලක ගාලු දිස්ත්රික්කයේ පහළ වූ විහාරාරාම අතර අඹගහපිටියේ පන්සලට හිමිවන්නේ නොදෙවැනි තැනකි. එහි ඉතිහාසය කිතුවසින් 1750 පමණ අෑතට විහිද යයි. දැනට අඹගහපිටිය මූල මහා විහාරස්ථානය නමින් හඳුන්වනු ලබන පුණ්යභූමිය වර්ධනය වූයේ ඉතා කුඩා බිම් පෙදෙසක අඹගහක් මුල ඇරැඹුණු පුංචි ආවාසයක් පදනම් කොටගෙනය. මෙහි පළමුවෙන්ම වැඩ වාසය කළේ සිරිඅප්පු ගණින්නාන්සේ නමින් හැඳින්වෙන සිල්වතෙකි. එම සිල්වතාණන් මහනුවර පිණ්ඩපාතික අසරණ සරණ වැලිවිට ශ්රී සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේගේ සිල්වත් සමාගම සමඟ සම්බන්ධකම් පැවැත්වූ සාමණේර හිමි නමකි. මෙම සිල්වතාණන් හට සමකාලීනව සිල්වත් සමාගමේ තවත් සාමණේර හිමි නමක් වැලිතොට ප්රදේශයෙහි පැවිදි වත් සපුරමින් ආගමික ජීවිතයක් ගතකළ බව වාර්තාගතය. එම සිල්වතාණෝ කිරිඅප්පු ගණින්නැහේ නමින් හැඳින්වෙති. එම සිල්වතාණන් පාතේගම පන්සලේ වාසය කළ බව කියති.

ලක්දිව අමරපුර මහා නිකායේ සමාරම්භක මහානායක මහ තෙරුන් වහන්සේ වූ මහකරාවේ විමලඤාණතිස්ස මහ නාහිමියන් පරිහරණය කළ උපසම්පදා සිවුරත් බුරුම රජතුමා පූජා කළ රිදී කෙණ්ඩියත්, සපු මලත්, භාවනානුයෝගී බුරුම භික්ෂුන් භාවිත කරන අමුතු මාදිලියේ කොට්ටයත් අඹගහපිටි මූල මහා විහාරයේදී දැකගත හැකිය. ඉතා දුර්ලභ වස්තුවක් සේ සැලකෙන කඟවේණාගේ අං (අඟ) එහිදී දැකගැනීමට පිළිවන.

අඹගහපිටිය මූල මහා විහාරයේ ත්රිපිටකයේ භාෂා අටකින් කළ පරිවර්තන ග්රන්ථ තැන්පත්ව ඇත. පෙරපර දෙදිග ගිහි පැවිදි පඩිවරුන් හා නායකයන්ගේ ඓතිහාසික අත්ලිපි දහසක පමණ දුලබ එකතුවක්ද වෙයි. පැරැණි පුවත්පත් එකතුව දෙවැනි වන්නේ රාජ්ය ලේඛනාගාරයට පමණි. ලක්දිව සංස්කෘත භාෂා සාහිත්ය පෝෂණයෙහි ලා ෙදාඩන්දුවේ යති පරපුර ප්රාමාණික වූයේ යම් සේද එසේම ලක්දිව පාලි භාෂා සාහිත්ය විෂයයෙහි අඹගහපිටිය මූල මහා විහාරයේ ගිහි පැවිදි වියත් ප¾ඩි පරපුර ප්රාමාණික වූහ.

ඓතිහාසික වැලිතොට හෙවත් වත්මන් බළපිටියේ අඹගහපිටිය මූල මහා විහාරය (අම්බරුක්ඛාරාමය) ලක්දිව සංස්කෘතික ජීවිතයේ අප්රකට මහා ස්මාරකයකි.

 

විශේෂ ස්තුතිය- ප්‍රභාත් ඉන්දික සහෝදරයා වෙත.......

No comments:

Post a Comment

සෙනෙවිරත්න වලව්ව , බූස්ස

  දේව නදෝරිස් ද සිල්වා සෙනෙවිරත්න රාළහාමී විසූ ප්‍රතාපවත් නිවහන බූස්ස මහා ගෙදර   " සෙනෙවිරත්න වලව්ව "  මනරම් දර්ශනීය මන්දිරයක් ලෙස...