ක්‍රි.ව 1556 රන්නුලු ආද්‍රියන් ද සූසා අභයසිරිවර්ධන වාසල මුදලිතුමා ජීවත්වූ අකුරල "පිය නිවස" හෙවත් "රන්නුලු වලව්ව" සලාගම කුලයට අයත් පැරණිතම වලව්වක් වන අතර මෙය රත්ගම ආසනයට අයත් අකුරල ග්‍රාමයට ගිය විට තවමත් විරාජමානව තිබෙන අයුරු දැකගැනීමට පුලුවන. අතීතයේ ප්‍රභූන් ජීවත්වූ නිවාස වලව් යැයි පොදුවේ කියනු ලබයි. අනෙකුත් වලව් වලින් මෙය විශේෂ වන්නේ මෙහි ඉතිහාසය පෘතුග්‍රීසි යුගය දක්වාම ඈඳී තිබීමයි. අද දක්නට ලැබෙන මෙම නිවස හෝ ඉදිකිරිම මෙහි මුල්ම ඉදිකිරීමද යන්න සැකයකි. මෙය කලින් කලට කඩා ප්‍රතිසංස්කරණය කලා විය හැකිය. කෙසේනමුත් මෙම ගොඩනැගිල්ලේ ඉතිහාසය උඩරට වලව් සංකෘතියද අභිබවා ගොස් ඇත්තේ කාලය විසිනි. ලංකාවේ වලව් නිර්ණයේදී මෙහි සංස්කෘතික අගය නොතකා, නොසැලකාහැර තිබීම ඉමහත් අඩුපාඩුවකි. ඒ නිසා කොතැනකවත් මෙහි ආගිය මුලගිය තතු ප්‍රසිද්ධ නොවේ. නමුත් නිශ්චිත අනන්‍යතාවයක් ඔස්සේ පැවත එන පරපුරක් අදටත් මෙහි වාසය කරයි. සමහරක් වලව් කාලයේ අවෑමෙන් විනාස වී දැකගන්නට හෝ නොහැකි එහි මුඛ පරම්පරාවන්ගෙන් පැවත එන පුරුක්ද අදවන විට තැන්තැන් වල විසිර පවතින අවධියක, ඔවුන් පරම්පරාවක් ලෙස නොකඩවා ආරක්ෂා වී අද දක්වාම එකම නිවහනක කල්ගෙවීම විශේෂ අවධානයට ලක් කල යුතු කාරණාවකි. මෙම පරපුරේ ඉතිහාසය ගැන කතා කරනවා නම්
(ක්‍රි.ව 1556) රන්නුලු ආද්‍රියන් ද සූසා අභයසිරිවර්ධන වාසල මුදලිතුමන්ගේ පුතණුවන් වන්නේ
රන්නුලු ගිරිගොරිස් ද සොසා අභයසිරිවර්ඩන වාසල මුදලිතුමාය. (ක්‍රි.ව 1596)
ඔහුගේ පුතනුවන් ,
රන්නුලු ආබ්‍රෙව් ද සොසා අභයසිරිවර්ඩන මුදලිතුමා (ක්‍රි.ව 1636)
ඔහුගේ පුතනුවන්,
"රන්නුලු හෙන්ච් henda හෙවත් හෙන්ද්‍රික් ද සොසා අභයසිරිවර්ඩන
පලාත් ආරච්චි" (ක්‍රි.ව 1676) වේ.
මෙතුමාගේ එකම දියනිය රන්නුලු හාම්නා ද සොසා අභයසිරිවර්ඩන ලමා තැනී විවාහ වුයේ රජ්ගම හෑගොඩ වලව්වේ "මෙරෙඥ්ඥ අදොන්චි දුරාහේ (දුරාහේ කියන්නෙත් උන්වහන්සේ ට ). ඔවුන්ගේ දරුවන් රන්නුලු ජාකොබ් ද සොසා අභයසිරිවර්ඩන /රන්නුලු තාලිස් ද සොසා අභයසිරිවර්ඩන /රන්නුලු සියදෝරිස් ද සොසා අභයසිරිවර්ඩන
පරම්පරා3 කට පසු රන්නුලු සියදෝරිස් ද සොසා ගේ පුතණුවන් වන්නේ රන්නුලු ඩේවිඩ් ගෙගරි ද සොයිසා අභයසිරිවර්ඩන (පිස්කල් ආරච්චි 1959 වර්ශ ය දක්වා)
රන්නුලු සියදෝරිස් ද සොයිසා විජෙමුනි කරලිනා ද සොයිසා විජේරත්න හාමිනේ සමග විවාහ වුයේ ය .ඔහුගේ පුතනුවන් රන්නුලු සමාරිස් ද සොයිසාය. ඔහුගේ පුතනුවන් රන්නුලු සේටර් ද සොයිසා මාදම්පාගම ගම් සභාවේ සභාපති ලෙස අවුරුදු 38 නොකඩවා දූරය හොබවන ලද අතර ඔහු ගේ පුතනුවන් "රන්නුලු නන්දිමිත්ත ජි ද සොයිසා" රත්ගම සහ ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමදාස රජයේ ග්‍රාමීය කර්මාන්ත සංවර්ඩනය රාජ්‍ය අමාත්‍ය තුමා බවට පත්විය. මෙම පරම්පරාවේ තතු එසේය.
