" නන්එදිරි විල්ෆ්‍රඩ් ආතර් ද සොයිසා සිරිවර්ධන හාමු " මහතා ජීවත් වූ ...
' කලුවාමෝදර වලව්ව '
ඉංග්‍රිසි පාලන කාලයේදී කාලයේදී
ගල්වෙහෙර මහා වලව්වෙන් බලපිටිය වැලිතර මහා කප්පින වලව්වේ කලුහත් සැම්සන් ද ආබෲව් රාජපක්ෂ විජයගුණරත්න මහා මුදලිතුමා ට හිමි වු මෙම වලව්ව මහා කප්පින වලව්ව මගින් පරිහරණය කල අතර මෙය අමරපුර මහා නිකායේ මුලස්ථාන ය වන අම්බරුක්කාරාම අමරපුර මූල මහා විහාරයවන එයිතිහාසික පුරාන වැලිතොට සහබන්දු මුදලිතුමා ගේ සහබන්ධු වලව්ව ට යාබදව පිහිටා තිබේ. මහා කප්පින වලව්වේ ලමා තැනීගේ සහෝදරයා මෙම වලව්වේ පදිංචි ව සිටියේ ය. නන් එදිරි කෙරොලයින් ද සොයිසා සිරිවර්ධන ලමාතැනීගේ සහෝදරයාවූ නන් එදිරි විල්ෆ්‍රඩ් ආතර් ද සොයිසා සිරිවර්ධන හාමු මහත්මයා පදිංචි වලව්ව මෙයවිය.
කලුවාමොදර වලව්වේ නන් එදිරි ආතර් ද සොයිසා සිරිවර්ධන හාමු මහත්මයා ගේ විවාහ යේදි ශාක්ශි කරුවෙක් වුයේද මහා කප්පින වලව්වේ කලුහත් සැම්සන් ද ආබ්‍රේව් විජයගුණරත්න රාජපක්ෂ මහාමුදලි තුමාගේ පුත්‍රයා වූ කලුහත් ටියුඩර් ද ආබ්‍රේව් විජයගුණරත්න රාජපක්ෂ මහා මුදලිතුමා විසිනි. සහබන්ධු මුදලිවරයා ගේ පවුල් සහ ඔවුන්ගේ පවුල් එකිනෙක ඥාතීන් ද වේ.
එතුමා (නන්එදිරි විල්ෆ්‍රඩ් ආතර් ද සොයිසා සිරිවර්ධන) විවාහ වූයේ අහුන්ගල්ලේ ඇන්ඩෘ ද සිල්වා අබේවිර ගුනසේකර මුහන්දිරම් රාලහාමි ගේ සහෝදරිය වු අදිරියානා ද සිල්වා අබේවිර ගුනසේකර සමග ය. එම දෙපල ගේ දරුවන් 6 දෙනකි. නන් එදිරි සිසිලින් ද සොයිසා සිරිවර්ධන හාමු, නන් එදිරි ආතර් ද සොයිසා සිරිවර්ධන හාමු, නන් එදිරි මෙගලින් ද සොයිසා සිරිවර්ධන හාමු, නන් එදිරි හෙරලි න් ද සොයිසා සිරිවර්ධන හාමු, සහ නන් එදිරි පෝල් ද සොයිසා සිරිවර්ධන හාමු මහත්මයා (විශ්‍රාමික විදුහල්පති ) සහ නන් එදිරි එව්ලින් ද සොයිසා සිරිවර්ධන' හාමු මහත්මිය (විශ්‍රාමික විදුහල්පතිනිය ) වශයෙනි.
නන්එදිරි එව්ලින් ද සොයිසා සිරිවර්ධන හාමු මෙම වලව්ව අවසාන පදිංචි පරම්පරාව විය.අබගහපිට්ය අම්බරුක්කාරාම මුල මහා විහාරයේ මහා කප්පින දායක පවුලකි විහාරස්ථානයේ දියුනුවට විශාල ශාසනික කාර්‍යක් සිදුකල වලව්ව කි.අද එම වලව්වේ නටබුන් වත් දෙකිය නොහෙක .තවද බලපිටිය ගල්මන්ගොඩ වලව්ව (හාරබෙ වලව්ව අසල) තිබුබවද එහි ද නටඹුන් වත් අද දැකිය නොහෙක. ඒ සියල්ල කාලයේ වැලිතලාවට යටව ගොසිනි. බලපිටිය වලව් සොයා යාමේදී අප වඩාත් කනගාටුවට පත් කරන කාරණා එයයි. දැනට පවා දැකගන්න ට ඉතිරිව ඇති පැරණි වලව් බලපිටිය, රත්ගම, අහුංගල්ල, කොස්ගොඩ නගර සීමාවන්ගේන් හමුවේද ඒවායේ පෞරාණික වැදගත්කම සලකා හෝ ඒ කිසිවක් සංරක්ෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ නෙතු නොගැටීම වඩාත් කණස්සලු දායකය. එවැනි වාතාවරණයක් මත මෙවැනි පෞරාණික දේපල විනාස වී යාම තවදුරටත් අසන්නට, දකින්නට ලැබීම අරුමයක් නොවේ
තොරතුරු :- අකුරල කීර්ති ජයරත්න මහතා
සටහන :- එච්. අනුරූ ද සිල්වා

No comments:
Post a Comment