Monday, 5 September 2022

ක්‍රි.ව 1793 කුරුඳුවත්ත වලව්ව, ගල්වෙහෙර

 


" කලුහත් බිලියඩ් ද ආබ්‍රේව් අබේසිංහ රාජපක්ෂ  ,
කලුහත් ඇලෙක්ස්සෙන්ඩර්  ද ආබ්‍රෙව් අබේසිංහ වාසල මුදලි වරුන්ගේ නිවහන
ගල්වෙහෙර කුරුදුවත්තේ වලව්ව 
සලාගම කුලයට අයත් පැරණි වලව්වකි.

ගල්වෙහෙර  මහා වලව්වේන් පසු වැදගත්  සමාජ  මහේවරක් සිදු වුයේ ගල්වෙහෙර  කුරුදුවත්‍ත වලව්වේනි. මෙම වලව්ව  විශාල  ඉඩම් පරිශ්‍රයක මනස්කාන්ත  කදුගැටයක පිහිටා තිබේ  අද මෙම  වලව්ව ජිවමානව  දර්ශනය වුවත්   කනගාටුවට කරුණක් වන්නේ වර්තමානයේ  මෙම වලව්වේ  ජිවත්වන්නේ එම වලව්වේ පෙලපතේ අය නොවීමයි. මෙම වලව්වේ පසු කාලින පරම්පරාව විසින් වලව්ව සහ ඉඩම විකුණා දමා තිබේ . මෙම වලව්ව ආරම්භය ක්‍රිස්තු වර්ශ  දහඅටවෙනි සියවස  දක්වා  කාලයක් දිස්වේ. මෙම  වලව්ව  ගල්වෙහෙර මහා වලව්වේ   ඥතින් ය. එදා  මෙම වලව්වේ  සමාජ සත්කාර ගල්වෙහෙර  වැලිතොට සහ අසුන්ගලු ප්‍රදේශයේ බහුතරයක් වෙහෙර විහාරස්ථානයන්ටද සලාගම වංශයේ ජනතා වටද නොපිරිහෙලා ඉටුකල අතර මෙම වලව්ව ආරම්භ කයාවුයේ කලුහත් එලෙක්ස්සෙන්ඩර්  ද ආබ්‍රෙව් අබේසිංහ වාසල මුදලිතුමාය. මෙම මුදලිතුමා ගේ භාර්යාව වු යේ  ලුව්සා ද මෙන්දිස්  විරසිංහ  ලමාතැනියයි. එම දෙපල ගේ  පිරිමි දරුවන් දෙදෙනා ගෙන්  එක් පුතනුවන් කෙනෙක් වු කලුහත් එලෙක්ස්සෙන්ඩර්  නිකලස් ද ආබ්‍රෙව් අබේසිංහ  හාමු මහත්මයා විවාහ වුයේ මිගමුව  රාජ්‍ය මන්ත්‍රනසභා මන්ත්‍රීශ්වරයානන් වු ඒ.එඩ්මන් රාජපක්ෂ  වාසල මුදලිතුමා ගේ  දියනිය  සමග ය  නිකලස් ද ආබ්‍රෙව් අබේසිංහ  හාමු මහත්මයා  එක්සත් ජතික පක්ෂයේන් මිගමුව පලමු  නගරාධිපති වරයාවු මෙතුමා 1952 සහ 1956 එක්සත් ජතික පක්ෂයේ මිගමුව පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා විය . ඔහු මිගමුව අබේසිංහ පුර  නිවාස යෝජනා ක්‍රම යේ  නිර්මාතෘ වරයාය. මිගමුව  මැග්ඩලින් වලව්ව ද සමුපකාර ගොඩනැගිල්ල ට ලබාදුන්  මෙතුමා  බලපිටිය දරුවන්ට දායාද කල  වතුරෙගම අබේසිංහ බාලිකා විද්‍යයාලයද  අද බලපිටි  මාතාවට අහිමිවි මත් කනගාටුදායක යි  එයිතිහාසික බලපිටිය ගල්වෙහෙර  කුරුදු වත්තේ වලව්ව අද උරුමය ගිලිහී වලව් පැලන්තියට අහිමිය.

සටහන :- එච්. අනුරූ ද සිල්වා

No comments:

Post a Comment

සෙනෙවිරත්න වලව්ව , බූස්ස

  දේව නදෝරිස් ද සිල්වා සෙනෙවිරත්න රාළහාමී විසූ ප්‍රතාපවත් නිවහන බූස්ස මහා ගෙදර   " සෙනෙවිරත්න වලව්ව "  මනරම් දර්ශනීය මන්දිරයක් ලෙස...