Wednesday, 7 September 2022

සෙනෙවිරත්න වලව්ව , බූස්ස

 










දේව නදෝරිස් ද සිල්වා සෙනෙවිරත්න රාළහාමී විසූ ප්‍රතාපවත් නිවහන බූස්ස මහා ගෙදර  

" සෙනෙවිරත්න වලව්ව " 

මනරම් දර්ශනීය මන්දිරයක් ලෙස මෙම නිවස ඉදිකරන ලද්දේ බූස්ස වැල්ලබඩ පත්තුවේ 19 වන සියවසේ විසූ සිරිලක මහා ධනවතෙකු වූ සෙනෙවිරත්න රාලහාමි විසිනි .ඔහු ලංකාවේ ප්‍රධාන අපනයන කරුවෙකු ලෙස කටයුතු කර තිබේ එතුමා සතුවූ දේපළ අතර කොලඹ නාගරික නිවාස ,මිණිරන් ගබඩා සහ ගාල්ලේ පොල්, කුරුඳු , රබර් වතු සහ මිනිරන් පතල්ද විය .මෙම පරපුර ශ්‍රිමත් අර්නස්ට් ද සිල්වා මහතාගේ පරපුරේ ඥාතින් වෙයි .සෙනෙවිරත්න රාලහාමි පාරම්පරික ඉඩම් හිමියකු ලෙස ප්‍රදේශයේ සමාජ සත්කාර කටයුතු වලදි අනුග්‍රහය දක්වා ඇති අතර බූස්ස මහා විදුහල එතුමා විසින් ගොඩ නගා තිබේ .විශිෂ්ට දේශපාලනයකු වූ එම් ජී මෙන්දිස් මහතා මෙම පරපුර නියෝජනය කරමින් මෙම නිවසේ දිවි ගෙවන ලදි බූස්ස ගාලු කොලඹ මාර්ග අසල මෙම මනස්කාන්ත මන්දිරය දැක ගත හැක .ටෙලිනාට්‍ය හා සිනමා රූගත කිරිම් මෙහි සිදු කර තිබේ. ඒ අතර ගිරිකුල, ධවල භීෂණය වැනි බොහෝ ටෙලිනාට්‍ය චිත්‍රපටද වේ. බූස්ස වැල්ලබඩ මහගෙදර මෙම වලව්ව කා අතරත් ප්‍රසිධ වී පවතින්නේ "ධවල රැජිණ" යන අන්වර්ත නාමයෙනි.

තොරතුරු සහ ඡායාරූප වලව්ව පිටුවෙනි.

ක්‍රි.ව 1850 දසනායක වලව්ව , කොස්ගොඩ

 





ක්‍රි.ව 1850 කුරුඳු තිත්පොලක් බවට පත්වූ "වලිමුණි දොන් පේලිස් මෙන්ඩිස් විජයගුණරත්න දසනායක" මුදලිවරයාගේ නිවහන කොස්ගොඩ දසනායක_වලව්ව

සලාගම කුලයට අයත් පැරණි වලව්වකි.

අද වර්තමානයේ කුරුඳු නිෂ්පාදනාගාරයක් ලෙසින් (DWP) පවත්වාගෙන යයි..


දකුණේ කුරුඳුකර්මාන්තයේ පුරෝගාමීන් ..🔥


කොස්ගොඩ දසනායක වලව්ව වැවිලි සමාගමේ හිමිකරු සහ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ දිවංගත ගණකාධිකාරී ඒ.ඩී සරෝජිත් සහ කේ. ද සොයිසා පිළිවෙලින් ශ්‍රී ලංකාවේ කුරුඳු කර්මාන්තයේ පුරෝගාමීන් දෙදෙනෙකි.


අභාවප්‍රාප්ත සරෝජිත් කේ ද සොයිසා මහතාගේ වතු කළමනාකරණය යටතේ පුහුණුව ලැබූ අය ද පසුකාලීනව කුරුඳු කර්මාන්තය නඟා සිටුවීමට මහත් වෙහෙසක් ගත් අය අතර වූහ.


විජිත් කේ ද සොයිසා සිය මුතුන් මිත්තන්ගේ උරුමය ගෙන යන දසනායක වලව්ව වතුයායේ සිව්වන පරම්පරාවේ හිමිකරුවෙක් වන අතර කුරුඳු වගාව, කුරුඳු තවාන් සකස් කිරීම, වගා කිරීම ආදී සෑම අංශයකින්ම නවෝත්පාදන රැසක් හඳුන්වා දෙමින් කුරුඳු නිෂ්පාදනවල ගුණාත්මක බව ඉහළ නැංවීමට තම ජීවිතය කැප කළේය. සහ කුරුඳු නිෂ්පාදන සකස් කිරීමේ සනීපාරක්ෂක ක්රම.


ඔහු කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වසර 37ක පළපුරුද්දක් ඇති ඔහු කුරුඳු කර්මාන්තයේ සෑම අදියරක්ම ඉස්මතු කරන කෘතියක සම්පාදනය කර ඇත.


දසනායක වලව්වේ කුරුඳු වගාව 🔥...

 

අතීතයේ සාම්ප්‍රදායික චාරිත්‍රය වූයේ කුරුඳු පොතු ලෙලි ගැසීම වන අතර මෙම ක්‍රමය තවමත් රටේ ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රියාත්මක වේ. නමුත් වර්තමානයේ මෙම ක්‍රමය නවීකරණය වී ඇති අතර කුරුඳු ලෙලි දැමීම ඇතුළු සෑම අදියරකදීම නිෂ්පාදනවල සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය පවත්වා ගැනීම සඳහා විශේෂයෙන් සාදන ලද මේස මත සිදු කෙරේ.


ශ්‍රී ලංකාවේ පාරම්පරිකව කුරුඳු 'පැනි මිරිස් කුරුඳු', 'පණිරස කුරුඳු', 'සෙවල කුරුඳු', 'කහට කුරුඳු', 'තිත්ත කුරුඳු' වැනි ප්‍රභේද පහකට අයත් බව හඳුනාගෙන ඇත.


