පරපුරක අභිමානය 🔥
රත්ගම අකුරල මහගෙදර_වලව්ව
සලාගම කුලයට අයත් වලව් ගොන්නෙන් එකකි.
............ ඓතිහාසික රජ්ගම හෑගොඩ මහා වලව්වේ මහා පරම්පරාවෙ මී මුනුබුරකු වූ
" මෙරෙඥ්ඥ කරොලිස් ද සිල්වා ජයරත්න චන්ද්‍රසේකර මාදම්පාගම පලමු මහා විදානආරච්චි " සහ දැඩිමුනි බච්චොහාමි හාමිනේ පදිංචි ව සිටි ඉංග්‍රිසි පාලන කාලයේදී ඉදිකල පෘතුගීසි ලන්දේසි සහ ඉංග්‍රිසි ගෘහ නිර්මාණ ශිල්පය අනුව ගෙවල් සතරක එක ගෙයක් ස්තෝප්පු ආරුක්කු මැද මිදුල ආලින්ද සහිතව උලුසෙවිලි කර හුනුගල් බිත්ති යෙන් ඉදිකර තිබු මෙම නිවස්නය මහා ගෙදර වලව්ව යනුවෙන් ව්‍යවහාර විය. රජ්ගම හෑගොඩ මහා වලව්ව සහ අකුරල රන්නුලු වලව්ව සමග විවාහ යන් අතිතයේදී චාරිත්‍රානකූලව සිදුවිමින් ජන්මලාභය ලද මෙරෙඥඥ තදෙස් ඉංග්‍රීසි ආන්ඩුවේ උසස් නිලයක් හෙබවූ අයකි.
(ඓතිහාසික හෑගොඩ මහා වලව්ව ගැන මෙතනින් කියවන්න 👇)
https://www.facebook.com/100047606710994/posts/491880459075507/?app=fbl
(ඓතිහාසික රන්නුලු වලව්ව ගැන මෙතනින් කියවන්න 👇)
https://www.facebook.com/101259341598331/posts/506449321079329/?app=fbl
ඔහු විවාහ වන්නේ මාදම්පාගම ලංකාගොඩ රාජපක්ෂ මහා වලව්වේ " හල්ජෝති දෙද්‍රික් ද සූසා විජයශ්‍රීවර්ධන ජයතිලක රාජපක්ෂ මහා මුදලිතුමාගේ " ඥති දියනිය ක්වු හල්ජෝති බෙයා ද සූසා විජයශ්‍රීවර්ධන ජයතිලක රාජපක්ෂ තරුණ දියනිය සමග ය.
( ලංකාගොඩ රාජපක්ෂ මහා වලව්ව ගැන මෙතනින් කියවන්න 👇)
https://www.facebook.com/100047606710994/posts/489705469293006/?app=fbl
මෙරෙඥඥ තදෙස් ට සහ හල්ජෝති බෙයා ද සූසා විජයශ්‍රීවර්ධන ජයතිලක රාජපක්ෂට එක් දියනියක් සහ පුතුන් 4 දෙනකි.
ඒ අල්ලිස් , පිලෝරිස් , කරෝලිස් සහ ලව්රා නම් එක් දියනියක්ද වශයෙනි.
ඉංග්‍රිසි ආන්ඩුවෙන් කරෝලිස් නම් උගත් බුද්ධිමත් තරුණ පුතනුවන් වෙත ජයරත්න සහ චන්ද්‍රසේකර යන ගෞරව නාමය ද සමග දකුණු පලාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ මාදම්පාගම පලමු මහා විදානආරච්චි පදවිය ප්‍රධානය කලහ.
මෙරෙඥ්ඥ කරෝලිස් ද සිල්වා ජයරත්න චන්ද්‍රසේකර මාදම්පාගම පලමු මහා විදානආරච්චි රාලහාමි අකුරල මහා ගෙදර වලව්ව කේන්ද්‍රය කොට ගෙන රාජකාරි කරන ලදි. මෙම මහා විදානආරච්චි රාලහාමි ට පිරිමි දරුවන් 4 දෙනෙක් සහ දියනියන් දෙදෙනෙකු විය..
