Monday, 5 September 2022

මහා මුදලි වලව්ව

 







" කලුහත් ආර්නොල්ඩස් ද ආබ්‍රේව් රාජපක්ෂ විජයශේඛර මහා මුදලිතුමා " විසින් සඟසතුකොට පූජාකල කොලඹ කුප්පියාවත්තේ  මහාමුදලි වලව්ව හෙවත් "ජයසේකර වලව්ව" සලාගම කුලයට අයත් පැරණි වලව්වකි.


කුප්පියාවත්තේ ජයසේකරාරාමය  ....


මරදාන නගරයට ආසන්නයේ (දෙමටගොඩ) පිහිටි මෙම පුදබිමේ ආරම්භය වර්ෂ 1823 දක්වා යයි. විහාරස්ථානය බවට පත්වීමට ප්‍රතම මෙය මහා මුදලි (ජයසේකර) වලව්වයි. එම වලව්වේ ඉතිහාසය වර්ෂ 1820 ටත් පෙර ඈතට යන්නකි.


ආවාස මන්දිරයක්, දර්ශනීය විහාරගෙයක් හා දේවාලයක්ද සහිත මෙම විහාරස්ථානය, 19 වැනි සියවස් අගභාගයේදී කොළඹ බෞද්ධාගමික පුනරුදයට විශාල මෙහෙවරක් ඉටු කළ සිද්ධස්ථානයකි. අද නවීකරණය වී ඇති මෙය කොළඹ “කුප්පියාවත්ත පන්සල“ නමින්ද ප්‍රසිද්ධය.


කොළඹ කුප්පියාවත්තේ ජයසේකර වලව්ව ✍️


කොළඹ මාළිගාකන්දේ පිහිටි මහ මුදලි වලව්වේ (වර්තමාන කුප්පියාවත්ත ජයශේකරාරාමය විහාරය) දිවි ගෙවූ " කලුහත් අද්‍රියන් ද ආබ්‍රේව් විජයගුණරත්න රාජපක්ෂ මහා මුදලිතුමාට කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය කුරුඳුවත්ත, බොරැල්ල සහ මරදාන යන ප්‍රදේශ  අයත් ව තිබූ අතර ඒවා ඔහුගේ කුරුඳු වගා කළ ඉඩම් ය. ඊට අමතරව ගල්කිස්සේ, ටෙම්ප්ලර්ස් පාරේ සිට වටරප්පල දක්වා කොටස එම මුදලිතුමන්ගේ කුරුඳු වගාවක් පිහිටා තිබූ විශාලත ම ඉඩම බව පැවසේ.


ජූරි සභාවක් සහිතව නඩු විසඳීමේ තනතුරට පත් වූ ප්‍රථම සිංහල විනිශ්චයකාර පදවිය හිමි වන්නේ ද මෙම මහමුදලිවරයාට වන අතර දොළොස් දෙනකුගෙන් යුත් ආරක්ෂක හමුදා ඛණ්ඩයක් මෙන් ම ආණ්ඩුකාරවරයා හැරුණ විට අශ්වයන් හතර දෙනකු බැඳි රියක් භාවිත කිරීමට එකල අවසර තිබුණේ ද ඔහුට පමණක් බව කියැවේ.


ලංකාවේ අවසන් රජු වූ ශ්‍රි වික්‍රම රාජසිංහ රජු සහ බිසවුන් දෙදෙනා ඉංග්‍රීසින්ගේ රැකවරණය යටතේ කොළඹ රඳවා සිටි කාලයේදී එම රාජකීයන් මුණගැසීමට අවස්ථාව මෙම මුදලිවරයාට පමණක් ලැබුණු අතර ඒ අනුව රජ පවුලට අවශ්‍ය  ආහාර වර්ග හා රෙදිපිළි සැපයීමටත් අවසරය හිමි ව තිබුණේ ඔහුට පමණි.


⚡ මෙම වලව්ව අයත් වී තිබුනේ ඔහුගේ සොහොයුරෙකු වන "කලුහත් ආර්නෝල්ඩස්

ද ආබ්‍රේව් රාජපක්ෂ විජයශේඛර මහා මුදලිවරයා" ට වන අතර ඔහුගේ බිරින්දෑ වූ දෝන මරියා ද සිල්වා සිරිවර්ධන ලමාතැනියගේ හදිසි වියෝවෙන් පසු ඇගේ අවසාන කැමැත්‍ත පරිදි වර්ෂ 1823 ඔක්තෝම්බර් මස 25 වන දින මහා මුදලිවරයා විසින් මෙම වලව්ව සඟසතු කොට පූජාකර තිබේ.


කොලඹ කුප්පියාවත්ත ජයශේඛරාරාම පුරාණ විහාරස්තානය ව පවතින මෙම වලව්වේ අද තත්වය .............. ✍️


අමරපුර මහා සංඝ සභාවේ සභාපති මහානායක මාහිමියන්ව වැඩසිටි අති ගෞරවාර්ථ මහෝපාද්‍ය කොස්ගොඩ ධම්මවංස මහා නායක මාහිමිපාණන් වහන්සේ,  තලල්ලේ අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ සහා අමරපුර මහා සංඝසභාවේ උපසභාපති මහානායක මහාහිමිපාණන් වූ අති ගෞරවාර්ථ මහෝපාද්‍ය තලල්ලේ ධම්මානන්ද මහානායක මහාහිමිපාණන් වැනි යතිවරයාණන් වහන්සේද කුප්පියාවත්ත ජයශේඛරාරාමයේ ශ්‍රාස්තීය උන්නතියට විශාල සේවයක් සිදුකල යතිවරයාණන් වහන්සේලාද වෙති. 


