පෘතුග්‍රීසි පාලන සමයේ ඉදිවූ රජ්ගම ඓතිහාසික හෑගොඩ මහා වලව්ව "
සලාගම කුලයට අයත් ඉපැරණි වලව් අතරින් එකකි.
රත්ගම ප්‍රදේශයේ හෑගොඩ නම් එයිතිහාසික ග්‍රාමයකි. ජනප්‍රවාදයේ අනුව සිංහල රජ දවස රහතුන් වහන්සේ ආදහනය කල ආදාහන මලුව හෑගොඩ යයිද ව්‍යවහාර වේ. එම පෙදෙසේ හෑගොඩ මහා වලව්ව මෙන්ම පසුකලකදී ගොඩනැගූ හෑගොඩ අලුත් වලව්වක් ද තිබූ බව සදහන් වෙයි. හෑගොඩ අලුත් වලව්ව අදටත් එම ප්‍රදේශයට ගියවිට ජීවමානව දැකගැනීමට හැකියාව ඇති අතර "හෑගොඩ මහා වලව්ව" නමින් හැඳින්වූ "මෙරෙඤ්ඤ වලව්ව" කාලයේ වැලිතලාව මත සැඟව ගොසිනි.
මෙම හෑගොඩ මහා වලව්ව පෘතුගීසි පාලන කාලයේදී කොස්ගොඩ ග්‍රාමයේ පෘතුගීසි හමුදාවන්ට සේවය කල "කලුහත් කාරලු" නම් අයෙකු විසින් ඉදිකර ඇත. තරුණ සේනාධිනායකයකු වු ඔහුට පෘතුගීසි භාශාවෙන් කපිතාන් යන අර්ථය ඇතිව "මෙරෙඥ්ඥ නම ලබා දෙන්නේය. එතැන් ඔහු "කලුහත් මෙරෙඥ්ඥ" යනුවෙන් හදුන්වා ඇත. ඔහු යුධ සේනාධි නායකයකි. එම සේනාධිනායකයගේ උලු සෙවිලි කල කලුගලෙන් සහ මැටියෙන් පෘතුගීසි ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉදිකල මෙම නිවස
" හෑගොඩ මහා වලව්ව " නම් විය. මෙම වලව්වේ " කලුහත් මෙරෙඥඥ කාරලු වාසල මුදලිතුමා " ජිවත් වූහ. ඔහු සම්බුද්ධ ශාසනයේ චිරාත් උන්නතියට විශාල ශාසනික කාර්යයක් සිදුකල වාසල මුදලි වරයෙකි මෙම වාසල මුදලිතුමා ගෙන් පසුව මුදලි , මුහන්දිරම් ආරච්චි තනතුරු ලද මෙරෙඥ්ඥ පරම්පරාවේ ආරච්චිවරු අතර " කලුහත් මෙරෙඥ්ඥ ගම්වාසී ආරච්චි" කෙනෙකු ගැන සඳහන් වෙයි .එම ආරච්චි වරයාගේ පුත්‍රයා හෑගොඩ මහා වලව්වේ "කලුහත් මෙරෙඥඥ අදොන්චි දුරාහේ" නම් මහා විදානආරච්චි වරයෙකි.
ඔහු විවාහ වන්නේ අකුරල රන්නුලු වලව්වේ රන්නුලු හෙන්චි හෙන්දා හෙවත් " රන්නුලු හෙන්දිරිස් ද සූසා අභයසිරිවර්ඩන " පලාත් ආරච්චිගේ (ක්‍රි.ව 1676 දී) දියනිය වු " රන්නුලු හාමිනා ද සූසා අභයසිරිවර්ධන " සමග ය.
ජනප්‍රවාදයට අනුව මෙම හාමිනා ලමාතැනිය ගමන් බිමනක් යන්නේ තමාවෙත තල්අත්තක් ඔසවාගත් පරිවාර කාන්තාවන් සමගය. හෑගොඩ මහා වලව්වේත් අකුරල රන්නුලු වලව්වේත් ජීවත්වූ මෙම ආරච්චි දෙපලට එක් පුතනුවන් කෙනෙකු වූහ. ඔහු නමින්
" මෙරෙඥ්ඥ තදෙස් ද සූසා අභයසිරිවර්ධන " වූ අතර ලන්දේසි පාලන කාලයේදී ලන්දේසින් ගේ ප්‍රධාන කංකානම්වරයෙකි. එදා එම තනතුර උසස් තනතුරකි. ඔහු අකුරල පදිංචි ව සිටි අතර මොහු ට එක් දියනිය ක් සහ පුතනුවන් 3 දෙනෙකි. දියනිය නමින් ලවුරා වූ අතර පුතනුවන් පිලිවලින් අල්ලිස්, පිලොරිස් සහ කරොලිස් නම් විය. ඉංග්‍රිසි පාලන කාලයේදී "මෙරෙඥඥ කරොලිස් ද සිල්වා" වෙත මාදම්පාගම් පලාතේ පලමු මහා විදානආරච්චි පදවිය හිමිවන්නේ ජයරත්න චන්ද්‍රසේකර යන ගෞරව නාමය ද ගල්දුව ප්‍රදේශයේ රජයේ ඉඩමක් ද සමගය !