එක් දියනියක්වූ මෙරෙඥඥ සාරිච්චිහාමි ජයරත්න විවාහ වන්නේ මීගමුව කදිරාන උලුඅම්බලමවත්ත ජයසිංහ වලව්වේ
" වර්නකුල සෙමුවෙල් ජයසිංහ විදානආරච්චි රාලහාමි " සමගය.
(කදිරානේ ජයසිංහ වලව්ව ගැන මෙතනින් කියවන්න 👇)
https://www.facebook.com/100047606710994/posts/500231361573750/?app=fbl
එම දෙපලගේ පුත්‍රයා " වර්නකුල අල්බට් අරනස්ට් ජයසිංහ මුදලිතුමාය. මෙම මුදලිතුමා සම්බුද්ධ ශාසනයේ චිරාත් උන්නතියට විශාල ශාසනික සේවයක් කල අතර පසුකලකදී සම්බුද්ධ ශාසනයේ සසුන් ගත පලමු මුදලිතුමා වශයෙන් සදහන් වේ. අනික් දියනිය ව්වාහාවුයේ කිර්තිමත් පවුලක රාජනිතිඥ
" දේමුනි ෆ්‍රැන්සිස් ද සොයිසා පවුලේ ඥති වරයෙක් සමගය. මෙතුමා ගේ එක් පුතනුවන් කෙනෙක් වූ " මෙරෙඥඥ ජොහනිස් ද සිල්වා ජයරත්න මාදම්පාගම් පලාතේ විදානආරච්චි වරයෙකි . පවුලේ බාලම පුතනුවන් වූ " මෙරෙඥඥ තියදොරිස් ද සිල්වා ජයරත්න මදම්පාගම් පලාතේ විදානආරච්චිවරයෙක්ය. මෙම වලව්ව ප්‍රසිද්ධ වූයේ ආගමික සමාජ සේවා සදහාය. නිරන්තරයෙන් හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා නාහිමියන් , මිගෙට්ටුවත්තේ ගුනානන්දනාහිමියන් , බුලත්ගමුවේ මහා නාහිමියන් , බෝපාගොඩ මහා නාහිමියන් , රන්දොබෙ ධම්මාරාම මහා නාහිමියන් , ලංකා ගොඩ සිරි ධීරානන්ද මහානයක නාහිමියන්, දොඩන්දූවේ පියරතන මහා නාහිමියන් , ඔල්කට් තුමා නිරන්තරයෙන්ම පැමිණීමෙන් මෙම ප්‍රදේශයේ පාසල් විහාරස්ථාන ඉදිකර කර තිබේ. මෙම වලව්වේ ඥති දියනියක් සමග විවාහ වූ මාදම්පාගම දෙවෙනි විදානආරච්චි
" ගුනන්දාවඩු ආදිරිස් ද සිල්වා ගුනවර්ධන වික්‍රමරත්න විදානආරච්චි රාලහාමි ද අකුරල ස්වභාශා පාසල ආරම්භ කිරිම ද , ගල්දුව වත්තේ වලව්ව මහා සංඝරත්නයට එය පුජා කිරිම මෙහි ප්‍රතිඵලයකි.
( ගල්දූවවත්ත වලව්ව ගැන මෙතනින් කියවන්න 👇)
https://www.facebook.com/100047606710994/posts/500586621538224/?app=fbl
අමරපුර එක්නැලිගොඩ පාර්ශ්වය ආදිකතෘ බෝගාහපිටියේ නාහිමියන් ද රජ්ගම මලවෙස්සාගොඩ මන්ඩලාරාමයට පැමණීමෙන් අනතුරුව පෙරලා ගිලන්ව කොස්ගොඩ බෝගාහපිටියේ තම විහාරස්ථානයට දෝලාවකින් වැඩම කරන අතරතුර අකුරල මහා වෙල ආසනයේ අපවත්වීමෙන් මෙරෙඥඥ කරොලිස් ද සිල්වා ජයරත්න චන්ද්‍රසේකර මාදම්පාගම පලමු මහා විදානආරච්චි රාලහාමිගේ අශ්වකරත්තයෙන් ශ්‍රී දේහය කොස්ගොඩ බෝගාහපිටියේ
කන්දේවිහාරයට ගෙන ගොස් ආදහන උත්සවය සදහා විශාල කාර්‍යක් සිදුකලහ.