මෙම නව ක්‍රමය පරිවර්තනය කර හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ වසර ගණනාවක් පුරා වෙහෙස මහන්සි වී පර්යේෂණ කළ විජිත් ද සොයිසා මහතාටය.


තේ, පොල් සහ රබර් වගාකරුවන් හා සසඳන විට කුරුඳු වගා කරන්නන් ඔවුන්ගේ වැඩ සහතික කර නොමැති බව ඔහු පැවසීය.


2005 දී දසනායක වලව්ව කුරුඳු සැකසුම් කර්මාන්ත ශාලාව 2006 HACCP හි ප්‍රමිතිකරණය සඳහා GMP ජාත්‍යන්තර සහතිකය, 2011 දී ISO ප්‍රමිතියක් සහ 2014 දී FSSC 22000 ලබා ගත්හ.


දසනායක වලව්ව හා සමාන කුරුඳු කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යාම ඉතා මිල අධික බවත් මේ වන විට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් සහතික ලත් කර්මාන්ත ශාලා 10 - 12 කට ආසන්න ප්‍රමාණයක් දකුණු පළාතේ තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. තවත් කරුණක් වූයේ ජාත්‍යන්තර ප්‍රමිතියට නිෂ්පාදනය කරන කුරුඳු සඳහා වන මිල සහ සාම්ප්‍රදායික ගෝනි බෑගයේ නිෂ්පාදනය කරන කුරුඳු නිෂ්පාදනවල මිල සමාන වීමයි.


තවද, කුරුඳු කම්හල්වල සේවයේ නියුතු ඇතැම් කම්කරුවන්, ගෙවනු ලබන වැටුප් ද සමාන බැවින් සහතික කළ කර්මාන්තශාලාවල සේවය කිරීමට මැලිකමක් දක්වන බව ඔහු පැවසීය. මේ හේතූන් නිසා ඇතැම් කර්මාන්ත ශාලා හිමියන්ට තම කම්හල් නඩත්තු කිරීමට අපහසු වී ඇත. මේ තත්ත්වය වැඩිදියුණු කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය වැනි අදාළ බලධාරීන් මෙතෙක් ඵලදායි පියවර ගෙන නැහැ.

 

දිවයිනේ කුරුඳු වගා කරන ප්‍රධාන දිස්ත්‍රික්ක වන්නේ ගාල්ල, මාතර සහ කලතුරයි. මීට අමතරව, ගාල්ල දිස්ත්‍රික්කයේ අඹන්ගොඩ, කරන්දෙණිය, ඌරගහ, බටපොල, මීටියාගොඩ යන ප්‍රදේශවලද හොඳම තත්ත්වයේ කුරුඳු නිෂ්පාදනය කරන ප්‍රදේශ වේ.


නවතම සංඛ්‍යාලේඛනවලට අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 10,644ක්, මාතර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 7,926ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 2,313ක්, කළුතර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 2,633ක් කුරුඳු වගා කෙරේ.

 

අතීතයේ කුරුඳු සෑම විටම ගෘහ කර්මාන්තයක් ලෙස සලකනු ලැබූ අතර කුරුඳු කර්මාන්තයේ නියැලී සිටින අයගේ ගුණාත්මකභාවය සහ ඒකාකාරිත්වය වැඩිදියුණු කිරීම කෙරෙහි අඩු අවධානයක් යොමු විය.


නමුත් දැන් ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ එය ලෝකයේ හොඳම කුරුඳු නිෂ්පාදනය දිගටම කරගෙන යාමට රජයේ සහයෝගය අවශ්‍ය නීත්‍යානුකූල කර්මාන්තයක් ලෙස අවසාන වශයෙන් පිළිගැනීමටය. 


දසනායක වලව්වේ කුරුඳු වගාබිම පිලිබඳ විස්තර මෙතනින් 


https://www.facebook.com/165727733771674/posts/1533082067036227/?app=fbl

සටහන් තැබීම :- එච්. අනුරූ ද සිල්වා

අමරපුර නිකාය බිහි වූ වලව්ව


 

අමරපුර නිකාය බිහිවූ බලපිටිය අම්බරුක්ඛාරාමය හෙවත් අඹගහපිටිය වලව්ව  ... ........... ..................................


කතරගම යන අතරමඟ කොළඹ සිට ගාල්ල බලා මුහුදුබඩ මාර්ගය ඔස්සේ යද්දී ගාලු - කොළඹ පාරේ හතළිස් අට වැනි (48) සැතපුම් කණුව අසලින් ගොඩකරයට විහිදෙන මංපෙතක් දිස්වෙයි. එය දිවෙනුයේ ඓතිහාසික වැලිතොට හෙවත් බළපිටිය පෙදෙසේ අඹගහපිටිය ගම්වරයේ අම්බරුක්ඛාරාම මූල මහා විහාරය වෙතටය.

අම්බරුක්කාරාම මූල මහා විහාරය හෙවත් පුරාණ අඹගහපිටිය වලව්ව ගැන මෙතනින් කියවන්න .


https://m.facebook.com/story.php?story_fbid=484507929812760&id=100047606710994


සිරිලක භික්ෂුන් වහන්සේ ෙදාළොස් දහසක් (12,000) අයත්ව සිටින පාර්ශ්ව විසි එකකින් (21) සමන්විත අමරපුර මහා නිකාය ඇරැඹුණේ එකී ඓතිහාසික පුණ්යභූමිය ඇසුරෙනි.

කලක් ගණින්නාන්සේට නිවාසී වූ ඒ බිම්කඩ ලක්දිව අමරපුර මහා නිකායේ සමාරම්භකයාණන් වහන්සේ වූ අතිපූජ්ය වැලිතොට ශ්රී ඤාණවිමලතිස්ස මහා නායක මහ තෙරුන් වැඩ විසූ පින්කෙත වන්නේය. එ මතු නොව වැඳපුදාගත යුතු විහාරාංගයන්ගෙන්ද දැක බලාගත යුතු දුලබ වස්තූන්ගෙන්ද අධ්යයනය කළයුතු ශාස්ත්රීය ග්රන්ථ, පුස්කොළ පොත්, පුවත්පත් සඟරා ආදියෙන්ද සමන්විත අඹගහපිටියේ අම්බරුක්ඛාරාම මූල මහා විහාරය මාදු ගංගා නිම්න ශිෂ්ටාචාරයේ මහරු සම්පත් නිදහනකි. ප්රකාශයට පැමිණවිය යුතු අප්රකට අත්ලිපි දහස් ගණනකින් පරිමිත අම්බරුක්ඛාරාම පුස්තකාලය විද්යාර්ථීන්ට මෙන්ම ශාස්ත්රීය පර්යේෂකයන්ට නිසි පරිදි නෙතු නොගැටි පර්යේෂණාගාරයකි. අධ්යයන භූමියකි.