හෑගොඩ මහා වලව්ව අදොන්චි දුරාහේ ආරච්චි ගෙන් පසු අභාවයට ගොස් ගරාවැටෙයි.
හෑගොඩ මහා වලව්වේ මුනුබුරන් වූ
" මෙරඥ්ඥ කරෝලිස් ද සිල්වා ජයරත්න චන්ද්‍රසේකර " මාදම්පාගම පලමු මහා විදානආරච්චි විසින් අකුරල "මහා ගෙදර වලව්ව" ලන්දේසි සහ ඉංග්‍රිසි ගෘහ නිර්මාණ ශිල්පය අනුව නිවසේ මැදමිදුල් ඉස්තෝප්පු ආරුක්කු සහිතව නැවත ප්‍රති නිර්මාණය කලහ. එයත් මේහා සමාන සලාගම කුලයට අයත් ඉපැරණිතම වලව්වක් බව මේත් සමඟම මතක් කල යුතුය.
මෙරෙඥ්ඥ කරෝලිස් ද සිල්වා ජයරත්න චන්ද්‍රසේකර මාදම්පාගම පලමු මහා විදානආරච්චිගේ සහොදරයාවු අල්ලිස් සහ ඔහුගේ පුත් ජිනිස් නොහොත් මෙරෙඥ්ඥ ජානිස් ජයරත්න අකුරල තමාගේම "පම්බොක්ක" නම් වරායක් ඉදිකර ඇත.
රුවල් යාත්‍රා කිහිපයක හිමිකරුවෙකුවු ඔහු විදේශීය රටවල යාත්‍රා කරමින් වෙලදාම කරන ලද අතර ඔහු එවකට ප්‍රදේශයේ ධනකුවේරයකු ලෙසින් ප්‍රසිධව සිටියහ. හෑගොඩ මහා වලව්වෙන් පැවත එන මොවුන් අකුරල "මහා ගෙදර වලව්වේ" පදිංචිව සිට හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා නාහිමියන් ද ඇසුරු කලහ. එහි ප්‍රතිඵලය වූයේ ආගමික සමාජ මෙහෙවර සිදුකරමින් තම ඥති දියනිය සමග විවාහ වූ "ගල්දූවවත්තේ වලව්වේ" "ගුනන්දාවඩු ආදිරිස් ද සිල්වා වික්‍රමරත්න ගුනවර්ධන මහදම්පාගම දෙවෙනි විදානආරච්චි" සමග අකුරල ස්වභාෂා පාසල ආරම්භ කිරීමයි . අමරපුර සිරිසද්ධම්ම වංශ මහා නිකායේ මාදම්පාගම නදියේ පලමු උපසම්පදාව පිහිටුවීමට මුලික වු යේද "මෙරඥ්ඥ කරෝලිස් ද සිල්වා ජයරත්න චන්ද්‍රසේකර මහා විදානආරච්චි" බව මේ අවස්තාවේ කිව යුතුයි. කරොලිස් ද සිල්වා ජයරත්න චන්ද්‍රසේකර මහා විදානආරච්චි ගේ පුතනුවන් දෙදෙනෙකු වූ මෙරෙඥ්ඥ තියදොරිස් ද සිල්වා ජයරත්න සහ මෙරෙඥ්ඥ ජොහානිස් ද සිල්වා ජයරත්න පසුකලකදී මාදම්පාගම විදානආරච්චි වරුන් වුයේය. මීගමුව කදිරාන උලුඅම්බලම් වත්ත ජයසිංහ වලව්වේ "වර්නකුල අල්බට් අර්නස්ට් ජයසිංහ මුදලිතුමාද, එතුමාගේ ඥති මුනුබුරකු වූ සිරිනේර්ස් ද සිල්වා පන්ඩිත ජයරත්න මුහන්දිරම් තුමාද, ඥාති මුනුබුරන්වු එමානිස් ද සිල්වා පන්ඩ්ත ජයරත්න විදානආරච්චි ද, දේමුනි පබ්ලිස් ද සොයිසා වෙද ආරච්චිද, ජානිස් ද සිල්වා පන්ඩ්ත ජයරත්න වෙද ආරච්චි ද මෙම පවුලේ සමීපතම ඥාතීන්ය. මුල්ලෙපිට්යේ මුහන්දිරම් රාලහාමිගේ භාර්‍යාව ද මෙම පවුලේ මිනිබිරියකි. මෙම වලව්ව බලපිටිය ගරුමුනි වලව්වේද ඥතින් වූයේ ය. දකුණු වෙල්ලබඩ පත්තුවේ ඒ.ඩී.එස් කනකරත්න මුදලිතුමා ද මෙම පවුලේ දියණියකගේ පුතනුවන් කෙනෙකි. මෙම වලව්ව තුලින් සම්බුද්ධ ශාසනයේ චිරාත් උන්නතියට විශාල ශාසනික කාර්‍යක් සිදුවිය. මෙම පරම්පරාව මුනුබුරන් ශ්‍රී ලාංකීය විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් වූ ෆ්‍රැන්සිස් ජයරත්න සහ ඔහුගේ පුත් දේශබන්දු අජිත් මහේන්ද්‍ර ජයරත්න සහ ආචාර්ය දේශමානය නෙවිල් කනකරත්න වැනි අයද බිහිවුයේ මෙම වලව් පරම්පරාව තුලිනි. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ගරුමුනි වලව්ව තුලින් බිහිවු රොබට් ද සොයිසා රාජ්‍ය මන්ත්‍රනසභා මන්ත්‍රීශ්වරයානන්, ආතර් ද සොයිසා , ඉයන් ද සොයිසා යන පාර්ලිමේන්තු මන්ත්‍රී වරු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ ගරුමුණි හර්බට් ශ්‍රී නිස්සංක (කුරුණෑගල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුමා) ද, ශ්‍රී ලාංකීය ජනතා වට විශාල කාර්‍යක් සිදුකල ජනතා නායකයාණන් වූහ.. වෙලිතර සිරි සුදස්සන උප සංඝරාජ මහා නාහිමියන් ද මෙම වලව්ව සමග සහ වලව් කිහිපයක ගිහි ඥතිවරයෙක්ය. හෑගොඩ මහා වලව්ව ඉතිහාසය සමග අකුරල "මහා ගෙදර වලව්ව" සහ තවත් ප්‍රධාන වලව් කිහිපයක්ම ඥතින් වුයේය. මෙම වලව්වල ප්‍රධාන ආදයම් වුයේ කුරුදු ඉඩම්ය. අද්‍යපනික සමාජ සේවා සහ සම්බුද්ධ ශාසනයේ චිරාත් උන්නතියට විශාල ශාසනික කාර්‍යක් සිදුකලේ මෙම වලව් වලිනි. හෑගොඩ මහා වලව්වේ සිට අකුරල මහා ගෙදර වලව්ව, අකුරල රන්නුලු වලව්ව,
ගල්දුවවත්තේ වලව්ව, ගරුමුනි වලව්ව එම කැපී පෙනුන වලව් අතරවේ. ඔවුන් ගොඩනගාගත් අන්‍යෙයෝන්‍ය ඥති සම්බන්දතා මත විශාල කාර්‍යක් රටටද සමාජයටද සිදුවිය..අදටත් කනගටුවට කරුන නම් රජ්ගම හෑගොඩ මහා වලව්ව පිලිබද නටබුන්වත් දැකිය නොහැකි විමයි ....
අද මෙම වලව්ව තිබු ස්තානයක්වත් සොයා ගැනීමට නොහැකි වීම ඉතාමත් දුක්ඛිත තත්වයකි. එමෙන්ම ඒ පිලිබඳව කිසිම විස්තරයක්ද අපට හමු නොවුණි.
(දන්නා අය සිටිය හැක) කෙසේ වෙතත් අකුරල රන්නුලු වලව්ව අදටත් දැක බලාගැනීමට නිරුපද්‍රිතව ඉතිරිවී තිබීමම සලාගම වංශිකයන් ලෙස අපලද සුවිශේෂී ජයග්‍රහණයකි.
"කලුහත් මෙරෙඥඥ ද සිල්වා පණ්ඩිත චන්ද්‍රසේකර" යන වරින්වර ලැබුණ ගෞරව නාම මෙම පරම්පරාවට සම්බන්ධ සමහර ඥතීන් විසින් පාවිච්චි නොකිරීම නිසා ජයරත්න යන නාමය පමණක් නව පරම්පරාව පාවිච්චි කරනු ලද බව වත්මන් පරපුර සොයා යෑමේදී අපට දැක බලාගත හැකිවිය ....
සැ.යු :- පහත ඡායාරූපය මෙම වලව්ව සම්බන්ධව නොවන බවත් , රත්ගම හෑගොඩ ප්‍රදේශයේ ඉපැරණිවූත් මෙම වලව්ව ගරාවැටී විනාසවී යාම හේතුවෙන් අදවනවිට දක්නට නොමැති බවද, බොහෝ දෙනෙකු විසින් පටලවා ගන්නා අදටත් දැකගති හැකි රත්ගම හෑගොඩ "අලුත් වලව්ව" මෙය "නොවන" බවද,
මෙම වලව් පෙලපත සම්බන්ධව අප කල පර්යේෂණාත්මක සිද්ධි අධ්‍යනයේදී සොයාගැනීමට හැකිවූ තොරතුරු වලට අනුව සැකසූ ලිපියක් බවද සලකන්න !
මෙම ලිපිය සම්බන්ධ පූර්ණ වගකීම සහ කතෘ අයිතිය අනුරූ ද සිල්වා වන මා විසින් දරන හෙයින් ලිපිය උපුටා ගන්නේ නම් කතෘ අයිතිය සුරකින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ස්තූතියි.

No comments:
Post a Comment