උඩරට ගොවිගම සහ රදල පිරිස් නිතර නිතර අණබෙර ගසන්නේ 'උඩරට වලව් ආකෘතිය අනුකරණය කරමින් පහතරට වලව් නිර්මාණය වූ වගයි ' නමුත් සත්‍යවශයෙන්ම, පහතරට කලාපය තුල වලව් ඉදිකෙරුණේ උඩරට වලව් ඉදිවීමටත් පලමුවයි. හය හතර නොදත් එවැනි අයට මේ කාරණා මතක් කරදීම ඉතා වැදගත්ය. ලංකාවේ වැඩිම වලව් සංඛ්‍යාවක් තනි නගර සීමාවකින් සොයාගත හැකි නම් ඒ "බලපිටියෙනි".. ඒ නිසාම එය "ලංකාවේ වලව් පුරය" යන නමින් හැඳින්වේ. බලපිටියෙන් දැනට සොයාගෙන ඇස්තමේන්තු කර ඇති වලව් සංඛ්‍යාව "පමණක්" 36 ක් වන අතර, අද දක්වාම පවතින අප්‍රකාශිත දැනට ඇස්තමේන්තු කර නොමැති වලව් සංඛ්‍යාවේත් සේරගේම එකතුවට අනුව එම අගය 45 ත් 55 ත් අතර සංඛ්‍යාවක් බවට අනුමාන කෙරේ. එකක් නෑර ඒ සියල්ල සලාගම කුලයටම අයත් වලව් ය. ඒවායින් කිහිපයක්ම වර්ෂ 1815 උඩරට රාජ්‍ය අහවර වීමටත් ප්‍රථම රජදවස ඉදිවූ ඒවාය. රජ දවස වලව් තිබුනේ සහ වලව් පවත්වා ගෙන යාමට අවසර තිබුනේ උඩරට රදල බ්‍රහ්මණ වංශිකයන්ට සහ පහතරට සලාගම බ්‍රහ්මණ කුලයේ ප්‍රභූන්ට පමණයි. එය අවිවාදයකින් තොරව පිලිගැනීමට සිදුවෙයි . දැනට පවතින තත්වය මත කුලදූරාවලියේ "රදළ" පිරිස ගොවි කුල කාණ්ඩයේම කොටසක් බවට වෙන්කර ගෙන සිටියද, ගොවිගම හෝ වෙනත් කුලවල අයට රජ දවස වලව් ඉදිකිරීමට කිසිඳු අවසරයක් නොතිබූ බව පෙනේ. තිබුනේ නම් එය උඩරට ප්‍රභූ පරම්පරා දරුවන්ට (රදල) සහ රජුගේ නින්දගම් ලාභීන්ට පමනයි (එයට කුල බේදයකින් තොරව රජුගේ කැමැත්ත අනුව අවසර ලැබී ඇත). කොස්ගොඩ - බලපිටිය - රත්ගම නගර සීමා තුල පැවති බොහොමයක් සලාගම කුලයට අයත් පැරණිතම වලව් කාලයාගේ අවෑමෙන් විනාසව ඩෝසර් කොට අද ඒවායේ සුන්බුන් ගොඩක්වක් සොයාගැනීමට නොහැකි තත්වයටම පත් වී හමාරය . ඒ වෙනුවට අද ඒ තැන් වල තිබෙන්නේ වෙනත් ගොඩනැගිලි ගොඩක් සහ ඒ පිලිබඳ ප්‍රදේශවාසීන්ගේ මතකයන් සමුදායක් පමණි. එම නිවාස (වලව්) මොනවාද යත් සමහර ඒවා නම් වලින් පවා නොදනී. තොරතුරු අප්‍රකටය. පෘතුග්‍රීසීන් හා ලංදේසීන්ගේ ලේඛන වල පවා සඳහන් වෙන්නේ පහතරට සලාගම කුලයේ ප්‍රභූන් දෝලා මතින් ගමන් කිරීම නිසා ඒ පිලිබඳ උඩරට රජුට ගම්වාසීන්ගෙන් ලැබුන පැමිණිලි ගැනය. මහබද්දේ රාලලා (සලාගම කුලයේ ප්‍රභූන්) ජීවත් වූ විශාල නිවාස (වලව්) ගැන පෘතුග්‍රිසි සහ ලන්දේසි ලේඛන තුල තොරතුරු හෙලිවේ. නමුත් එම නිවාස මොනවාද, නම් කල ආකාරයක් හෝ පිහිටි තැනක් ගැන කිසිදු සටහනක් නැත. ඒ සියල්ල කාලයේ අවෑමෙන් විනාස වී යන්නට ඇත.. ලන්දේසි යුගය වන විට ධනයෙන් බලයෙන් අගතැන්පත් සලාගම කුලය අනෙකුත් කුල අභිබවා එම යුගයේ ප්‍රබලයා බව කිව යුතුයි. ගොවිගම රදළ බලයට ප්‍රථමයෙන්ම අභියෝග කරන්නේ සලාගම කුලයයි! ඒ පිලිබඳ ආචාර්ය මලල්ගොඩ මහතාද අදහස් දක්වයි. ලංකාවේ මුල්ම වලව්ව ගතහොත් එය ගොවිගම හෝ උඩරට රදල කුලයට අයත් එකක් නොවෙයි. එය රණ්දෙණිගල සටන සඳහා නායකත්වය දුන් බලපිටියේ (වැලිතොට) සලාගම බ්‍රහ්මණ වංශික දොන් කොස්මෝ විජේසේකරයන්ගේ පියාණන් වූ නන්දිරිස් විජේසේකර ජීවත්වූ බලපිටිය "බ්‍රහ්මණවත්‍ත" වලව්ව ලංකාවේ මුල්ම වලව්වයි. එය පෘතුග්‍රීසි සමයේ ඉදි කරන ලද එය මෑත කාලයක් වන තුරුම තිබී අදවන විට නටඹුන් ගොඩක් සේ එමසුවිසල් වලව්ව දැක බලාගත හැකිය. සලාගම කුලයට අයත් බලපිටිය මහා කප්පින වලව්වේ ඉතිහාසය ගතකොත් එම වලව්ව වසර 400 කටත් වඩා පැරණිය. එහි කප්පින, මැගිලියන්, රන්නුලු , හල්ජෝති, කලුහත් වශයෙන් පරම්පරා කිහිපයක්ම ඉඳ ඇතිඅතර, ලන්දේසි සමයේ මහබද්දෙ අධිකාරියේ පාලන මධ්‍යස්තානයක් ලෙසද භාවිතා කොට ඇත.
විවිධ යුගවලදී සමකාලීන ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනුව වෙනස් වූ මහා කප්පින වලව්ව ඕලන්ද ගෘහ නිර්මාණ අනුව අවසන් වරට වෙනස් කර ඉදිකරනු ලබන්නේ "කළුහත් ආද්‍රියන් ද ආබ්‍රෙව් විජයගුණරත්න රාජපක්ෂ මහා මුදලිවරය" විසිනි. ඒ 1824 වර්ෂයේදී පමණය. අද එයද ගරාවැටී එහි ගිය විට දක්නට ලැබෙන්නේ වලව්ව සඳහා විහාරස්ථානය විසින් ඉදිකල වලව්වේ ආකෘතියට අනුව සාදන ලද එහි අනුරුවක් පමණි.