බෞද්ධ පුනරුදය උදාවීමට කලින් දකුණු සිරිලක ගාලු දිස්ත්රික්කයේ පහළ වූ විහාරාරාම අතර අඹගහපිටියේ පන්සලට හිමිවන්නේ නොදෙවැනි තැනකි. එහි ඉතිහාසය කිතුවසින් 1750 පමණ අෑතට විහිද යයි. දැනට අඹගහපිටිය මූල මහා විහාරස්ථානය නමින් හඳුන්වනු ලබන පුණ්යභූමිය වර්ධනය වූයේ ඉතා කුඩා බිම් පෙදෙසක අඹගහක් මුල ඇරැඹුණු පුංචි ආවාසයක් පදනම් කොටගෙනය. මෙහි පළමුවෙන්ම වැඩ වාසය කළේ සිරිඅප්පු ගණින්නාන්සේ නමින් හැඳින්වෙන සිල්වතෙකි. එම සිල්වතාණන් මහනුවර පිණ්ඩපාතික අසරණ සරණ වැලිවිට ශ්රී සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේගේ සිල්වත් සමාගම සමඟ සම්බන්ධකම් පැවැත්වූ සාමණේර හිමි නමකි. මෙම සිල්වතාණන් හට සමකාලීනව සිල්වත් සමාගමේ තවත් සාමණේර හිමි නමක් වැලිතොට ප්රදේශයෙහි පැවිදි වත් සපුරමින් ආගමික ජීවිතයක් ගතකළ බව වාර්තාගතය. එම සිල්වතාණෝ කිරිඅප්පු ගණින්නැහේ නමින් හැඳින්වෙති. එම සිල්වතාණන් පාතේගම පන්සලේ වාසය කළ බව කියති.

ලක්දිව අමරපුර මහා නිකායේ සමාරම්භක මහානායක මහ තෙරුන් වහන්සේ වූ මහකරාවේ විමලඤාණතිස්ස මහ නාහිමියන් පරිහරණය කළ උපසම්පදා සිවුරත් බුරුම රජතුමා පූජා කළ රිදී කෙණ්ඩියත්, සපු මලත්, භාවනානුයෝගී බුරුම භික්ෂුන් භාවිත කරන අමුතු මාදිලියේ කොට්ටයත් අඹගහපිටි මූල මහා විහාරයේදී දැකගත හැකිය. ඉතා දුර්ලභ වස්තුවක් සේ සැලකෙන කඟවේණාගේ අං (අඟ) එහිදී දැකගැනීමට පිළිවන.

අඹගහපිටිය මූල මහා විහාරයේ ත්රිපිටකයේ භාෂා අටකින් කළ පරිවර්තන ග්රන්ථ තැන්පත්ව ඇත. පෙරපර දෙදිග ගිහි පැවිදි පඩිවරුන් හා නායකයන්ගේ ඓතිහාසික අත්ලිපි දහසක පමණ දුලබ එකතුවක්ද වෙයි. පැරැණි පුවත්පත් එකතුව දෙවැනි වන්නේ රාජ්ය ලේඛනාගාරයට පමණි. ලක්දිව සංස්කෘත භාෂා සාහිත්ය පෝෂණයෙහි ලා ෙදාඩන්දුවේ යති පරපුර ප්රාමාණික වූයේ යම් සේද එසේම ලක්දිව පාලි භාෂා සාහිත්ය විෂයයෙහි අඹගහපිටිය මූල මහා විහාරයේ ගිහි පැවිදි වියත් ප¾ඩි පරපුර ප්රාමාණික වූහ.

ඓතිහාසික වැලිතොට හෙවත් වත්මන් බළපිටියේ අඹගහපිටිය මූල මහා විහාරය (අම්බරුක්ඛාරාමය) ලක්දිව සංස්කෘතික ජීවිතයේ අප්රකට මහා ස්මාරකයකි.

 

විශේෂ ස්තුතිය- ප්‍රභාත් ඉන්දික සහෝදරයා වෙත.......

බස්නායක වලව්ව , බලපිටිය



 

ලංකාවේ ප්‍රථම සිංහල ශබ්ද කෝෂය ආරම්භ කිරීමට මුල්වූ .....

" තිරිමාදුර ඒබ්‍රහම් මෙන්ඩිස් ගුණසේකර විජය ශ්‍රී වර්ධන බස්නායක " මහමුදලිතුමා  

ප්‍රථම සිංහල ශබ්ද කෝෂයේ මුල් පිටපතලොවෙහි යම් භාෂාවක්‌ සඳහා නව වචන නිර්මාණය කර එක්‌කිරීම අවශ්‍යතාව මත සිදුවීම සාමාන්‍ය සිරිතයි. නමුත් භාෂාවක්‌ සඳහා අභිනවයෙන් වෙනත් අක්‌ෂර නිර්මාණයන් එක්‌කිරීම සිදුවන්නේ නැත. නමුත් සිංහල භාෂාවේ "F" ශබ්දය නැගීමට අක්‌ෂරය නොමැතිවූ නිසා ඒ සඳහා යොදා ගත්තේ සිංහල බසේ "ප" අකුර මත ඉංගී්‍රසි බසේ "F" අකුර රඳවා සකසා ගත් ද්විභාෂා අක්‌ෂර එකතුවක්‌ ලෙස "ෆ" අකුර යොදා ගැනීමයි මෙය විදුහුරු ක්‍රියාවක්‌ නොවන නිසා ඒ සඳහා සුදුසු අක්‌ෂරයක්‌ හඳුන්වා දීම සිදුවූයේ මීට වසර 114 ක්‌ ගෙවුණු වර්ෂ 1896 දෙසැම්බර් මාසයේදීය. ඒ සඳහා ක්‍රියා කළේ බළපිටිය බස්‌නායක වලව්වේ වාසය කළ 

" තිරිමාදුර ඒබ්‍රහම් මැන්දිස්‌ ගුණසේකර විජය ශ්‍රී වර්ධන " මහා මුදලි තුමන්ය. 

