' ගල්වෙහෙරේ නොතාරිස් වලව්ව '..
* සලාගම කුලයට අයත් පැරණි වලව්වකි.
ගල්වෙහෙර ඓතිහාසික වටිනාකමකින් යුක්ත නගරයක් වන අතර බුදුසසුනේ තවමත් ස්තානය නිශ්චිතව සොයා ගෙන නොමැති "සේල චෛත්‍ය" පිහිටි භූමිය බවට අනුමාන කරන ස්ථානයයි. සේල චෛත්‍ය ජනප්‍රවාද යේ අනුව ගල්වෙහෙර පිහිටා තිබෙන බවද නොරහසකි. මෙම ගල්වෙහෙරේ සලාගම බ්‍රාහ්මණ වංශිකයන් සතු වලව් 7ක් පිහිටා තිබූ බව සදහන් වෙයි . මේවායේ ඉතිහාසය ඕලන්ද සමය දක්වාම ගමන් කරයි. ඒවානම්
පිලිවලින් ...
1.මහා විදානේ වලව්ව
2.ගොඩැල්ලේ වලව්ව
3.කුරුඳුවත්ත වලව්ව
4.නොතාරිස් වලව්ව
5.පාරේ වලව්ව
6.මාකුබුර කප්පින දෙවෙනි වලව්ව
7.මරදාන වලව්ව
මෙම වලව් පෙල පිහිටිමේ සුවිශේෂතාවය නම් එදා ඇඹලව රහත් ගල්වෙහෙර නමින් හැඳින්වූ "මලුව පන්සල වටා" මේ සියල්ල පිහිටා තිබීමයි.. මෙම වලව් සියල්ලම මලුව පන්සලේ මහා කප්පින දායකයෝය.
අද අප විසින් කතා කරන ලියන ගෙදර වශයෙන් ප්‍රචලිත "නොතාරිස් වලව්ව" ත් නොතාරිස් වලව්වට මායිම්ව එම නොතාරිස් වලව්වට ආසන්නයේ "පාරේ වලව්ව" ත් පිහිටා තිබේ . මෙම වලව්ව දෙකම උරුමකරුවන් විසින් අද වන විට විකුණා දමා තිබේ .
නොතාරිස් වලව්ව වත්මන් හිමි කරුවන්වු වික්‍රමනායක වරු මෙම නොතාරිස් වලව්ව ඉපැරැණි ආකරයටම ප්‍රතිසංස්කරණ ය කර තිබේ.
සටහන :- එච්. අනුරූ ද සිල්වා
මෙම වලව්වේ ඉතිහාසය පිලිබද විස්තර දන්නා කෙනෙක් වේ නම් කරුණාකර අපව දැනුවත් කරන්න. ස්තූතියි..
No comments:
Post a Comment