එමෙන් සලාගම කුලයේ ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙකු මෙන්ම පඬිවරයෙකුද වූ "හාරඹ ලුවී ද සොයිසා ජයතිලක මහා මුදලිවරයා" ජීවත් වූ බලපිටිය හාරඹ වලව්වේ' ආරම්භය 1806 දක්වා දිවයයි. සිරිලක පලමු පංචාංග ලිටේ නිර්මාතෘ වන සලාගම කුලයේ වලිමුණි අර්නෝලිස් මැන්දිස් අබේසේකර අප්පුහාමි මහතා උපත ලබා ඇත්තේ 1817 දී ඔහුගේ මහගෙදර වන අහුංගල්ලේ "රෝන්දේ වලව්වේ" ය. රෝන්දේ වලව්වේ ඉතිහාසය ලන්දේසි යුගය දක්වාම දිව යයි. ලංදේසින් විසින් ගිමන් හරින්න මෙම වලව්වට නිතර ආගිය ස්තානයක් බව සඳහන් වේ. එමෙන්ම වසර 200 කටත් වඩා පැරණි වලව්වක් වන සලාගම කුලයට අයත් ගල්වෙහෙර කුරුඳුවත්ත වලව්ව, සලාගම කුලයේ සහබන්ධු මුදලිවරයාගේ නිවහන වසර 220 කටත් වඩා පැරණිය. එය "අඹගහපිටිය වලව්වයි", මෝදර පිහිටා තිබෙන සලාගම කුලයට අයත් "කාරලු වලව්ව" ද පැරණි ඉතිහාසයක් දරණ වලව්වකි, මෝදර පිහිටා තිබුන රාස්සමූණකන්දේ වලව්ව පෘතුග්‍රීසි සමයේ දොන් කොස්මෝ සෙනෙවි ඉදි කල එකකි (අද නොපවතී), එමෙන්ම රත්ගම හෑගොඩ ප්‍රදේශයේ පිහිටා තිබෙන "හෑගොඩ මහා වලව්ව" මෙරෙඤ්ඤ පරපුරට අයත් පෘතුග්‍රීසි යුගය දක්වා ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියන පහතරට සලාගම කුලයටම අයත් වලව්වකි. මීට අමතරව 1815 උඩරට රාජ්‍ය නිමාවීමටත් පෙර සිටම ඉදිවී තිබුනු සලාගම කුලයට අයත් තවත් වලව් කිහිපයක්ම පවතී (නම් වශයෙන් මෙහි සඳහන් කිරීමට නොහැකිවූ)
අහංගම කතලුව පිහිටා ඇති "අටදාහේ වලව්ව" සලාගම කුලයේ නොවුනද එය පහතරටය. එය ක්‍රි.ව 1630 දී පමණ ඉදිකර ඇත. මා දන්නා හැටියට උඩරට වලව් වල ඉතිහාසය 1700 වර්ෂයෙන් ඈතට යන්නේ නැත. ඒ නිසා පහතරැටියෝ උඩරට වලව් ආකෘතිය අනුකරණය කරලා වලව් හැදුවා කියනවා නම් එය අමු විහිලුවකි.
කුකුල් කොටු බැලීම, වතු උදලු ගෑම, රාජමාලිගයට දර සැපයීම වැනි විවිධ රාජකාරි කල උඩරට ප්‍රදේශ වල පවා වියාප්තව සිටි හාලි" කුලය සලාගම කුලය ට ආදේශ කිරීම හේතුවෙන් "හාලි" නමින් සලාගම කුලය ඇමතීම සිද්ධවිය. හාලි" කියූ පමණින් බොහෝ අය සලාගම කුලය අඩුකුලයක් සේ සිතන්නේ කුලය පිලිබඳ අබමල් රේණුවක දෙයක් හෝ නොදැනය. හාලියා' කියමින් අපව පහත් අන්තයට හෙලා කතා කරති. කුලය සමච්ඡලයට සහ අවමානයට ලක් කරති. පුලුවාන් තරම් ගරහති. විශේෂයෙන්ම ගොවිගම සහ රදල කුලවාදීන්ට අපත් සමඟ තිබෙන කුල ඊර්ෂ්‍යාව සහ වෛරයේ තරම එයින් පැහැදිලිය. සලාගම කුලය ඔවුනට වඩා උසස් කුලයක් වනු දැකීම ඔවුන්ගේ අපේක්ෂාව නොවේ. එනිසා අනෙකුත් කුල අතමන්ගේ අත පල්ලෙන් වැටුනු මිනිසුන් කොටසක් ගාණට සිතන්‍නටත් කතාකරන්නටත් ඔවුන් පෙලඹී ඇත. ඔවුනට අපකොතරම් අභියෝගයක් වී ද යත් සමස්ත ඉතිහාසය පුරාවටම ඔවුන්ගේ කෙණහිලිකම් කම්කටුළු වලට අප වංශයට මුහුණ පාන්නට සිදුවීම පුදුමයක් නොවේ.