ජර්මන් ජාතිකයකු වූ විල්හෙල්ම් ගෛගර් පඬිවරයා විසින් මැන්දිස්‌ ගුණසේකර මහතා පිළිබඳ 1897 දී ඔහු විසින් ලියන ලද මාලදිවයින පිළිබඳ ග්‍රන්ථයේ ගෛගර් මෙසේ පවසයි. "ලංකාවේ පමණක්‌ නොව යුරෝපයේවත් භාෂාවන් පිළිබඳ ඒ මැන්දිස්‌ ගුණසේකර මුදලිතුමා තරම් පටුතර බුද්ධිමත් පුද්ගලයෙක්‌ සොයා ගැනීම දුෂ්කරය" යනුවෙනි. මෙවැනි විශාරද භාෂා උගතකු බුද්ධිමතකු වියතකු කීර්මත් මුදලිවරයකු වූ මැන්දිස්‌ ගුණසේකර මහතා වර්ෂ 1860 ජුනි මස 14 වැනි දින එනම් මීට වසර 150 කට ඉහතදී දකුණු සිරිලක ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ බළපිටිය ප්‍රදේශයේදී උපත ලැබුවේය. මෙතුමා කුඩා කල හඳුන්වන ලද්දේ ඒ බ්‍රහම් මැන්දිස්‌ ගුණසේකර යනුවෙනි. දෙමාපියන් වූයේ බළපිටිය බස්‌නායක වලව්වේ විසූ " තිරිමාදුර බස්‌තියන් මැන්දිස්‌ ගුණසේකර විජය ශ්‍රී වර්ධන බස්නායක " මහා මුදලිතුමන් සහ ගරුමුණි අසේයා ද සොයිසා මාතාවයි. 


මෙලෙස සිංහල ශබ්ද කෝෂය ආරම්භ කිරීමට මුල්වූ ගුණසේකර මුදලිතුමා අප රටේ ප්‍රථම ඉංගී්‍රසි - සිංහල හා සිංහල - ඉංගී්‍රසි ශබ්ද කෝෂ දෙකෙහි ආදි කර්තෘවරයා බව දන්නේ කීයෙන් කී දෙනකුද? ????


ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉංගී්‍රසි - සිංහල ශබ්දකෝෂය ලියා මීට වසර එකසිය පහකට පෙර 1905 දී මුද්‍රණයෙන් එළිදක්‌වන ලද මෙතුමා 1915 දී වචන විසිදහසක පමණ එකතුවක්‌ ඇති සිංහල - ඉංගී්‍රසි ශබ්දකෝෂයක්‌ ලියා පළ කළේය. 

මහාවංශයේ සඳහන් වන සියලු රජවරුන් පිළිබඳ කවි දහසක්‌ පමණ ලියා වරින්වර සිය ඥනාදර්ශ සඟරාවේ පළ කළ අතර අරාබි නිසොල්ලාසය ප්‍රථමයෙන්ම සිංහලයට පරිවර්තනය කිරීමේ මෙහෙවර මෙතුමා විසින් සිදුකරන ලදී. 

හැඳින්වීමෙන් මහ ගත්කරු නාමයක්‌ නොතිබුණද ජාතියේ ශ්‍රේෂ්ඨ පඬිවරයකු වූ තිරිමාදුර ඒබ්‍රහම් මැන්දිස්‌ ගුණසේකර විජය ශ්‍රී වර්ධන වාසල මුදලිතුමන් මීට වසර අසූවකට පමණ පෙර 1931 පෙබරවාරි 09 වැනි දින බළපිටියේ වාසළ වලව්වේදී වසර හැත්තෑ එකක දිවිමග අවසන් කොට ජීවිතයෙන් සමුගත්හ. සිංහල හෝඩිය පවතින තුරු එය භාවිත කරන තුරු නොමැරෙන අමරණීය නාමයක්‌ හිමිකරගෙන උගත් ලෝකයාගේ ගෞරවයට කීර්තියට පත් මේ විද්වතාණන් පිළිබඳව එතුමිගේ ශ්‍රී නාමයට අපෙන් හිමිවිය යුතු තැන තවමත් නොලැබී ඇති බව කනගාටුවෙන් සඳහන් කරමි. එතුමා වෙනුවෙන් සමරු මුද්දරයක්‌, නිකුත් කිරීමටවත්, මාවතක්‌ නම් කිරීමටවත් වගකිව යුතු අංශ අද වනතුරු පියවරක්‌ නොගෙන ඇත. මෙවැනි පඬිවරයකු වෙනත් රටක සිටියානම් ඔහු සිටි නිවෙස පවා ගෞරවයට පාත්‍රවන ජාතිය විසින් සුරකින ස්‌මාරක වනු ඇත. සිරිමා බෝධිය ලක්‌දිවට වැඩම කරවූ නැවේ අබලන් වූ කොටස්‌ අනුරාධපුරයට ගෙනවුත් සංරක්‌ෂණය කර මහජන ප්‍රදර්ශනයට තබා ලොව ප්‍රථම කෞතුකාගාරයකට අඩිතාලම දැමූ අපේ සිංහල ජාතිය රාජ්‍ය පාලනයේ වගකිව යුතු අංශ මෙලෙස මෙවන් ජාතියේ විරුවන් අමතක කිරීම අභාග්‍යයකි.


සටහන - {www.fb.com/Prabath Indika}

Admin - සුන්දර බළපිටිය


සංස්කරණය - එච්. අනුරූ ද සිල්වා

Monday, 5 September 2022

එදිරිසිංහ වලව්ව , පාතේගම

 





" නම්මුණි බාර්නිස් ද සිල්වා විජය කුලතිලක එදිරිසිංහ " මුහන්දිරම් තුමා විසූ අහුංගල්ල පාතේගම එදිරිසිංහ වලව්ව 

සලාගම කුලයට අයත් පැරණි වලව්වකි.

