සම්බුද්ධ ශාසනයේ සසුන්ගතවූ පලමු මුදලිවරයා මීගමුව කදිරානේ උලුඅම්බලම වත්තේ ජයසිංහ වලව්වේ
" වර්නකුල ඇල්බර්ට් අර්නස්ට් ජයසිංහ " මුදලිතුමා, සලාගම වංශිකයෙකි.
මීගමුව කදිරාන උලුඅම්බලම වත්ත වතුයායේ ජයසිංහ වලව්වේ ඇල්බට් අර්නස්ට් ජයසිංහ මුදලිතුමා දකුණේ තලල්ලේ කරපුටුගල
" වර්නකුල සමුවෙල් ජයසිංහ විදානආරච්චි " සහ අකුරල මෙරෙඥ්ඥ සාරිච්චිහාමි ජයරත්න හාමිනේ ට දාව ජන්මලාභය ලබන්නේ වර්ෂ 1860 දී අකුරල මෙරෙඥ්ඥ කරොලිස් ද සිල්වා ජයරත්න මාදම්පාගම පලමු මහා විදානආරච්චි ගේ අකුරල මහා ගෙදර (අකුරල මහගෙදර වලව්ව) දී මහා විදානආරච්චි ගේ මුනුබුරෙකු ලෙසය. රන්දොබේ වෙස්ලියන් කොලිජියෙන් පසු කොලබ රාජකිය විද්‍යාලයෙන්ද අද්‍යපනය හදාරාමින් වස්කඩුවේ අභිනවාරාමයේදී රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභුති මහා නාහිමියන්ගෙන් පාලි සංස්කෘත භාෂා පිලිබද ඉගෙනුම ලබාගත් අතර කොලඹ රාජකීය අසියාතික සමිතියේද සාමාජිකයෙක් වීමේ භාග්‍ය උදා කරගන්නා ලදි. සර් රොබට් චාර්මස් ඉංග්‍රීසි ආන්ඩුකාරවරයාගේ කාලයේ දි මුදලි තනතුරට පත්විය. ආතර් වී දියෙස් ඩී.බී ජයතිලක, ඩී.එස්.සේනානායක සමග ජයසිංහ මුදලිතුමාද ධර්මදූත සභාවක් ආරම්භ කලහ. අනගරික ධර්මපාලතුමා සමග මහාබෝධි සංගමය සමග එකතුව සම්බුද්ධ ශාසනයේ චිරාත් උන්නතියට විශාල කාර්යයක් සිදුකලහ. අකුරල මෙරෙඥ්ඥ එමානිස් ද සිල්වා ජයරත්න විදානආරච්චි, මෙරෙඥ්ඥ ජොහනිස් ද සිල්වා ජයරත්න විදානආරච්චි, අකුරල මෙරෙඥ්ඥ තියදොරිස් ද සිල්වා ජයරත්න විදානආරච්චි, අකුරල මෙරෙඥ්ඥ සිරිනේර්ස් ද සිල්වා පන්ඩිත ජයරත්න මුහන්දිරම්, මෙරෙඥ්ඥ ජානිස් ද සිල්වා ජයරත්න වෙදාආරච්චි, දේමුණි පබ්ලිස් ද සොයිසා වෙද ආරච්චි, මුල්ලෙපිටියේ කම්මන්ති හෙරොලියේ ද සිල්වා විජයසිරිවර්ධන මුහන්දිරම්, ගුණන්දාවඩු ආදිරිස් ගුනවර්ධන මහදම්පාගම දෙවෙනි විදානආරච්චි, ගරුමුනි වලව්වේ ගරුමුණි අවිස් ද සොයිසා වික්‍රමරත්න විදානආරච්චි, වැලිතර සිරි සුදස්සන සංඝරාජ මහා නාහිමියන් මෙතුමාගේ අකුරල මව් පාර්ශවයන් ඥාතීන් වෙති..පසුකලකදී සසුන්ගතවු මුදලිතුමා විදේශීය ධර්මදුත සේවයේදි අහාර විෂ වීමක් හේතුවෙන් පෙරලා දිවයිනට පැමිණීමෙන් අනතුරුව රෝගාතුරව අපවත්වී වදාළහ .
සටහන :- එච්. අනුරූ ද සිල්වා

No comments:
Post a Comment