සෑම පියවරකව ඔවුන්ගේ උත්සහය වූයේ සලාගම ශ්‍රී විභූතියට හානි කිරීමයි. අප කුලය ඉදිරියට ඒම වැලැක්වීමයි. ඉතිහාසයේ අවස්තා කිහිපයක් තුලින් මේ ගැන කතා කලහොත්, සංඝරාජ හිමි සරණංකර හාමුදුරුවෝ තමන්ගේ ප්‍රධාන ගෝලයා වුනු වැලිතර ඥානවිමල හාමුදුරුවන්ට සියම් නිකායෙන් උපසම්පදාව ලබා නොදීමට තීරණය කරන්නේ වැලිතර හාමුදුරුවන් "සලාගම කුලයේ" වීම නිසාය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ ගරුමුණි හර්බර් ශ්‍රී නිශ්ශංක සලාගම කුලයේ අයෙකි. පක්ෂයට නම ලබාදී ඇත්තේත්, අත ලකුණ යෝජනා කර ඇත්තේත් පක්ෂ යෝජනා සහ වැඩමුළු , පක්ෂ කාර්යාලය වූ යමුනා මන්දිරය සියලුම දේ එතුමාගේ සංකල්ප වලට අනුවය. පක්ෂය ගොඩ නගන්නේද එතුමාගේ අදහසකට අනුවය. අද එතුමා ගැන පක්ෂය තුල හා හූවක තරම්වත් කතාවක් නැත. මුල්ලකටම දමා ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායකවරු අයිති කරගන්නේ ඔවුන්ගේ බූදලයක් ලෙසය. තවත් අවස්තාවක් නම් s.w.r.d බණ්ඩාරනායකගෙන් පසුව සලාගම කුලයේ මනුස්සයෙකුට (සී.පී ද සිල්වා ට) අගමැතිකම යාම වැලැක්වීම සඳහා කුමන්ත්‍රණයකින් s.w.r.d බණ්ඩාරනායක මහතාව ඝාතනය කරයි. ඉන් පසුව සී.පී ට හරස් කපමින් පක්ෂයේ කෙටිකලකට අගමැති කම සඳහා දහනායක මහතා පත්වෙයි. එය සම්පූර්ණ කුමන්ත්‍රනයකට හා සැලැස්මකට අනුවයි. සිරිමාවෝ මැතිනිය අගමැති ලෙස පත්වූ විගස කෙටිකාලයක් ඇතුලත C.P ද සිල්වා ඇතුලු සලාගම කුලයේ මන්ත්‍රීවරුන් කිසිඳු චෝදනාවකින් තොරව පක්ෂයෙන්ද එලවා දමයි. සී.පී ද සිල්වා බලයට ඒමට වැලැක්වීමට ඔවුන් කුමන්ත්‍රනයකින් අමාත්‍යවරයාට "වස" ලබා දෙයි. ජීවිතයද බේරුනේ අනූනවයෙනි. මේ ආදී ඉතිහාසය පුරාවටම අරන් බැලුවොත් ඔවුන් විසින් කුල එදිරිවාදිකම මුල් කරගෙන අපගේ මිනිසුන්ට කල කෙණෙහිලිකම්, තාඩන පීඩන අනන්ත අප්‍රමාණය.
මේවා අපි කියන්නට හෝ පැහැදිලි කරන්නට අවශ්‍ය කාරණා නොවේ. සත්‍ය කුමක්ද යත් අපටත් වඩා ඒ අයගේ සිත් දනී. පිටට මොන දේ කතා කලත්, අප කවරෙකුට වුවද හෘද සාක්ෂියක් ඇත. සමහරුන් තම වංශය ගැන පෙලෙන පුහුමාන්‍ය නිසාම අනෙකුත් කුල ඉතිහාසය පිලිබඳ කරුණු යට ගහති. සත්‍ය විකෘති කරමින් කතා කියති. සත්‍ය දන්නා නමුත් ඒ ප්‍රසිද්ධියේ කතා කිරීමට හෝ පිලිගැනීමට මැලි වන්නේ පුහු මාන්‍ය නිසා බවට අමුතු සැකයක් නැත.
පුද්ගලිකව මා විසින් ගවේශණය කල තොරතුරු වලට අනුව මෙම ලිපිය සකසන ලදි. ලිපියේ නිවැරද්‍යතාවය පිලිබඳව සනාත වෙමි.
සටහන :- එච්. අනුරූ ද සිල්වා




No comments:
Post a Comment