✍️ පාලි භාෂා චක්‍රවර්තී ශාස්ත්‍රපති බලපිටිය වැලිතර යු.ඒ.ඥනතිලක මහා නාහිමියන් ..

කවර රටක වුවද කවර ජාතියකවුද අභිත විරෝදාර ස්වභාව සම්පන්න  ශ්‍රේෂ්ඨ  පුරුෂ යෝ උපදිති එයිතිහාසික බලපිටිය ප්‍රසිද්ධ  වාලුකාතීර්ත (වැලිතර) ග්‍රාමයේ  ක්‍රිස්තු වර්ෂ 1858 දි ජන්මලාභය ලද වැලිතර යු.ඒ.ඥනතිලක මහා නායක මහා නාහිමියන් ද එබදු ගුණයෙන් හෙබි සංඝ පීතෘවරයානන් වහන්සේ නමකි. බලපිටිය වැලිතර විසු ජනනායකයෙකුවූද ධනකුවෙරයකවූද එදිරිසිංහ වලව්වේ " නම්මුනි බාර්නිස් ද සිල්වා විජයකුලතිලක එදිරිසිංහ  මුහන්දිරම් " රාලහාමි  සහ සේනාපති අවිහාමි ද සිල්වා  හාමිනේ යථොක්ත මහා නායක නාහිමියන් ගේ  දෙමාපියන් වුහ. වර්ශ 1871 දි ලක්දිව පඬිරුවනක්වු  අමරපුර ගනපාමොක්ඛාචාර්ය අරියවංශාලංකාර ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය` වැලිතොට අම්බරුක්කාරාම මුල මහා විහාරයාදිපති අමරපුර මුලවංසනිකායේ මහා නායක වැලිතර විමලසාර තිස්ස මහා නායක  මහා නාහිමියන් විසින්  සසුන් ගතවුයේ  වැලිතර ඥනතිලක යනුවෙනි. ඥනතිලක  සාමනේරයන් පාලි සංස්කෘත පිලිබද ඉගෙනුම ලාබාගත්හ.  මුන්වහන්සේ වයස අවුරුදු 23 දි ස්වකීය විහාරස්ථානයේ  විජ්ජොභාස විජ්ජාමන්දිරනම් පිරිවෙනක් ආරම්භ කර ප්‍රාචීන සංස්කෘත පාලි භාශාවලින් පිරිවෙනේ මුලික අද්‍යපනය කලහ .එවකට දකුණු සිරි ලක අග්‍රගණයේ පිරිවෙනක් විය.

බුරුම රට රක්බ්ඩ්ග ජනපදයේ  හෙන්සාඩා රාජධානියට ආසන්න ආරණ්‍යවාසී මහින්දපරම්පරානුගත මහා විහාර වංශික  භික්ෂූන් සත්දසකට සංඝරාජවු රාජාධිරාජගුරු 

උක්කංවංශමාල  මහා නාහිමියන් ප්‍රමුඛ තෙලසක් පමන බුරුම මහා සංඝයා ඉදිරියේ දි එයිතිහාසික බලපිටිය වැලිතර මාදුගඟ නදියේ  වැලිතර ඥණතිලක මහා නාහිමියන් ප්‍රමුඛ පස්නමක් අදශීල සංඛ්‍යාත ශ්‍රද්ධාපසම්පත්තිය ලාබාගන "අමරපුර චුලගන්ටික "නමින් භික්ෂු පරපුරක් වර්ශ 1886 දි ස්තාපිත කර එහි ප්‍රථම මහා නායක පදවියට උන්වහන්සේ පත්විය.


අධ්‍යාපනික, ලේඛක, කවිෂ්වර යන පාණ්ඩිත්‍ය ත‍්‍රිලක්‍ෂණයෙන් සමලංකෘත මහා ප‍්‍රාඥයෝ කලාතුරකින් ම පහළ වන්නාහ. විසිවන සියවසේ පහළ වූ එක ම අසහාය මහා ප‍්‍රාඥයා ලෙස අමරපුර චූලඝණ්ඨි නිකායාධිකර්තෘභූත පාළි මහා චක‍්‍රවර්තී යන රාජදත්තිය නාමෝපලක්‍ෂිත ඒ.යූ.ඒ ඥානතිලක ස්‍යාමරාජ පූජිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බව අවිවාදනේ සියලූ උගත්හු පිළිගත් හ. පාළි, සිංහල, සකු, ගාථා, කවි, සොලෝ එකවර දෙසියයක් පමණ ලිවීමේ හැකියාවකින් යුක්ත වූ මාහිමියෝ අපූර්ව වාග් ශක්තියකින් ද යුක්ත වූ සේක. උන්වහන්සේ විදේශීය රජුන්ගෙන් ලැබූ උක්කට්ඨමහා තිස්ස, හිස්හොලිනස් ආදි ගෞරව නාම ලැබීමට එතෙක් මෙතක් සුදුස්සකු පහළ නො වූහ. බුදුරජුන් ගේ භාෂාව යයි සලකා පාළියට පුදුම ආදරයක් මෙන් ම ගෞරවයක් ද දැක්වූ උන්වහන්සේ පාළි ව්‍යාකරණය ගැන පුදුම අයුරින් වෙහෙසුන සේක. එබැවින් මව්බස සේ ම පාළියෙහි පරප‍්‍රාප්ත වූ ඥාණතිලක ස්වාමීන්ද්‍රයෝ මව්බස හා පාළිය සමාන ව කථා කිරීමෙහි ද සමර්ථ වූහ.


උන්වහන්සේ ගේ පාළි ව්‍යාකරණ පටුත්වය ගැන දැන ගැනීමට එහිමියන් විසින් රචිත න්‍යාස, කාරිකා, නිරුත්තිරතනාකර, ගන්ධාභරණ, ඒකක්ඛරකෝස, වාචකෝපදේශාදී දේශ-දේශාන්තර පාළි ව්‍යාකරණ ග‍්‍රන්ථ 80 කට පමණ ලියූ විස්තර ව්‍යාක්‍යා ප‍්‍රමාණවත් ම ය. මාහිමියන් ගේ සාසනවංසදීප මහා කාව්‍ය (පාළිශාසන වෘත්තාන්ත – ගාථා 1672) විස්තර ව්‍යාක්‍යාවේ 13 වන ගාථාවට ලියූ විස්තරය පූර්වප‍්‍රකාර උගතුන්ගේ දුර්මත විදාරණය වීමට හේතුභූත වේ.


