ක්‍රි.ව 1702 " කළුහත් කොරනේරිස් ද අබෘ රාජපක්ෂ සෙනවිරත්න මහා විධාන මුදලිතුමා" ගේ නිවහන වූ
ගල්වෙහෙර මහාව්දානෙ වලව්ව "
සලාගම කුලයට අයත් ඉපැරණි වලව් අතරින් එකකි.
පුරාන රහත් ගල්වෙහෙර හෙවත් මළුව පන්සල සමිප යේ නිමවු වලව් 5න් එකකි. මෙම වලව්ව පිහිටා තිබුනේ ගල්වෙහෙර නාගාහා හන්දියේ නෙගෙනහිර දිසාවෙනි. එදා විශාල ඉඩම් පරිසරය ක පිහිටි මෙම එයිතිහාසික වලව්ව අද ජිවමානව දක්නට නොලෙබුනත් දනන් සිත් තුල තවමත් ජිවත් විම අරුමයක් නොවන්නේ එයින් සමාජයට සහ සම්බුද්ධ ශාසනයට වු මහගු මෙහෙවර නිසාමය . මෙම වලව්ව උරුම කම් කියන පරම්පරාව විසින් විකුණා දමා තිබේ තවමත් ගම්වාසීන් මෙම ඉඩම හදුන්වනු ලබන්නේ මහා වලව්ව වත්ත යනුවෙන් ය. මෙම වලව්වේ ඉතිහාසය 17 වන සියවස දක්වා විහිදෙයි. ක්‍රි.ව 1702 දි මෙම වලව්ව ජිවත්වුයේ කලුහත් කොරනේරිස් ද අබෘ රාජපක්ෂ සෙනවිරත්න මහා විධාන මුදලිතුමා ය. මෙතුමා සම්බුද්ධ ශාසනයේ චිරාත් උන්නතියට විශාල සේවයක් කල අයෙකි. වර්ශ 1805 බෝගාහපිටියේ ධම්ම ජොති මහා නායක මහා නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය උපසම්පදාව ගෙන ඒමට, බුරුම රාජ්‍ය වෙත වෙඩම විම සඳහා මෙම පරපුරේ සත් ක්‍රියාව චිරාත් කාලයක් බුද්ධ ශාසනය පවත්වාගෙන යාමට උපකාරී විය. ක්‍රි.ව 17,18,19, සියවස් වලදී ලක්දිව කුල භේදය ඉතාමත් තදින් ඉස්මතු වු කාලපරිච්ඡේදය කි. ඉoග්‍රිසි ජාතික රොබට් නොක්ස් විසින් ලියන ලද හෙලදිව ගන්ථ යේ ද මේ පිලිබද විග්‍රහ කර තිබේ උසස් යෙයි සම්මත කාන්තාවන් උඩුකය සලුවකින් වසා තිබු අතර කුලහීන කාන්තාවන් උඩුකය නිරුවත් ව සිටි අතර එය නිතියකි.එය කඩකරන අයට නිතිමය දඩුවම් කරනු ලබන්නේ ය.මෙම වලව්ව ලමාතැනිය කුලහීන කාන්තාවන් 500 ය දෙනකුට සුදු වරන හෙට්ට අන්දවා මළුව පන්සලේ අට සිල් සමාදන් වුහ . කලුහත් අන්දිරිස් ද ආබ්‍රෙව් විජේසිංහ සෙනවිරත්න රාජපක්ෂ සුලු බද්දේ මහා මුදලිතුමා ගේ පුතනුවන් වු කලුහත් ආද්‍රියන් ද ආබ්‍රෙව් විජයගුණරත්න රාජපක්ෂ මහා මුදලිතුමා ට මහා බද්දේ මහා මුදලි තනතුර ප්‍රධාන ය කල හ. ඉoග්‍රිසි ආන්ඩුවෙන් ක්‍රි.ව. 1815 දි පිහිටුවන ලද කුරුදු අඩ්කාරිය ප්‍රධානියා වුයේ ද මෙතුමා ය..සිoහල රජු දවසේත් පෘතුගීසි ලන්දේසි ඉoග්‍රිසි අදිරාජයවාදින් යටතේද විදේශීය කුරුදු වෙලදාම ඒකඩ්කාරිය තම ව්‍යාපාරයක් කර ගත් ප්‍රතම ශ්‍රී ලoකීකයා විමේ ගෞරව යද මෙතුමා හිමිකර ගත් හ . මෙම මුදලිතුමා විවාහ වුයේ වෙලිතර මහා කප්පින වලව්වේ හල්ජොති සොලමන් ද සොයිසා විජයසිරිවර්ඩන රාජපක්ෂ මහා මුදලිතුමා ගේ දියනිය වු හල්ජොති කෙරොලයින් ද සොයිසා විජයසිරිවර්ඩන රාජපක්ෂ ලමාතැනී සමග ය. මෙම දෙපල ට දාව ක්‍රිස්තු වර්ශ 1830 දෙසැම්බර් 30 දින ජන්මලාභය ලද කලුහත් සැම්සන් ද ආබ්‍රෙව් විජයගුණරත්න රාජපක්ෂ මහා මුදලිතුමා ය
මෙම එයිතිහාසික ගල්වෙහෙර මහා විදානේ වලව්ව කලුහත් සැම්සන් ද ආබ්‍රෙව් විජයගුණරත්න රාජපක්ෂ මහා මුදලිතුමා ගේ පියා ගේ ජන්මලාභය ලද එයිතිහාසික වලව්ව ය.
සටහන :- එච්. අනුරූ ද සිල්වා
No comments:
Post a Comment