Monday, 5 September 2022

ක්‍රි.ව 1750 අඹගහපිටිය වලව්ව


ලංකාවේ වලව් අතරින් සඟසතු වූ පලමු වලව්ව ........

 වසර 270 කටත් වඩා පැරණි  බලපිටිය සලාගම කුලයේ " හල්ජෝති දිනෙස් ද සොයිසා විජය ශ්‍රී වර්ධන සහබන්දු " මුදලි තුමාගේ නිවහන " අඹගහපිටිය වලව්ව " 

එවකට අඹගහපිට්ය පන්සල ක් නොවිය අඹගහපිට්ය වලව්ව සහබන්දු මුදලිතුමා වාසයකල වලව්ව ය. ශ්‍රී ලංකා වේ  වලව් අතරින් සඝසතු වෙන පලමු වෙනි ව්හාරස්තානය මෙම අඹගහපිට්ය සහබන්දු වලව්ව හෙවත් අඹගහපිටිය වලව්වයි. වලව්වේ ඉතිහාසය ක්‍රි.ව 1750 ටත් එහා දිව යයි. වැලිතොට සුගතසස්නොද්‍ය පිරිවෙන ද මෙම විහාරස්ථානයේ පුරාන යේ සිට පවත්වාගෙන යයි  අමරපුර මුලවoසනිකයේ මුලස්ථාන ය මෙම විහාරස්ථානයයි මෙම විහාරස්ථානයේ අමරපුර  නිකායේ  එයිතිහාසික පුස්තකාලය ද පිහිටා තිබේ  මහා පඩිරුවනක්වු අහුන්ගල්ලේ විමල කිත්ති තිස්ස මහා යතිවරයනෝ මෙම විහාරස්ථානයේ දියුනුවට විශාල කාර්‍යක් සිදුකල මහා නාහිමියන් කෙනකි.අමරපුර උත්තරීතර මහා නිකායේ සභාපති මහා නායක නාහිමියන් වු අග්ගමහ පන්ඩ්ත ගෞරව මහෝපාධ්‍ය අහුන්ගල්ලේ විමල නන්දි තිස්ස මහා නාහිමියන් ටද මියන්මාර බුරුම රාජ්‍ය අග්ගමහ පන්ඩ්ත ගෞරව උපාධිය පිරිනමා ගෞරව කලහ .මෙම විහාරස්ථානයේ වත්මන් විහාරයාදිපති න් වහන්සේ වුයේ  රාජකිය පන්ඩ්ත ගෞරව මහෝපාධ්‍ය අහුන්ගල්ලේ විමල ජිවතිස්ස ප්‍රධාන සoඝ නායක නාහිමියන් ය.අමරපුර මුලවoසනිකයේ අභිනව මහා නායක  අහුන්ගල්ලේ විමල ඩම්ම තිස්ස  මහා  නාහිමියන්  නිකායේ දියුනුවට විශාල කාර්‍යක් සිදුකරමින් සිටි .


එයිතිහාසික  බලපිටිය  වෙලිතර අම්භරුක්කාරාම මුල මහා ව්හාරය වෙලිතර සහබන්දු මුදලිතුමා ගේ වලව්ව යි අමරපුර මහා  නිකායේ  ආදිකතෘ වෙලිතොට මහා කරාවේ  ඥනවිමලතිස්ස සoඝරාජ මහා නාහිමියන් බුරුම රාජ්‍ය යේ ස්වර්නගුහා නම් සිමාමාලකයේදි අදිශිල සoඛියාත ශුද්දොපසම්පත්තිය උපසම්පදාව ලබාගත් සoඝරාජ නාහිමියන් අමරපුර මහා නිකායේ මුලස්ථාන වශයෙන් මෙම විහාරස්ථානය වශයෙන් පරිහරණය කල හ.

සටහන :- එච්. අනුරූ ද සිල්වා

No comments:

Post a Comment

සෙනෙවිරත්න වලව්ව , බූස්ස

  දේව නදෝරිස් ද සිල්වා සෙනෙවිරත්න රාළහාමී විසූ ප්‍රතාපවත් නිවහන බූස්ස මහා ගෙදර   " සෙනෙවිරත්න වලව්ව "  මනරම් දර්ශනීය මන්දිරයක් ලෙස...