අරියවංශ ගෞරව උපාධිය ද "උක්කට්ඩ මහා තිස්ස "යන ගෞරව උපාධිය ද"අරියවංශාලංකාර"යන ගෞරව උපාධිය ද ලංකාණ්ඩුකාර සර් ජෝසප් වෙස්ට් රිජ්වේ  විසින් "අමරපුරගනප්පධාන සංඝ නායක   ගෞරව උපාධිය ද "හිස් හොලිනස්"යන රාජකිය ගෞරව උපාධිය සියම් රජතුමා විසින් ද ප්‍රධාන ය කර ගෞරව කලහ. උන්වහන්සේ ශ්‍රී ලංකද්විපයේම උගත් බුද්ධිමත් පඩිරුවනකි.  රාජසම්මානලත් ස්වකීය ධර්ම ශාස්ත්‍රය සම්බුද්ධ ශාසනයේ උන්නතියට විශාල කාර්‍යක් සිදුකල   වැලිතර පුශ්පාරාම පුරාන විහාරයාදිපති  අමරපුර චුලගන්ටික මහා නිකායේ ආදිකතෘ පන්ඩිත ගෞරව ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය ගනාචාරිය අතිගෞරවාර්ග  මහෝපාධ්‍ය ශිරෝමනි ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය`  වැලිතර යු.ඒ.ඥනතිලක මහා නාහිමියන් 1941 .5.21වැනි දිනක සියලු සංස්කාර ධර්ම අනිත්‍ය බව සනිටුහන් කරමින් අපවත්වී වදාළහ.


වැඩිදුර විස්තර සඳහා කියවන්න 👇


https://mahamegha.lk/2012/07/17/asapuwa/


එදා  සලාගම බ්‍රාහ්මණ වංශික වලව් වලින් මුදලි වරුන් තම දරුවන් සම්බුද්ධ ශාසනයේ සසුනට පුජාකලහ. ලංකාගොඩ රාජපක්ෂ මහා වලව්වෙන්ද , වැලිතොට එදිරිසිංහ මුහන්දිරම් වලව්වෙන්ද, මාදම්පාගම උරවත්තේ  රන්නුලු ලිවේරා වලව්වෙන්ද ඇතුලුව තවත් බ්‍රාහ්මණ වංශික වලව් වලින් සසුන් ගතවූ සම්බුද්ධ ශාසනයේ සසුන්ගතවූ ලංකාගොඩ සිරි ධීරානන්ද මහානයක මහා නාහිමියන්, වැලිතර  යු.ඒ.ඥනතිලක මහා නායක නාහිමියන්  මාදම්පාගම ධම්මතිලක මහා නායක මහා නාහිමියන්, රාජගුරු වැලිතර සිරි සුදර්ශන උප සංඝරාජ මහා නායක මහා නාහිමියන්  එයින්  ප්‍රධාන සංඝ පිතෘවරයානන් වහන්සේ ලා වෙයි. එපමණක් නොව,


බලපිටියේ මහා කප්පින වලව්ව, මාදම්පාගම ගල්දූවත්ත වලව්ව, දඩල්ල රාජපක්ෂ මහා වලව්ව, කොලඹ කුප්පියාවත්තේ ජයසේකර වලව්ව, මාදම්පාගම ලංකාගොඩ රාජපක්ෂ වලව්ව, බලපිටියේ අඹගහපිටිය වලව්ව ඇතුලු බොහෝ වලව් සලාගම බ්‍රහ්මණ වංශික ප්‍රභූවරු විසින් සම්බුද්ධ ශාසනයේ චිරස්තිතිය උදෙසා ශාසනයට පූජා කරන ලද වලව් අතර වේ. එසේ වලව්ව  පුජා කල අතර   වලව්වල කුල කුමරුවන්ද මුදලි වරුන්ද  සසුන් ගතවූහ.  මිගමුව කදිරාන උලුඅම්බලම් වත්ත වලව්වේ (ජයසිංහ වලව්වේ) වර්නකුල අල්බට් අරනස්ට් ජයසිංහ මුදලිතුමා ද සම්බුද්ධ ශාසනයේ සසුන්ගතවු සලාගම කුලයේ ප්‍රමුඛ මුදලි වරයෙකි. 


උඩරට පාරිශූද්ධ උභය කුල වලව් තුල රදල කුල කුමරුවන් සසුන්ගතවූ බවක් ඉතිහාසය අනුව පෙන්වා දීමට පුලුවන් කමක් තිබේ ද යන්න ප්‍රශ්නාවලියකි. කෙසේ නමුත් සලාගම බ්‍රාහ්මණ වංශික‍යන් සහ ඔවුන්ගේ වලව්, ඉතිහාසය තුල එම 'පරම ආදර්ශය' රටටම පෙන්වා දී ඇත.


සටහන :- එච්. අනුරූ ද සිල්වා

කරුණාකර උපුටා ගන්නේ නම් කතෘ අයිතිය සුරැකීමට කාරුණික වන්න. ස්තූතියි.

මහා මුදලි වලව්ව

 







" කලුහත් ආර්නොල්ඩස් ද ආබ්‍රේව් රාජපක්ෂ විජයශේඛර මහා මුදලිතුමා " විසින් සඟසතුකොට පූජාකල කොලඹ කුප්පියාවත්තේ  මහාමුදලි වලව්ව හෙවත් "ජයසේකර වලව්ව" සලාගම කුලයට අයත් පැරණි වලව්වකි.


කුප්පියාවත්තේ ජයසේකරාරාමය  ....


මරදාන නගරයට ආසන්නයේ (දෙමටගොඩ) පිහිටි මෙම පුදබිමේ ආරම්භය වර්ෂ 1823 දක්වා යයි. විහාරස්ථානය බවට පත්වීමට ප්‍රතම මෙය මහා මුදලි (ජයසේකර) වලව්වයි. එම වලව්වේ ඉතිහාසය වර්ෂ 1820 ටත් පෙර ඈතට යන්නකි.


