" ගුනන්දාවඩු ආදිරිස් ද සිල්වා ගුණවර්ධන වික්‍රමරත්න " මාදම්පාගම දෙවෙනි විදාන ආරච්චි විසින් බුදුසසුනට කැප කල මාදම්පාගම ගල්දූවවත්ත වලව්ව සලාගම කුලයට අයත් වලව් අතරින් තවත් එකකි.
ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමය හෙවත් ගල්දූව ආරන්‍ය සේනාසනය ගල්දූවවත්තේ
" ගුනන්දාවඩු ආදිරිස් ද සිල්වා ගුනවර්ධන වික්‍රමරත්න " මාදම්පාගම දෙවෙනි විදානආරච්චි රාලහාමිගේ ගල්දූවවත්තේ වලව්ව විදානආරච්චි රාලහාමි විසින් තම ගිහි ඥතිවරයෙකුවූ රන්දොඹේ මහා මංගල සමුද්‍රරාම පුරාන විහාරාධිපති (වත්මන් රන්දොබෙ සංඝරාජ මහා විහාරය) රන්දොඹේ ධම්මාරාම අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකායේ තෙවැනි මහා නායක මහා නාහිමියන් ට සහ සතර දිගින් වඩිනා මහා සංඝරත්නය වෙත පුජාකර තිබේ. විදානආරච්චි රාලහාමි ගේ ආරධනාව පිලිගෙන තවද තම මුනුබුරකු වූ වැලිතර සිරි සුදස්සන උප සංඝරාජ මහා නාහිමියන් සාමනේර අවදියේදී රන්දොඹේ ධම්මාරාම මහා නාහිමියන් සමග වස් සමාදන්වූ බව වැලිතොට නම් ගන්ථයේ සදහන් වෙයි. කාලයාගේ ඇවෑමෙන් මෙම විහාරස්ථානය වල් බිහිවූ අතර ආරච්චි රාලහාමි ගේ මිමුනුබුරන් ප්‍රමුඛ දායක සභාවඅතිගෞරවාර්ග කඩවද්දූවේ ජිනවරවංශ නාහිමියන්ට ආරන්‍ය සේනාසනයක් සදහා මෙම පුන්‍ය භුමිය පවරා බාරදුන් බවත් කඩවද්දූවෙ මහා නාහිමියන් මෙම ආරන්‍ය සේනාසනය දියුණු කිරිම සදහා විශාල කාර්‍යක් සිදුකර ඇති බව සඳහන්වේ තවද, නාඋයනේ අරියධම්ම මහා නාහිමියන් ගේ කාලයේදීද සම්බුද්ධ ශාසනයේ චිරාත් උන්නතියට විශාල ශාසනික කාර්‍යක් සිදුවූහ.
" ගුනන්දාවඩු ආදිරිස් ද සිල්වා ගුණවර්ධන වික්‍රමරත්න " මාදම්පාගම දෙවෙනි විදාන ආරච්චි ....... ✍️
මෙතුමා විවාහ වූයේ අකුරල ' මහා ගෙදර වලව්වේ ' මෙරඥ්ඥ සිරිනේරිස් ද සිල්වා පණ්ඩිත ජයරත්න මොහන්දිරම් රාලහාමිගේ නැන්දණිය සමඟයි. එතුමාගේ එක් දියණියක් බලපිටිය ගරුමුණි වලව්වේ " ගරුමුණි හාමිස් ද සොයිසා වික්‍රමරත්න විදාන ආරච්චි රාලහාමී සමඟ විවාහ විය. එම විවාහ විය. බලපිටිය අසුන නියෝජනය කරමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීපත්වූ මන්ත්‍රීවරයා වන ගරුමුණි රොබට් ද සොයිසා මෙතුමාගේ පුතනුවන් වන අතර ගුනන්දාවඩු ආදිරිස් ද සිල්වාගේ මුණුපුරෙකුද වේ. එමෙන් ගරුමුණි ආතර් ද සොයිසා අනෙක් මුණුපුරායි.
✍️ අම්බලන්ගොඩ බලපිටිය බහුමන්ත්‍රී ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ ඉයන් ද සොයිසා ද, කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම " ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයා " ද වූ අතිගරු හර්බට් ශ්‍රී නිශ්ශංක මැතුතුමාද මෙතුමාගේ මී මුණුපුරෝ වෙතී...
✍️ මෙම පවුල කීර්තිමත් පරපුරක් වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධියට පත්වන්නේ මෙතුමාගේ මුණුපුරන් වූ රොබට් ද සොයිසා හා ආතර් ද සොයිසා හා මී මුණුපුරන් වූ ඉයන් ද සොයිසා, හර්බට් ශ්‍රී නිශ්ශංක යන දේශපාලඥයන් විසින් පාර්ලිමේන්තුව නියෝජනය කල කාලවකවානුව තුලදීය.
✍️ මෙම පවුලෙන් රටට දායාද කල පාසල් අතර අකුරල ස්වභාෂා පාඨශාලාව, බලපිටිය සිද්ධාර්ත විද්‍යාලය, කුරුණෑගල ශ්‍රී නිශ්ශංක මහා විද්‍යාලය යන පාඨශාලා රැසක් ද වන අතර ඒ ඇතුලු අද වන විට නම් නොදරන බොහොමයක් පාසල් මෙම පවුලෙන් රටට දායාද වී ඇත.. සහ ඔවුන්ගේන් රටට දැයට ඉටුවූ සමාජ සේවාවවන් මෙතෙක් කියා පවසන්නට බැරිය. බොරු කාඩ්බෝඩ් වීරවරයන් අගයන අද කාලයේ ජාතික වීරවරයන් බඳු මෙවන් අග්‍රගණ්‍ය පරපුරක් නිසි ලෙස ඇගයීමට සහ ගෞරවයට භාජනය නොකිරීම ඉතාමත්ම කණගාටුදායක. සෝචනීයය..
සටහන සහ කතෘ අයිතිය :- එච්. අනුරූ තරුමල් ද සිල්වා




No comments:
Post a Comment