පසුකාලීන මෙම ජයශේඛරාරාමය ඉතාමත්ම දියුණු තත්වයට සහ මුලුමහත් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ තත්වයට පත්වූයේ අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ මහානායක සහ මහා සංඝ සභාවේ සභාපති ශ්‍රී මත් මහානායක හිමි වශයෙන් වැඩසිටි අති පූජ්‍ය ගෞරවාර්ථ මහෝපාද්‍ය ත්‍රිපිටකාවාගීශ්වරාචාර්ය කොස්ගොඩ ධම්මවංශාභිදාන මහා නායක මාහිමිපාණන් වහන්සේ වැඩසිටි සමයේය. උන්වහන්සේගේ අපවත්වීමෙන් පසුව විහාරාධිපතිත්වයට පත්වූ අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ මහානායක අමරපුර මහා සංඝ සභාවේ උප් සභාපති මහානායක මහානාහිමිපාණන් වූ අති පූජ්‍ය ගෞරවාර්ථ මහෝපාද්‍ය ත්‍රිපිටකාවාගීශ්වරාචාර්ය කලාශූරී අති ගෞරවාර්ථ තලල්ලේ ධම්මානන්ද මහානායක මහානාහිමිපාණන්ය. මෙම ජයශේඛරාරාමය නූතන යුගයේදී සම්බුද්ධ ශාසනයට මහඟු සේවයක් කල විහාරස්තානයක් බවට පත්වූයේ උන්වහන්සේලා දෙනමගේ කාලපරිච්ඡේදය තුලදීය. 


බලපිටියේ මහා කප්පින වලව්වේ අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ මූලස්ථානය වශයෙන් දීර්ඝ කාලයක් මෙම ජයශේඛරාරාමය විහාරස්ථානය පවත්වාගෙන ගියේය. වත්මන් මහානායක අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ මහානායක අහුංගල්ලේ සිරි සීලවිසුද්ධී මහානාහිමිපාණන්ගේ කාලය තුලදී බලපිටිය මහා කප්පින වලව්ව සීමාමාලක විහාරස්ථානය, සිරි සද්ධම්මවංශ නිකායේ මූල්ස්තානය වශයෙන් අද භාවිතා කරයි. තලල්ලේ ධම්මානන්දාභිදාන මහානායක හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ මහානායක පදවියට,


රන්දොඹේ සංඝරාජ මහා විහාරය, නුරුගල ගංගාරාමය, අකුරල සුවිසුද්දාරාමය (සුදීරාරාමය) පුරාණ මහා විහාරය, අකුරල දූවේ අභිනවාරාමය පුරාණ මහා විහාරය, මග්ගොන ශ්‍රී ජිනේන්ද්‍රාරාමය යන විහාරස්ථාන රැසක මහා විහාරාධිපති වූ අග්ග මහා පණ්ඩිත ගෞරවාර්ථ කොස්ගොඩ ජිනාලංකාරාභිදාන මහා නාහිමිපාණන් පත්වන අතර උන්වහන්සේගේ කාල පරිච්ඡේදයේදී ජයශේඛරාරාමය මූලස්තානය ඉවත්කොට මූලස්ථානය වශයෙන් රන්දොඹෙ සංඝරත්න මහා විහාරය උන්වහන්සේගේ කාලයේදී පැවතුණි.


අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ ආදිකතෘ ලංකාගොඩ සිරි ධීරානන්ද මහානායක මහාහිමිපාණන් අපවත් වූයේද ක්‍රි.ව 1871 වසරේදී මෙම ජයසේකර වලව්වේදීය.


වැඩිදුර විස්තර සඳහා කියවන්න පහත ලිපි 👇


https://m.facebook.com/story.php?story_fbid=489705469293006&id=100047606710994


https://m.facebook.com/story.php?story_fbid=484507929812760&id=100047606710994


https://m.facebook.com/story.php?story_fbid=478552780408275&id=100047606710994


https://m.facebook.com/story.php?story_fbid=496764685253751&id=100047606710994


https://m.facebook.com/story.php?story_fbid=491070582489828&id=100047606710994


සටහන සහ කතෘ අයිතිය :

-  එච්.  අනුරූ තරුමල් ද සිල්වා. උපුටා ගන්නේ නම් කතෘ අයිතිය සුරකින මෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි.

No comments:

Post a Comment

සෙනෙවිරත්න වලව්ව , බූස්ස

  දේව නදෝරිස් ද සිල්වා සෙනෙවිරත්න රාළහාමී විසූ ප්‍රතාපවත් නිවහන බූස්ස මහා ගෙදර   " සෙනෙවිරත්න වලව්ව "  මනරම් දර්ශනීය මන්දිරයක් ලෙස...