ආවාස මන්දිරයක්, දර්ශනීය විහාරගෙයක් හා දේවාලයක්ද සහිත මෙම විහාරස්ථානය, 19 වැනි සියවස් අගභාගයේදී කොළඹ බෞද්ධාගමික පුනරුදයට විශාල මෙහෙවරක් ඉටු කළ සිද්ධස්ථානයකි. අද නවීකරණය වී ඇති මෙය කොළඹ “කුප්පියාවත්ත පන්සල“ නමින්ද ප්‍රසිද්ධය.


කොළඹ කුප්පියාවත්තේ ජයසේකර වලව්ව ✍️


කොළඹ මාළිගාකන්දේ පිහිටි මහ මුදලි වලව්වේ (වර්තමාන කුප්පියාවත්ත ජයශේකරාරාමය විහාරය) දිවි ගෙවූ " කලුහත් අද්‍රියන් ද ආබ්‍රේව් විජයගුණරත්න රාජපක්ෂ මහා මුදලිතුමාට කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය කුරුඳුවත්ත, බොරැල්ල සහ මරදාන යන ප්‍රදේශ  අයත් ව තිබූ අතර ඒවා ඔහුගේ කුරුඳු වගා කළ ඉඩම් ය. ඊට අමතරව ගල්කිස්සේ, ටෙම්ප්ලර්ස් පාරේ සිට වටරප්පල දක්වා කොටස එම මුදලිතුමන්ගේ කුරුඳු වගාවක් පිහිටා තිබූ විශාලත ම ඉඩම බව පැවසේ.


ජූරි සභාවක් සහිතව නඩු විසඳීමේ තනතුරට පත් වූ ප්‍රථම සිංහල විනිශ්චයකාර පදවිය හිමි වන්නේ ද මෙම මහමුදලිවරයාට වන අතර දොළොස් දෙනකුගෙන් යුත් ආරක්ෂක හමුදා ඛණ්ඩයක් මෙන් ම ආණ්ඩුකාරවරයා හැරුණ විට අශ්වයන් හතර දෙනකු බැඳි රියක් භාවිත කිරීමට එකල අවසර තිබුණේ ද ඔහුට පමණක් බව කියැවේ.


ලංකාවේ අවසන් රජු වූ ශ්‍රි වික්‍රම රාජසිංහ රජු සහ බිසවුන් දෙදෙනා ඉංග්‍රීසින්ගේ රැකවරණය යටතේ කොළඹ රඳවා සිටි කාලයේදී එම රාජකීයන් මුණගැසීමට අවස්ථාව මෙම මුදලිවරයාට පමණක් ලැබුණු අතර ඒ අනුව රජ පවුලට අවශ්‍ය  ආහාර වර්ග හා රෙදිපිළි සැපයීමටත් අවසරය හිමි ව තිබුණේ ඔහුට පමණි.


⚡ මෙම වලව්ව අයත් වී තිබුනේ ඔහුගේ සොහොයුරෙකු වන "කලුහත් ආර්නෝල්ඩස්

ද ආබ්‍රේව් රාජපක්ෂ විජයශේඛර මහා මුදලිවරයා" ට වන අතර ඔහුගේ බිරින්දෑ වූ දෝන මරියා ද සිල්වා සිරිවර්ධන ලමාතැනියගේ හදිසි වියෝවෙන් පසු ඇගේ අවසාන කැමැත්‍ත පරිදි වර්ෂ 1823 ඔක්තෝම්බර් මස 25 වන දින මහා මුදලිවරයා විසින් මෙම වලව්ව සඟසතු කොට පූජාකර තිබේ.


කොලඹ කුප්පියාවත්ත ජයශේඛරාරාම පුරාණ විහාරස්තානය ව පවතින මෙම වලව්වේ අද තත්වය .............. ✍️


අමරපුර මහා සංඝ සභාවේ සභාපති මහානායක මාහිමියන්ව වැඩසිටි අති ගෞරවාර්ථ මහෝපාද්‍ය කොස්ගොඩ ධම්මවංස මහා නායක මාහිමිපාණන් වහන්සේ,  තලල්ලේ අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ සහා අමරපුර මහා සංඝසභාවේ උපසභාපති මහානායක මහාහිමිපාණන් වූ අති ගෞරවාර්ථ මහෝපාද්‍ය තලල්ලේ ධම්මානන්ද මහානායක මහාහිමිපාණන් වැනි යතිවරයාණන් වහන්සේද කුප්පියාවත්ත ජයශේඛරාරාමයේ ශ්‍රාස්තීය උන්නතියට විශාල සේවයක් සිදුකල යතිවරයාණන් වහන්සේලාද වෙති. 


පසුකාලීන මෙම ජයශේඛරාරාමය ඉතාමත්ම දියුණු තත්වයට සහ මුලුමහත් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ තත්වයට පත්වූයේ අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ මහානායක සහ මහා සංඝ සභාවේ සභාපති ශ්‍රී මත් මහානායක හිමි වශයෙන් වැඩසිටි අති පූජ්‍ය ගෞරවාර්ථ මහෝපාද්‍ය ත්‍රිපිටකාවාගීශ්වරාචාර්ය කොස්ගොඩ ධම්මවංශාභිදාන මහා නායක මාහිමිපාණන් වහන්සේ වැඩසිටි සමයේය. උන්වහන්සේගේ අපවත්වීමෙන් පසුව විහාරාධිපතිත්වයට පත්වූ අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ මහානායක අමරපුර මහා සංඝ සභාවේ උප් සභාපති මහානායක මහානාහිමිපාණන් වූ අති පූජ්‍ය ගෞරවාර්ථ මහෝපාද්‍ය ත්‍රිපිටකාවාගීශ්වරාචාර්ය කලාශූරී අති ගෞරවාර්ථ තලල්ලේ ධම්මානන්ද මහානායක මහානාහිමිපාණන්ය. මෙම ජයශේඛරාරාමය නූතන යුගයේදී සම්බුද්ධ ශාසනයට මහඟු සේවයක් කල විහාරස්තානයක් බවට පත්වූයේ උන්වහන්සේලා දෙනමගේ කාලපරිච්ඡේදය තුලදීය. 