මෙරෙඥ්ඥ කරොලිස් ද සිල්වා ජයරත්න චන්ද්‍රසේකර මාදම්පාගම පලමු මහා විදානආරච්චි රාලහාමි විසින් මාදම්පාගම නදියේ අමරපුර සිරිසද්දම්මවංශ මහා නිකායේ එයිතිහාසික පලමු මහා උපසම්පදාව පිහිටුවීමට මුලික වූයේය.
මෙම වලව්ව හා සම්බන්ද රජ්ගම හෑගොඩ මහා වලව්ව, අකුරල රන්නුලු වලව්ව , කුලිගොඩ මුහන්දිරම් වලව්ව , ගල්දූව වත්ත වලව්ව , මිගමුව උලුඅම්බලම් වත්ත ජයසිංහ මුදලිතුමාගේ ජයසිංහ වලව්ව , ගරුමුනි වලව් සියලුම දෙනා මහා පවුලේ ඥතින්ය. එම පරම්පරාව න් විසින් සම්බුද්ධ ශාසනයට ත් ජතියටත් වෙහෙර විහාර පාසල් පිරිවෙන් අද්‍යපනය ආරම්භ කර සමාජ මෙහෙවරක් සිදුකලහ . මුදලි.මුහන්දිරම් ආරච්චි තනතුරු අද්‍යපනඥයන් විදේශීය රාජ්‍ය තාන්ත්‍රික යන් පරිපාලන නිලධාරීන් දේශපාලඥයන් උගතුන් රාජ නිතිඥයන් සංඝ පිතෘවරයන් වහන්සේලා මෙම වලව්වලින් රටට දායාද කලහ.
අකුරල සුවිශුද්ධාරම පුරාන විහාරය , කුලිගොඩ පුරාන වනවාස රජමහා විහාරය, අකුරල දුවේ අභිනවාරාම පුරාන විහාරස්ථානය, ගල්දූව ගුනවර්ධන යොගාස්‍රමය රන්දොඹේ සංඝරාජ රජමහා විහාරය , මග්ගොන ශ්‍රී ජිනේන්ද්‍රරාමය යන විහාරස්තානයන් ගේ අදටත් මහකප්පින දායකයන්ය.
මෙම මහා ගෙදර වලව්ව කේන්ද්‍රකොට ගෙන වලව්වේ සිරිනේර්ස් ද සිල්වා පන්ඩිත ජයරත්න මුහන්දිරම් රාලහාමි ගේ පියා සහ මුත්තනු වන් වූ මෙරෙඥ්ඥ ජිනිස් සහ මෙරෙඥ්ඥ අල්ලිස් (මහා විදානආරච්චි රාලහාමි ගේ සහෝදයා) තම රුවල් යාත්‍රා වකින් ඉංදියාවේ සිට අකුරල පම්බොක්ක වරයට වඩමවන ලද ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරය අකුරල දූවේ අභිනවාරාම පුරාන විහාරස්ථානයේ රෝපණය කලහ. අදත් ජිවමානව එම බෝදින් වහන්සේ වැඩසිටියි.
(මෙරෙඤ්ඤ පරපුර ගැන මෙතනින් කියවන්න 👇)
https://www.facebook.com/100047606710994/posts/530055381924681/?app=fbl
මෙරෙඥ්ඥ කරෝලිස් ද සිල්වා ජයරත්න චන්ද්‍රසේකර මහා විදානආරච්චි රාලහාමි ගේ පරම්පරාවේ එමානිස් ජයරත්න විදානආරච්චි, ජොහානිස් ජයරත්න විදානආරච්චි, තියදොරිස් ජයරත්න විදානආරච්චි, සිරිනේර්ස් ද සිල්වා පන්ඩිත ජයරත්න, සැමුවෙල් ජයසිංහ විදානආරච්චි, අල්බට් අරනස්ට් ජයසිංහ මුදලිතුමා, ඒ.ද.එස් කනකරත්න මුදලිතුමා , පබලිස් ද සොයිසා වෙද ආරච්චි, ජානිස් ජයරත්න වෙද ආරච්චි, ඩෙවිඩ් ගෙගරි ද සොයිසා පිස්කල් ආරච්චි,මුල්ලෙපිට්යේ මුහන්දිරම් රාලහාමි වැනි ප්‍රභුන් මෙම පවුල වර්ණවත් කලහ.