බලපිටියේ මහා කප්පින වලව්වේ අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ මූලස්ථානය වශයෙන් දීර්ඝ කාලයක් මෙම ජයශේඛරාරාමය විහාරස්ථානය පවත්වාගෙන ගියේය. වත්මන් මහානායක අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ මහානායක අහුංගල්ලේ සිරි සීලවිසුද්ධී මහානාහිමිපාණන්ගේ කාලය තුලදී බලපිටිය මහා කප්පින වලව්ව සීමාමාලක විහාරස්ථානය, සිරි සද්ධම්මවංශ නිකායේ මූල්ස්තානය වශයෙන් අද භාවිතා කරයි. තලල්ලේ ධම්මානන්දාභිදාන මහානායක හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ මහානායක පදවියට,


රන්දොඹේ සංඝරාජ මහා විහාරය, නුරුගල ගංගාරාමය, අකුරල සුවිසුද්දාරාමය (සුදීරාරාමය) පුරාණ මහා විහාරය, අකුරල දූවේ අභිනවාරාමය පුරාණ මහා විහාරය, මග්ගොන ශ්‍රී ජිනේන්ද්‍රාරාමය යන විහාරස්ථාන රැසක මහා විහාරාධිපති වූ අග්ග මහා පණ්ඩිත ගෞරවාර්ථ කොස්ගොඩ ජිනාලංකාරාභිදාන මහා නාහිමිපාණන් පත්වන අතර උන්වහන්සේගේ කාල පරිච්ඡේදයේදී ජයශේඛරාරාමය මූලස්තානය ඉවත්කොට මූලස්ථානය වශයෙන් රන්දොඹෙ සංඝරත්න මහා විහාරය උන්වහන්සේගේ කාලයේදී පැවතුණි.


අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ ආදිකතෘ ලංකාගොඩ සිරි ධීරානන්ද මහානායක මහාහිමිපාණන් අපවත් වූයේද ක්‍රි.ව 1871 වසරේදී මෙම ජයසේකර වලව්වේදීය.


වැඩිදුර විස්තර සඳහා කියවන්න පහත ලිපි 👇


https://m.facebook.com/story.php?story_fbid=489705469293006&id=100047606710994


https://m.facebook.com/story.php?story_fbid=484507929812760&id=100047606710994


https://m.facebook.com/story.php?story_fbid=478552780408275&id=100047606710994


https://m.facebook.com/story.php?story_fbid=496764685253751&id=100047606710994


https://m.facebook.com/story.php?story_fbid=491070582489828&id=100047606710994


සටහන සහ කතෘ අයිතිය :

-  එච්.  අනුරූ තරුමල් ද සිල්වා. උපුටා ගන්නේ නම් කතෘ අයිතිය සුරකින මෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි.

නොතාරිස් වලව්ව , ගල්වෙහෙර

 


' ගල්වෙහෙරේ නොතාරිස් වලව්ව '..

* සලාගම කුලයට අයත් පැරණි වලව්වකි.

ගල්වෙහෙර ඓතිහාසික වටිනාකමකින් යුක්ත නගරයක් වන අතර බුදුසසුනේ තවමත්  ස්තානය නිශ්චිතව සොයා ගෙන නොමැති "සේල චෛත්‍ය" පිහිටි භූමිය බවට අනුමාන කරන ස්ථානයයි. සේල චෛත්‍ය ජනප්‍රවාද යේ අනුව ගල්වෙහෙර පිහිටා තිබෙන බවද නොරහසකි. මෙම ගල්වෙහෙරේ සලාගම  බ්‍රාහ්මණ වංශිකයන් සතු වලව් 7ක් පිහිටා තිබූ බව සදහන් වෙයි . මේවායේ ඉතිහාසය ඕලන්ද සමය දක්වාම ගමන් කරයි. ඒවානම්

පිලිවලින් ...


1.මහා විදානේ වලව්ව 


2.ගොඩැල්ලේ වලව්ව 


3.කුරුඳුවත්ත වලව්ව

 

4.නොතාරිස් වලව්ව 


5.පාරේ වලව්ව 


6.මාකුබුර කප්පින දෙවෙනි වලව්ව 


7.මරදාන වලව්ව 


මෙම  වලව් පෙල පිහිටිමේ සුවිශේෂතාවය නම් එදා  ඇඹලව රහත් ගල්වෙහෙර  නමින් හැඳින්වූ "මලුව පන්සල වටා" මේ සියල්ල පිහිටා තිබීමයි.. මෙම වලව් සියල්ලම  මලුව පන්සලේ මහා කප්පින දායකයෝය.

අද අප විසින් කතා කරන ලියන ගෙදර  වශයෙන්  ප්‍රචලිත  "නොතාරිස් වලව්ව" ත් නොතාරිස් වලව්වට මායිම්ව එම නොතාරිස් වලව්වට ආසන්නයේ "පාරේ වලව්ව" ත් පිහිටා තිබේ . මෙම වලව්ව දෙකම උරුමකරුවන් විසින්  අද වන විට විකුණා දමා තිබේ .

නොතාරිස් වලව්ව වත්මන් හිමි කරුවන්වු වික්‍රමනායක වරු මෙම  නොතාරිස් වලව්ව  ඉපැරැණි ආකරයටම  ප්‍රතිසංස්කරණ ය කර තිබේ.

සටහන :- එච්. අනුරූ ද සිල්වා 

මෙම වලව්වේ ඉතිහාසය පිලිබද විස්තර දන්නා කෙනෙක් වේ නම් කරුණාකර අපව දැනුවත් කරන්න. ස්තූතියි..

සෙනෙවිරත්න වලව්ව , බූස්ස

  දේව නදෝරිස් ද සිල්වා සෙනෙවිරත්න රාළහාමී විසූ ප්‍රතාපවත් නිවහන බූස්ස මහා ගෙදර   " සෙනෙවිරත්න වලව්ව "  මනරම් දර්ශනීය මන්දිරයක් ලෙස...