(කනගරත්න මුදලිතුමා ගැන මෙතනින් කියවන්න 👇)
https://www.facebook.com/100047606710994/posts/508308380766048/?app=fbl
මෙම වලව්ව ඓතිහාසික අකුරල පත්තිනි දේවමෑනියන්ගේ මහා දේවාලයේ පලමු ගම්මඩු උළෙල උත්කර්ෂවත්ව පවත්වා තිබෙන්නේ එමානිස් ජයරත්න විදානආරච්චි රාලහාමිගේ ප්‍රධානත්වයෙන්ය.
ලංකාවේ අන්තිම මුහන්දිරම් රාලහාමි වූ මුල්ලෙපිටියේ මුහන්දිරම් රාලහාමි විවාහ වන්නේද මෙම අකුරල මහගෙදර වලව්වේ මිනිබිරියක සමගය.
(ලංකාවේ අවසාන මුහන්දිරම් වරයා වූ මුල්ලේපිටියේ කම්මන්ති මුහන්දිරම්වරයා ගැන මෙතනින් කියවන්න 👇)
https://www.facebook.com/100047606710994/posts/480768490186704/?app=fbl
ඓතිහාසික මෙම වලව්ව සම්බන්ද ලංකා ගොඩ සිරි ධීරානන්ද අමරපුර සිරිසද්ධම්ම වංශ මහා නිකායේ ආදිකතෘන් වහන්සේ රන්දොඹේ ධම්මාරාම අමරපුර සිරිසද්ධම්ම වංශ මහා නිකායේ මහා නායක වැලිතර සිරි සුදස්සන උප සංඝරාජ අමරපුර සිරිසද්ධම්ම වංශ මහා නිකායේ මහා නාහිමියන් සහ අකුරල ශිලවංශ ලොකු හාමුදුරුවෝ ද මෙම පවුලේ ඥතින් ය.
ඉංග්‍රිසි ආන්ඩුවෙන් ආචාර පවත්වා මෙරෙඥ්ඥ කරොලිස් ද සිල්වා ජයරත්න චන්ද්‍රසේකර මාදම්පාගම පලමු මහා විදානආරච්චි රාලහාමි ගේ ආදාහන උත්සවය අකුරල මහා ගෙදර වලව්ව භුමියේ තැන්පත් කලහ. නමුත් අවාසනාවන්ත ලෙස සුනාමි ව්‍යසනයෙන් මෙම ආරච්චි වරයාගේ සෝහොන් කොත විනාශ වි නටබුන් ද අද සොයා ගැනීමට නොහැක. වලව්වද නව ගෘහ නිර්මාණ ශිල්පය අනුව ප්‍රතිසංස්කරණය කර තිබේ.
මෙම වලව්ව ආරච්චි වරුන් සදහා ඉංග්‍රීසි ආන්ඩුවෙන් ජයරත්න යන ගෞරව නාමය ද පන්ඩිත ජයරත්න යන ගෞරව නාමය ද චන්ද්‍රසේකර යන ගෞරව නාමය ද ප්‍රධානය කර තිබේ.
මාදම්පාගම ඌරවත්තේ ගමේරාලහාමිගේ වලව්වේ ජන්මලාභය ලද අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකායේ මහා නායක මාදම්පේ ධම්මතිලක මහා නාහිමියන් තම ඥති වරයෙක් වූ සිරිනේරිස් ද සිල්වා පන්ඩිත ජයරත්න මුහන්දිරම් රාලහාමි වෙත ධර්ම විනය පාලි සංස්කෘත ඉගෙනුම ලබාදුන්නේ ද මෙම වලව්ව තුලින්ය.
නිමාව .......... 🙏
සැකසීම හා කතෘ අයිතිය :- H.A.T De Silva



No comments:
Post a Comment